udaya-gammanpila-speaks

මහින්ද සුළඟින් ගෝඨාභීශෙකය.. එදා විමල් වීරවංශ කිව්වා අමාරු මොහොතේ අපට සිටින විශ්වාසවන්තම මිතුරා. කවුද මිතුරා .ඔහු උදය ගම්මන්පිල. බලශක්ති විෂ භාර අමාත්‍ය උදය ගම්මන්පිල ඇමතිවරයාත් සමග අපි කතා කරමු.

අමාරු මොහොතේ අපිට සිටින විශ්වාසවන්තම මිතුරා.. කො ඒ ගම්මන්පිල දැන්?

ඒ කෙනාට තමයි ඔබ දැන් කතා කරන්නේ.

තාමත් ඔහු ඒ විදියටමයි?

ඇත්තටම විමල් පාවිච්චි කරපු වචනයෙන් විශ්වාසවන්ත නෙමෙයි ධෛර්යසම්පන්න කියලා. මගේ ධෛර්යය  ගැන මගේ ළඟින් ඇසුරු කරපු විමල් වීරවංශ ඇමැතිවරයා ලබා දුන් සහතිකය මා මේ දිනවල ප්‍රදර්ශනය කරමින් ඉන්නවා.

සමහරු මේ දවස් වල මේ දවස් වල චෙක් කරලා බලන්න ඔබේ ධෛර්ය්‍ය ද?

මට පේන්නෙ ඒ වගේ.

ඔබ මේ දවස් වල බය වෙලාද?

බලන්න මගේ මූණ දිහා බයක් කියලා නාමයක් පේන්නවත් තියෙනවද.

ඔය ඇත්ත ගම්මන්පිලමද?

කොටි ත්‍රස්තවාදය පරාජය  කරන්න බෑ කියලා මේ රටේ 99% කට වැඩි පිරිසක් විශ්වාස කරද්දි ,කොටිත් එක්ක හැප්පුණු ආයි නිරායුධව මාවිල්ලාරු දක්වා පා ගමන ගිය කට්ටිය අපි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂත්, ලෝකයේ සියලුම රටවලුත් ආශිර්වාදයෙන් බිහිවුණු යහපාලනය කිව්ව ආණ්ඩුවට බයේ අපි ගාව හිටිය අය යහපාලන ආණ්ඩුවට මීයොත් වගේ ඇදෙන කොට, ඊට එරෙහිව පාරට බැහැලා විමල් වීරවංශ ඇමතිතුමාත් එක්ක සටන ආරම්භ කළේ අපි .ඒ නිසා අපේ ධෛර්යය අපි ඉතිහාසය පෙන්නලා තියෙනවා. සාමාන්‍ය කතාව තියෙන්නෙ කළුගලේ ඔළුව ගහ ගත්තම ඔලුව තුවාල වෙනවා කියලා. අපි ඉතිහාසය පුරාම කළුගලේ ඔළුව ගහ ගත්තම ඔලුව තුවාල වෙනවා වෙනුවට කලු ගල පුපුරා හැලුනා. එදත් එහෙමයි. අදත් එහෙමයි. හැප්පෙන අයටයි කියන්නේ හෙටත් අපි කළුගල් පුපුරවනවා.


කාටද ඒ කියන්නේ ගෝඨාභයට ද මහින්දටද සාගර කාරියවසම් ටද?
හැප්පෙන කාටත්

ඔබත් එක්ක මේ දවස් වල වැඩියෙන් හැප්පෙන්නෙ කවුද?

මට අදාලම නෑ. මම බලන්න කවුද කියන එක නෙමෙයි මොකද්ද කියන එක.


සාගර කාරියවසම් නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උනානම් මම ඔබට කෝල් කරලා වෙලාවක් ඉල්ලන්නෙ නෑ. ඔහු පොහොට්ටුවේ මහලේකම්වරයා නිසයි  ඔබට කතා කරල ඇහුවේ?

ඔබට මතක ඇතිනේ.. මගේ උත්තරේ. මාධ්‍ය හමුව මම ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළා නම් සාගරගේ පිස්සු කතා කියලා මට නිඬව ඉන්න තිබුණා. නමුත් මේ ප්‍රකාශය කළේ අද මේ රට පාලනය කරන ප්‍රධානම පක්ෂයේ ප්‍රධාන ලේකම්. ඒ නිසයි මම උත්තර දුන්නේ.


ඒ ලියුමේ අත්සන සාගර කාරියවසම්ගෙ බව ඇත්ත. අකුරු කාගේද?

ඒක සොයාගැනීම මාධ්‍යවේදී ගවේෂණශීලී මාධ්‍යවේදි ඔබලාට බාරයි.



ඔබ දන්නවා?

මට සැක තියෙනවා.

ඔබ හොඳට තෙම්පරාදු වෙච්ච දේශපාලඥයෙක්?

මගේ බලන්න මේ දෙපැත්තෙන් කෙස් සුදු වෙන්න පටන් අරන්. කෙස් පැහුණෙ ම දේශපාලනයට තමා.

වයසට නෙමෙයිනේ?
 නෑ නෑ දේශපාලනයට තමා..


අකුරු ලියනය  කරපු සාගරගේ ඩොකියුමන්ට් එක පැත්තකින් තියමුකෝ.

සාගර පව්නෙ.. අනුන්ගේ කොන්ත්‍රාත් කරලා මෙහෙම සවුත්තු වෙන්න ඕන මනුස්සයෙක්ද දෙයියනේ මගේ උගත් මිත්‍රයෙක්, නීතිඥයෙක් .පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පවු..


සාගර ඔය විදියටම කොන්ත්‍රාත්තුවක් ද මම දන්නේ නෑ ඔය විදියටම කතා කළා පළමු පුවත්පත් සාකච්ඡාව දී ඔබේ සහෘද දේශපාලඥා විමල් වීරවංශත් සමඟ. විමල්ට කතා කරන ආකාරයත් උදයට කතා කරන ආකාරයත් සාගරගේ ඇමතුම් දෙක එක හා සමානයි .ඔබත් සමානත්වයක් දකිනවද?

එකම රටාව අපි දකිනවා.


ඔහු ඉටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?

ඒක ඔහුගෙන් අහන්න ඕන .මට සැක තියෙනවා .මම නීතිඥයෙක් .ඒ වගේම ඔබ දන්නවා තාර්කික කරුණු මත පදනම් ව කතා කරන දේශපාලනඥයෙක්. ඒක නිසා සාක්ෂි නැතුව සැක මත මම ප්‍රකාශ කරන්නේ නැහැ .හැබැයි මතක තියාගන්න මට පොල්ලකින් කවුරුහරි පහර දුන්නහම මම තරහ වෙන්න පොළත් එක්ක නෙමෙයි පොල්ල දරාගෙන පහර දීම සිදු කරපු පුද්ගලයත් එක්ක.

උදේ ගම්මන්පිල මේ වෙලාව ඉන්නේ අමාරු විකට් එක නෙමෙයිද?

කිසිසේත්ම නැහැ. මොකද රටේ ජනතාව මාත් එක්කයි කියන එක සමාජ ජාලා බැලුවොත් මාධ්‍ය වල පලවෙන පුවත් බැලුවොත් ,අණ්ඩුව ඇතුළේ ඉන්න මැති ඇමතිවරු කරන ප්‍රකාශ දැක්කොත් පේනවා. මම මෙතරම් ශක්තිමත් කියලා මම දැනගෙන හිටියෙත් නැහැ .ඒ මාගේ ශක්තිය උරගා බලලා මා මෙතරම් ශක්තිමත් කියලා මට පෙන්නලා දුන්න සාගර කාරියවසම් උගත් මිත්‍රයට පිංසිදු වේවා කියලා තමයි මම කියන්නේ.

සාගරගේ ලියුම පිළිබඳව තමයි මට ගොඩක්ම ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ලියුම ලියන්න ඔහුට උපදෙස් දෙන්න ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් ද? ද්විත්ව පුරවැසියෙක් ද?

මම දන්නෙ නෑ .ලංකාවට ආදරේ මිනිස්සු මටත් ආදරෙයි .ඒක හින්දා මේක විදේශ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්.

විදේශීය කුමන්ත්‍රණයක් කියන්නේ සමහෙරක් විදේශිකයෙක් වෙන්න බෑනේ. විදේශිකයෙක්ට ගම්මන්පිල දේශපාලනයේ ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න බෑනේ.. ඒ කියන්නේ ද්විත්ව පුරවැසියෙක්?

ඒක මම දන්නෙ නෑ. මම කාගෙවත් පුරවැසි සහතික පරීක්ෂා කරලා බලලා නැහැ.


ඊට පෙර දවසෙ රෑ සූම් සාකච්ඡාවක් පොහොට්ටුව නෙළුම් මාවත කාර්යාලය තිබුණ බව කියනවා. ඔබට මේ ගැන ආරංචිද?

