online-liquer-distribution-approved

පසුගිය දිනවල කථාබහට ලක්වූ සුපිරි වෙලෙදසැල් මගින් අන්තර්ජාල ඇණවුම් හරහා මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමය ගැන ඉදිරිපත් කළ යෝජනාවකට සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය හරහා අවසර ලබා දී තිබෙයි.  සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි සඳහන් කර ඇත්තේ කොන්දේසි කිහිපයකට යටත්ව මෙම අවසරය ලබාදුන් බවයි.





එම කොන්දේසි නම්

  • මත්පැන් අලවිකරුවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා පළමුව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍යවීම
  • කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් වීම
  • මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින් බව තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම