
වාද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දන්වා තිබේ.
පසුගිය දිනවල විවිධ ශාරීරික අපහසුතා පෙන්වූ ස්වාමින් වහන්සේලාට සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව මෙය සනාථ වී ඇත.
විහාරස්ථානයේ වැඩ වසෙන ස්වාමීන් වහන්සේලා රෝගී තත්ත්ව පෙන්නූ පසුව නිතර පන්සලට යන එන දායක සභාවේ ගිහියන්ද පරීක්ෂාවට ලක් කළ අතර ගිහියන් තුන් දෙනෙකුට රෝගය වැළඳී ඇති බව සොයාගෙන ඇත.
ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහියන් යුද හමුදා බස්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවද මහජන පරීක්ෂක සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval