waskaduwa-incident-covid-funeral

කොරෝනා මළ සිරුරු ආදාහන කටයුත්තක් එසේ නොවන ආදාහනයක් අතරතුර පමාවී සිදුකරන්නට ගිය අවස්ථාවක් මතුවීම නිසා ඊයේ වස්කඩුව ආදාහනාගාරයේ කලබලයක් මතුවී තිබේ.
මේ හේතුවෙන් කොවිඩ්-19 වයිරසය වැළඳී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (22දා) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන යන්නට සිදුවූ බව ආදාහනාගාර පාලකවරයා පැවැසීය.
මියගොස් ඇති පුද්ගලයාගේ මළසිරුර දහවල් 12ට ආදාහනය කිරීම සඳහා පවුලේ ඥාතීන් ආදාහනාගාරය වෙන්කරවා ගෙන දහවල් 11.30 සිට සුසාන භූමියේ රැඳී සිට ඇති අතර,

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රමාදය හේතුවෙන් දේහය රැගෙන එනු ලැබුවේ පස්වරු 2ට පමණය. පස්වරුවට ආදාහනය කිරීම සදහා වෙන්කර තිබූ කුඩා වස්කඩුව ප්‍රදේශයේ කොරෝනා නොවන මෘත දේහය හතළිහකට ආසන්න පිරිසක් සමඟින් පස්වරු 1.50ට පමණ රැගෙන විත් තිබූ අතර ඔවුන් සුසාන භූමියේ සිටියදීම පෙරකී කොරෝනා නිසා මියගිය අයගේ දේහය රැගත් ගිලන් රථය සුසාන භූමියට ඇතුළු කර තිබේ.
ගිලන් රථයේ කොවිඩ් දේහයක් තිබෙන බව දැනගත් ආදාහනාගාරයේ ඉදිරිපිට රැදී සීටී පිරිස කලබලවී සීසීකඩ දිවයන අයුරු  වාර්තාවිය. පසුව ආදාහනාගාර පාලක ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියෙක් ඇමතීමෙන් පසු වස්කඩුව ප්‍රදේශයෙන් රැගෙන ආ දේහය ආදාහනය කළ අතර, කොවිඩ් දේහය අයත් ඥාතීන් අසීරුතාවට පත්ව සුසාන භූමියේ රැදී සිටි අයුරු දැකගත හැකිවිය.
සෞඛ්‍ය බලධාරීන්ගේ අතපසුවීමෙන් දෙපිරිස අපහසුතාවට ලක්වී ඇති බැවින් කොඩි දේහය පස්වරුවේ ආදාහනය කිර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර පසුව වෙනත් වේලාවක් ලබාගන්නට කථාකරගෙන ිතබේ.
මෙසේ රැගෙන ගියේ මොරොන්තුඩුව, ගෝනදුව ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී. ජයසේන (85) නමැති පුද්ගලයකුගේ මෘත දේහයකි.

පොතුපිටිය - සුමිත් රණවක