
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑම් අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පරේෂණ සංවිධානය පවසයි. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇගවිම් නිවේදනයේ දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර සහ ඉංගිරිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කිරිඇල්ල, ඇලපාත, කලවාන, අයගම සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ. එම ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්‍ෂණ පවතින ප්‍රදේශවල, කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය කියයි.
කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval