veena-jayakody-youtube

තරුණ කාලේ සිනමා පත්තර බලන්න තිබුනේ පුදුමාකාර පිස්සුවක්. අතට අහුවෙන ඕනම පත්තරයක් මුල ඉඳන් අගට කියවනවා.. එක දවසක් පත්තර බලනකොට තිබුණා රැජිනකගේ කිරුළ පැහැරගත් වීණා කියලා.. ඇය ඇත්තටම රැජිනක් කිරුළක් දරන රැජිනක්.. ආදරෙන් ඔබව පිලිගන්නවා වීනා ජයකොඩි..


මට දැනගන්න ඕන ඔබේ සම්පූර්ණ නම?

වීණා ජයකොඩි, ඒක මට සිනමාවට ආපුහාම දාපු නම. ඊට ඉස්සෙල්ලා මගේ නම වර්ජිනිස් සන්ධ්‍යා පීරිස්..


ඇය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතාබහකට එකතු කරගන්න හරිම අමාරු චරිතයක්.. මොකද මේ මිනිස්සු අතරට  ජනමාධ්‍යට එන්න අකමැති?

යූටියුබ් එක කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. නමුත් දැන් යූටියුබ් එක කියන්නේ මනුස්සයෙක්ට අවශ්‍ය දෙයක්වත් බලන්න පුළුවන් තැනක් නෙමෙයි. හොඳ දේවල් කරද්දී හොඳ දෙයක් බලන්න මිනිස්සු ඔන් කරනකොට ඒකෙ අනවශ්‍ය දේවල් වැඩියි.. මම අර කිව්වත් වගේ පච වෙලා තියෙන්නේ.. ඉතින් මම ආස නෑ ඒ වගේ තැන් වලට ගිහිල්ලා මගේ කතාබහ දාලා මමත් අර ලෙවල් එකට වැටෙන්න .සෙල්ෆි අරගෙන යූටියුබ් එකේ දාන ඒවට මම කැමතිම නැහැ. මම කිසි දෙයක් දාන්නෙත් නැහැ. මට ෆේස්බුක් නෑ මම එක පාවිච්චි කරන්නෙත් නෑ.. ඇත්තටම මම යූටියුබ් දාන්නෙ මගේ අර ආගමේ යාඥාවන් තියනවා, මෙහෙයවල් තියෙනවා ඒක දාන්න. ඉතින් මට දුක හිතෙනවා සමහර වෙලාවට මම ඒක දාන්න ඔන් කරනකොට මේ ලෝකෙ වැඩක්ම නැති දේවල් යූ ටියුබ් එකේ තියෙනවා. ඉතින් මම කවුරුහරි ඉන්ටවිව් කරන්න ඕනේ කියලා කිව්වහම මම කියන්නේ මම කැමති නෑ කියලා .මොකද එහෙම පේනකොට මට හිතෙනවා නිකන් චීප් වෙනවා වගේ ගතියක් මට දැනෙනවා..




වීණා ජයකොඩිගේ උස?

පහයි හතරමාරක් වගේ..

එතකොට බර?
කිලෝ 62යි..

ඉගෙන ගත්තෙ කොයි ඉස්කෝලෙ ද?

මම පුංචි කාලේ ඉඳන් ඉස්කෝල තුන හතරකට ගිහිල්ලා තියෙනවා. අනුලා එකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සෙන්ජෝසප් නුගේගොඩ. ඊට පස්සේ කොටහේනේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට මම අවුරුද්දක් වත් හිටියේ නැහැ. මම දඟ නිසා මාව ගිහිල්ලා බෝඩිං කළා. එච්චරටම දගයි. ඉතින් කොහොම හරි අසනීප වුණා මට යන යන සැරේට අසනීප වෙනවා. ඒක නිසා ගෙදර ගේන්න සිද්ධ වුණා .ඊට පස්සේ තමයි holy family බම්බලපිටිය ඒකට ගියේ.


ඉස්කෝල පහක හයක විතර අධ්‍යාපනය ලබලා තියෙන වීණා ජයකොඩි මහත්මිය පවුලේ තොරතුරු මොනවාද?

මට අක්ක කෙනෙක් ඉන්නවා ,අයියා, මල්ලි අපි හතර දෙනා තමයි අපේ පවුලේ .අම්මයි ආච්චි හිටියේ. ඒගොල්ලෝ දැන් ජීවතුන් අතර නැහැ. මගේ අම්මයි තාත්තයි වගේ ඒ දෙන්න තමා හිටියේ.


අම්මා බොහොම ජනකාන්ත සිනමාවේදිනියක්. ඇය රෝහිණී ජයකොඩි. මම හිතන්නේ ඇගේ ආභාෂය ඔබට ලැබෙන්නට ඇති?

ඇත්තටම ඉතිං අම්මගේ තිබුණ හීනයක්. එයා එදා ඉදන්ම මාව හම්බෙන්න ඉස්සෙල්ලා ඉඳන්ම එයාගේ ඔළුවේ තිබුණේ එයාට ගැහැණු දරුවෙක් හම්බවුණත් නිළියක් කරනවා කියලා. ඒක මම හිතන්නේ එයා මොකක් හරි චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා ඒකේ ඉඳලා තියෙනවා සන්ධ්‍යා කියලා actress කෙනෙක්. ඒකෙදි තමයි එයා හිතලා තියෙන්නේ මට දුවෙක් වුණොත් මම එයාව නිළියෙක් කරනවා කියන එක තිබුණා. ඉතින් ඒ වගේම මම පුංචි කාලේ ඉඳන්ම එයා මාව මේ වගේ දේවල් වලට ස්විමින් ද ,නටන්න ද ඒ වගේ හැමදේකටම ඉස්සරහට මාව තල්ලු කළා.. එයාගේ dream එක තමයි අද මම මෙතන ඉන්නේ.


ඔබ දැන් මේ මොහොත වනවිට විවාහකද අවිවාහක ද?

මම විවාහකයි අවිවාහකයි කියන දෙකම කියන්න පුළුවන්. මොකද මගේ ස්වාමිපුරුෂයා අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා නැති වුණා. ඉතිං විවාහක තනිකඩ ජීවිතයක් ගතකරනවා.


තනිකඩ කියන එකට එකඟ වෙන්න බැහැ. මම හිතන්නේ ඔබ දූදරුවන්ගේ ආදරේ බොහොම ලබන කාන්තාවක්?

ඔව් ඇත්තටම මම වාසනාවන්තයි. මගේ දරුවෝ මුනුපුරෝ, මිනිබිරියෝත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මගේ දොරෙන් එහා පැත්තෙ ඉන්නෙ මගේ දුව. එයාගේ දරුවෝ දෙන්නයි මගේ බෑනා අපි ඔක්කොම ඉතින් අපේ ගෙදර අයිය ඉන්නව බොහොම සතුටින් ඉන්නවා.


දැන් විවාහය ගැන ඔබ දරන අදහස මොකක්ද ? ඔබ විවාහ වෙච්ච කාන්තාවන් එක වරක් ,දෙවරක් විවාහ වෙලා තියෙනවා ඔබේ අදහස මොකද්ද?


විවාහය කියන්නේ එකිනෙකා තේරුම් ගැනීම .නැත්තම් විවාහය වැඩක් නෑ. අනිත් එක තමයි විවාහයේදී අපි අනික්කෙනා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕනෙ ,දරුවන් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕනෙ කිසි දෙයක් බලාපොරොත්තු නොවී. එක තමයි තියන ලොකුම දේ .නමුත් අවාසනාවන්ත විදිහට සමහර වෙලාවට විවාහයේදී එක පැත්තක් giving කරත් අනිත් පැත්තෙන් සමහර වෙලාවට ඒක වෙන්නේ නැහැ .එතකොට ඉතින් ඉවසීම කියන එක සීමාවක් වෙනවා .ඉතින් ඒ වගේ ඉන්නම බැරි තත්ත්වයක් ආවොත් ඉතින් ඒක දෙදරලා යනවා. කරන්න දෙයක් නෑ. වෙන් වෙනවා


දැන් අපි සිනමාව ගැන කතා කරමු පළමු චිත්‍රපටය?

මගේ අම්මා රෝහිණී ජයකොඩි ඉස්සෙල්ලම රඟපාපු චිත්‍රපටයට මට වාසනාව තිබුණා එයාගෙම දරුවෙක් හැටියට ඒ චිත්‍රපටය රඟපාන්න. හැබැයි ඒකෙ ගෑනු දරුවෙක් නෙමෙයි පිරිමි ළමයෙක්. කොහොමත් වෙනසක් න ඉතින්.. ඉතින් මට වාසනාව තිබුණා  ඒ චිත්‍රපටය ඉස්සෙල්ලම ඉඳගත්තේ ,ඉස්සෙල්ලම කතා කළේ ,ඉස්සෙල්ලම ඇවිද්දේ,ඒ  චිත්‍රපටය. ඒ වගේ මට මතකයි හියුගෝ මාස්ටර් ඒ චිත්‍රපටියෙ මගේ තාත්තට හිටියේ. මාව හොරෙන්  උස්සගෙන යනකොට මං කෑගහලා තාත්තේ කියලා කියලා තියෙන්නේ එයාට ඉස්සෙල්ලම. මට මතකයි එයා interviews වල දී හුඟක් වෙලාවට කියනවා ඔය වීණා ජයකොඩි දැන් ලොකු නිළියක් වෙලා ඉන්න කෙනා මට තමයි ඉස්සෙල්ලම තාත්තගේ කියලා කතා කරේ කියලා.
එතකොට විල්සන් වාස් .මාත් එක්ක මාව ඇවිද්දේ එයාගේ අතින්. මාව පිඹුරෙක් ලඟට දාලා ගැටගහලා යනකොට මම දුවනවා.. එතකොට එතනදි තමයි මම ඉස්සෙල්ලම ඇවිදලා තියෙන්නෙ. ඉතිං ඇත්තටම මම වාසනාවන්තයි.



එතකොට ඒ ළදරු වියේදී.. ඊට පස්සේ ඔබ ‍ප්‍රධාන චරිතයකින් සිනමාවට සම්ප්‍රාප්ත වුනා?

ඊට ඉස්සෙල්ලා මම ඉස්කෝලෙ යන කාලෙදි කොහොමද වැඩේ චිත්‍රපටයේ ඉස්කෝලේ යන කාලෙදි මට අවස්ථාව හම්බවුණා. ඒ චිත්‍රපටය තුළ තිබුණා වෙසක් නාට්‍යයක්. එතකොට මේගොල්ලෝ නාට්‍ය බලන්න යනකොට මමයි විනිරන්වලයි තමයි කුස පබා කියන නාට්‍යයේ රඟපෑවේ.  ඊට පස්සේ මගේ අම්මා අධක්ෂණය කරලා නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් හැංගිහොරා .එකේ හරිම popular සිංදුවක් තමයි හංසරානී .එකෙ group dance එක මම නැටුවා.. ඊට පස්සේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ වෘත්තීය නිළියක් හැටියට මම සිනමාවට ආවේ අප්සරා චිත්‍රපටයෙන්.


කොච්චර විතර චිත්‍රපට සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද?

සියක් කිට්ටු කරලා තියෙනවා.. ඊට වැඩිය කරලා තියනවා සමහර ඒවා ඇවිල්ල නෑ, සමහර ඒව මගදී නැවතිලා තියෙනවා, සමහර ඒව පටන් ගත්තා විතරයි කරන්න බැරි වෙලා පෙන්නන්න බැරි වෙලා තියනවා.



ඔබ චිත්‍රපට වලට විතරක් නෙමෙයි වේදිකාව ටෙලිනාට්‍ය මෙ හැම ක්ෂේත්‍රයකටම සම්බන්ධයි වේදිකා නාට්‍ය කොච්චර ක විතර රඟපාලා තියෙනවද?

වේදිකා නාට්‍ය මම කොහොමත් හතරක් පහක් විතර කරලා තියෙනවා..


එතකොට ටෙලි නාට්‍යය කොච්චරක විතර රඟපාලා තියෙනවද?
ඒක නම් මතක නැහැ


මම ආයිමත් යනවා කතාව පටන් ගත්ත තැනකට රැජිනකගේ කිරුළ පැහැරගත් වීණා. ඔබව මේ විදියට හඳුන්වන්න ලැබුවේ මොන හේතුවක් නිසාවෙන් ද ?මාලනී ෙෆාන්ෙස්කා මහත්මීය ඒක දිගටම සම්මාන උළෙල වල දක්ෂතම නිලිය විදියට සම්මාන ලැබුනා. නමුත් ඔබට එක සම්මාන උළෙලකදී සම්මානයක් හිමි වුණා. ඒ රැ මනමාලි චිත්‍රපටයට.

මම හිතන්නේ මම ඇවිල්ලා ඔය පස්වෙනි  දහය ඇතුළත ඔය චිත්‍රපටය කළේ. ඉතිං මුල්ම කාලෙදී මට මේ චිත්‍රපටය ලැබෙනකොට මම හුඟක් තරුණයි. ඉතිං ඒකෙදි තිබුනේ හැට ගාණක් වයසෙ චරිතයක් කරන්න .ගාමිණි ෆොන්සේකා මහත්මයා මට කිව්වා මේක කරන්නේ කියලා. නමුත් මම ටිකක් බය උනා ඇත්තටම බය උනා. මොකද ඒ වයසට චරිත කරන්න මට පුළුවන් ද කියන එක හිතුනා. ඊට පස්සේ ඒය කිව්වා නෑ ඔයාට කරන්න පුළුවන්. හරියට කලොත් මේකට සම්මානයක් ගන්න පුළුවන් කියන වචනෙත් කිව්වා.  මම එතුමාට මේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මොකද මට තිබිච්ච බය කොහොම කොහොම හරි හදලා හැම කෙනෙක්ගෙන්ම ලැබුණු සහයෝගය ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා මහත්මයා  රඟපාන්නෙ නැතිව අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය තමයි ඒක .රවින්ද්‍ර රන්දෙණිය මගේ opasit කළා. ඉතිං ඒ චරිත රඟපාන්න මට හැමෝගෙම සහයෝගය ලැබුණා. මට බය වෙච්ච ගතිය එහෙම්මම නැතිවෙලා ගියා බාගයක් දුර යනකොට.




ඔබ මතකයේ රැඳෙන චරිත ගණනාවක්ම චරිතාංග නිළියක් විදියට චරිත නිරූපණය කළ සිනමාවේදිනියක්. විශේෂයෙන්ම සරුංගලයේ චිත්‍රපටයක් ගත්තොත් එතකොට සාගරයක් මැද ,බඳුරා මල් මේ වගේ චිත්‍රපට රැසක රඟපෑවා.. දැන් මේ චිත්‍රපටිය සියල්ලම ඔබ රඟපාපු ආපහු හැරිලා බැලුවොත් වඩාත්ම ප්‍රිය කරන චරිතය කුමක්ද සහ චිත්‍රපටය මොකක්ද?


මයුරි කතාවට මම ගොඩක් කැමතියි.. රෑ මනමාලියකට හුඟක් කැමතියි.. සාගරයක් මැද චිත්‍රපටය චරිතයටත් මම ගොඩක් කැමතියි. ඒකෙ මනුස්සයෙක්ගේ, අම්මා කෙනෙක්ගෙ, බිරිදකගෙ ඒවගේ ඒ චරිත මම හිතන්නේ සමාන්‍යයෙන් ගැහැණීයකට මූණදෙන්න වෙන සිද්දි ඒකෙ තියනව. ඉතිං ඒ චිත්‍රපට කරපු විදිහයි, එකයි ඔක්කොම එක්කහු කරලා බලනකොට සාගරයක් මැද චිත්‍රපටිය ඇත්තටම මට ඇඟට දැනුන හදවතට දැනුන.



අපෙන් සමු ගත්ත සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා ඔහුගේ නිර්මාණ වලට අනෙක් ඒ කාලේ හිටිය නිළියන් තෝරා ගන්න නැතිව ඔබවම තෝරගත්ත එක දිගට චිත්‍රපට පෙළකට.. මොකක්ද මේකට තිබ්බ විශේෂ හේතුව?

ඔහුට තේරුණා මගේ මොකක්ද තියෙන දක්ෂතාවය කියලා. හැම වෙලාවකදිම හැම චරිතයක්ම මට කිව්වා ඔයාට කරන්න පුළුවන් ඒක මට ඔළුවට දැම්මා. ඉතින් මම හිතන්නේ ඒක වෙන්න ඇති .අනිත් එක හරියටම ආවා හසුරවන්න පුළුවන් වුණා එතුමාට. මේ චරිතය හරියට කරන්න පුළුවන් කියන විශ්වාසය තුමාට ඇතිවුණා.


ගාමිණී ෆොන්සේකා මහත්මයාට ඔබේ හිත තුල තියන ගෞරවය ගැන අපි දන්නවා .ඒ  වගේම එතුමාගේ බිරිඳ සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය ඇතුළු ෆොන්සේකා පවුල කෙරෙහිම ඔබ තුළ තියෙන්නේ බොහොම ලැබදීයාවක් .ඒ ගැන කියන්න.

ඒ මුළු පවුලම ඒ දරුවෝ සියල්ලම මට දැනෙන්නේ මගේ පවුලක් වගේ.. මොකද චූටි කාලෙ ඉඳන් එදා ඉඳන්ම මගේ දරුවත් එක්කම ඒ වයස සමානයි.. ඉතිං මාත් එක්ක ඒ කාලේ එකමුතුකම, ඒ ආදරේ අපි ඔක්කොම එකට හැදුනා කියල දැනුනා.   තාමත් මට ඒ ළමයිව දැනෙන්නේ මගේම දරුවෝ වගේ.


ඔබට දෙමළ කතා කරන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් පුළුවන්.

කොහොමද ඒ?

මම දන්නෙ නෑ හේතුව මොකක්ද කියලා. එදා ඉඳන්ම මගේ අම්මත් හුඟක් ඉන්දියාවේ ගිහිල්ලා තමයි චිත්‍රපට ඒ දවස් වල කලේ .ස්ටූඩියෝ එකේ උනත් අපිට හිටියේ ඔක්කොම දෙමළ කට්ටිය. කාර්මික ශිල්පීන්. ඉතිං ඒ වගේ ගොඩක් සම්බන්ධතා අපිට තිබුණා. ඉතින් මට එක ජාතියක් දමිළ ,සිංහල, මුස්ලිම් කියල වෙනසක් නෑ ..අපි ඔක්කොම එකයිනේ..


ඔබ හැමදාමත් නියෝජනය කරන්නේ එකම දේශපාලන පක්ෂයක්. ඔබ කිසිම වෙලාවක තනතුරු වරප්‍රසාද වෙනුවෙන් ඔබේ දේශපාලන ස්ථාවරය වෙනස් කරපු නැති කෙනෙක්. හැබැයි ඔබ නියෝජනය කරපු පක්ෂය බලයට ආවා කියලා ඔබට කිසිම වරප්‍රසාදයක් ලැබිච්ච බවක් අහල නැහැ. මොනවද ඔබට කියන්න තියෙන්නේ?


මම දැකපු දේවල් වලින් මට හිතුනා මම දැකපු හරි දේවල් තිබුණා මගේ පැත්තෙන් දකින විදිහට .ඉතින් ඒක නිසා මම හිතුවා මම එතන ඉන්නං කියලා. ඒතකොට ප්‍රශ්නයක් ආපු වෙලාවෙදි තමයි මම එළියට බැස්සේ .මොකද එක මට නෙමේ මුළු රටටම අපේ රටටම වෙච්ච හානියක් නිසා .වැරැද්දක් නිසා. මට හිතුනා මම දේශපාලනය කරන්න කැමති නෑ කොහොමටත්. මං මේ වෙලාවේ කට වහගෙන හිටියොත් ඡන්ද දායකයෙක් හැටියට මම  දීපු ඡන්දෙ දුන්න කෙනෙක් හැටියට ඒක ලොකු වැරැද්දක්. මොකද අපි ඡන්දෙ දුන්නම මේ වගේ කරන්න ඕනේ කියලා දින්නාට ඉන්පස්සෙ ඒක අනිත් පැත්ත අපිවම ගොනාට අන්දලා වැඩ කරනවා නම් මට අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. ඒ වගේ දෙයක් නිසා මිසක් දම කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි අපි හැමෝම වෙනුවෙන් තමයි මම ඒ වෙලාවේ ඉදිරිපත් උනේ.



ඔබ කියන්න තියෙන දේ ඕනම කෙනෙක්ට දෙවරක් සිතන්නේ නැතුව කකෙලින්ම කියන කෙනෙක්. කිසිම බයක් සැකක් නැහැ. ඒවගේම ඔබ ගත කරන්නේ තාම සාමාන්‍ය ජීවිතයක් .ඔබ නිළියක් වන්නේ කැමරාව ඉදිරිපිටදී විතරයි. සාමාන්‍ය ජීවිතයේදී ඔබ ගෘහණියක් ගෙදර වැඩත් කෙරෙන්නේ ඔබේම අතින්. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

මම හිතන්නේ මගේ වාසනාවකට නිළියක් වුණා. මම ඇත්තටම සමාන්‍ය මනුස්සයෙක්..නිළිය කියන එක මට ලැබිලා තියෙන්නෙ මගේ රස්සාව මගේ ටැලන්ට් එකට මොනවා හරි දෙයක්. මම එක බදාගෙන වෙනම යන්න ඕනෙ නෑ. නිළිය වෙලාවට නිළිය. නමුත් මම ඇත්තටම අම්මා කෙනෙක්. බිරිදක්. මනුස්සයෙක්. මට හැමතිස්සෙම හිතනවා අරක පස්සේ ආපු දෙයක්නේ. මේක මම හැමදාම මගේ ජීවිතේ මම මනුස්සයෙක්, ගැහැණියක්. ඒක තමයි මම හැමතිස්සෙම හිතන්නේ .අරක ඔළුවට ගත්තොත් මට ලෝකෙ ජීවත් වෙන්න බෑ. මොකද මම සාමාන්‍යයෙන් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. අනිත් එක තමයි මම වැරදි හොයනවා නෙමෙයි නමුත් වැරැද්දක් දැක්කොත්  මම කට වහගෙන ඉන්න නෑ .මොකද තව කෙනෙක්ට පීඩාවක් වෙනවා නම් මම ඒ වෙලාවේ එකට මැදිහත් වෙලා ඒක පෙන්නලා දෙනවා. ඒක පිළිගන්නවා ද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. නමුත් මම හිතනවා මගේ එක යුතුකමක් කියලා. මොකද තව කෙනෙක්ට පීඩා කරන්න තව කෙනෙකුට අයිතියක් නෑ. එවෙලෙට මට ලාභයක් වෙනවද පාඩුවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.




මොකද්ද ඔය රූප ස්වභාවේ රැක ගැනීමේ රහස?

ඇත්තටම කියනවා නම් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මට මොනා හරි දෙයක් දීලා තියෙනවා නම්.. ඉතින් එක නාස්ති නොකර පරිස්සං කරගෙන ජීවත් වෙනවා .ඒක තමයි මගේ රහස .අනිත් එක මම ඕනවට වඩා කන්න ,බොන්න දකින දකින හැම දෙයක්ම කන්නෙත් නැහැ .ඉතිං ඒකත් මම හිතන්නේ වාසනාවක්.


ඔබ වෘත්තීය රංගනවේදිණියක්. ඔබට අභියෝගයක් වෙච්ච සිංහල සිනමාවේ හිටපු නිළියන් තුන්දෙනෙක් කියන්න?

මම එහෙම අභියෝගයක් කියලා හිතාගෙන මට හිතන්න බැහැ.. චරිතයක් හම්බුනාම රඟපානවා. ඒක අභියෝගයක් කියලා මම හිතන්නේ නැහැ.

සිංහල සිනමාවේ ඉන්න නිළියන් අතරින් ඔබට ඉන්න හොඳම හිතවතියන් කවුද එහෙමයි ඉන්නවද?

ඔක්කොම මගේ හිතවතුන් .හැබැයි මම කා ඒකවත් ඕනවට වැඩිය යන්නේ නැහැ .වැඩ කරනවා හම්බවෙනවා කතා කරනවා එතනින් පස්සේ මම වෙනස් .එතකොට මට ලේසියි. ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න ප්‍රශ්න නෑ. ඉන්න ටිකේ හොඳින් ඉන්නවා.


ඔබ මිත්තණියත් දැන් ඉදිරි අනාගතය කොයි විදිහටද ගෙවන්න කැමති?

මිත්තණිය තමයි හොඳම කාලේ මට දැනෙන්නේ .මොකද මගේ ළමයි එක්ක දරුවෝ එක්ක මට ගොඩක් කාලේ ඉන්න බැරි වුණා. නමුත් දැන් මට අවස්ථාව ලැබිලා තියනවා මගේ මුනුපුරෝ ,මිනිබිරියෝ එක්ක ජීවත් වෙන්න. අනිත් එක මම එන්ජෝයි කරනවා. මම හරි සතුටු වෙනවා. මට දැන් මේ කාලේ වැඩත් අඩුයි එතකොට මගේ කාලේ ඒයලාත් එක්ක ඉන්න ලැබෙනවා. ඉතිං වයස කියන එක මට ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒ ගැන හිතන්නේ නැහැ. මට පුළුවන් මගේ දරුවන්ගේ දරුවොත් බලාගන්න පුළුවන් තත්ත්වයක් මට තියෙනවා .ඇත්තටම ජීවිතේ හොඳම කාලේ මේක කියලා මට හිතෙනවා.



ඔබ රංගනයට සම්මාන ලබලා තියෙනවා. සම්මාන බොහොමයක් දිනාගෙන තියෙනවා. සහාය නිළිය දක්ෂ, නිළිය හැබැයි ජනප්‍රිය සම්මානයට නම් හිමිකම් කියලා නැහැ. ඒ  කියන්නේ ජනප්‍රියත්වයට කැමති නැද්ද?


අකමැත්තෙන් හරි මම ජනප්‍රියයි කියලා මම දන්නවා. මොකද මට සම්මාන නොලැබුනත් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් තියෙන සම්මානය හොඳටම ඇති. මොකද කොහෙටගියත් මට ඇත්තටම හරිම ආදරේ හිතෙනවා මම නොදන්න චරිත ගැන කතා කරලා ඒ ගොල්ලෝ මට නම් කියනවා. මගේ පළවෙනි චිත්‍රපටය අප්සරා කියන එක මතක් කරලා මාව දැක්කම මම හිතන්නේ ඒක ජනප්‍රියත්වය තමයි. සම්මානයක් නොලැබුණා කියලා මම ජනප්‍රිය නෑ කියලා කියන්නේ නෑ .එහෙම වුණා කියලා මම දුක් වෙන්නෙත් නැහැ.


ඒ කාලේ ජනප්‍රිය සම්මාන පිරිනැමුණේ එක විදිහකට.. නමුත් ඩිජිටල් තාක්ෂණයත් එක්ක. අද ජනප්‍රිය සම්මාන පිරිනැමෙන්නේ වෙනත් විදිහකට.. ඉතින් මම හිතන්නේ ඒ ගැන වැඩි විශ්වාසකුත් නැතුව ඇති නේද?

හොඳම නිළියට සම්මාන ලැබුණේ නෑ කියලත් මට දුක නැහැ.  සාමාන්‍යයෙන් එළියට  බැස්සහම ලැබිලා තියෙන  සම්මාන තමයි මට ලොකුම දේ. 


සාකච්ඡාව - කැලුම් විජේසූරිය
උපුටාගැනීම - https://www.youtube.com/watch?v=_sS1kiRzVnI