අපිටත් ආරංචියි .සමහර මන්ත්‍රීවරුන් ගියේ වට්ස්ඇප් හරහා කරපු සාකච්ඡා වල පිටපත් මට ලැබිලා තියෙනවා.

උදේ ගම්මන්පිලගේ දේශපාලනය අවසන් කරන්න කාට හරි උවමනාවක් තියෙනවා?

ඔව් මගේ දේශපාලනය රිදුනු අය ඉන්නවා. වංචාව දූෂණය සිදුවෙද්දී මගේ ආණ්ඩුවේ මගේ අයට එරෙහිව මම සටන් කරලා තියෙනවා. මගේ ඉතිහාසය දන්න අය දන්නවා. ඒ වගේම අපේ මවුබිමට සතුරුකමක් වෙනවා නම් මම හැමදාම බැලුවෙ හොරකම් කරන්නේ කවුද මිසක් හොරකං කරන්නෙ මොන පැත්තෙ කෙනෙක්ද කියන එක නෙමෙයි .වැරදිනම් වැරදයි.  ගෝඨාභය ජනාධිපතිතුමා කලත් වැරදි සජිත් ප්‍රේමදාස මැතිතුමා කලත් වැරදි.මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව ඉඳගෙන ඔබේ රූපවාහිනි සංවාද වලට ඇවිල්ලා ආණ්ඩුවේ වැරදි ගැන කර්කශ විවේචන කරලා ඒවා රකින්න ඉදිරිපත් නොවන කෙනෙක්. ඒ වගේමයි අදටත් එහෙමයි .හෙටත් එහෙමයි .සියල්ලට yes sir කියලා ඔළුව නමන්නේ නැති එක මගේ ගුණයක් .ඒ ගුණය සමහරක් අයට දරාගන්න බැරි වෙන වෙන්න පුළුවන්.


Yes sir කියලා ඔලුව නැමුවා නං  ප්‍රශ්න මොකුත් නෑ එහෙමද?

මම කිව්වනේ.. තාම අර අදිසි හස්තය .අදෘශ්‍යමාන බලවේගය හඳුනා ගනිමින් ඉන්නේ. එතකොට හරියටම දන්නේ නැතුව අපිට ඒ ගැන ප්‍රකාශය කරන්න බෑ.




උදයටයි විමල්ටයි බලපාන අදුශ්‍යමාන අදිසි හස්තයේ එක්කෙනෙක්මයි?

අපි හිතනවා එහෙම කියලා .මොකද මම මතක් කරන්නම් 2015 දාස හපුවලාන ලංකාදීප පත්තරේ අපූරු කාටුන් එකක් ඇන්දා. මහින්ද රාජපක්ෂ මැතිතුමා under දැමු බැනියමක් සහ සරමක් ඇඳලා මැදමුලන වලව්වේ හාන්සි පුටුවක වාඩි වෙලා ඉන්නවා. එතන ම එතුමා ළඟ බිම වාඩි වෙලා ඉන්නවා පඩිපෙලේ මමයි විමල් වීරවංශ ඇමතිතුමා. අපි දෙන්නත් under දාපු ඇදුම් තමයි ඇදලා හිටියේ. මහින්ද මහත්තයා ඔළුවට අත් දෙක තියාගෙන ඉන්න ගමන් කියනවා උඹලා දෙන්නත් අර පැත්තට ගියා නම් ඉවරනේ කියලා.. එතකොට මහින්ද මහත්තයා තනි නොකරපු චරිත දෙක විදියට තමයි රට හඳුනගත්තෙ විමල් සහ උදය. මහින්ද මහත්තයා දුර්වල කරන්න, ඔබට පහර දෙන්න නම් මුලින් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා ඔබේ ආරක්ෂකයන් විනාශ කරල ඔබ තනි කරන්න ඕනේ .එතකොට ඔබට පහර දෙන්න ලේසියි. එතකොට ඔබව ආරක්ෂා කරන්න කෙනෙක් නැතිව හුදෙකලා කරන්න පුළුවන් .ඒ නිසා ම සාධාරණ සැකයක් තියෙනවා විමල් වීරවංශ, උදය  ගම්මන්පිල කියන මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකගැනීම වෙනුවෙන් පෙරට එන චරිත දෙක ඒ වගේම රටට ව්‍යසනයක් වෙද්දි, ජාතියට ව්‍යසනයක් වෙද්දි ,ආගමට ව්‍යසනයක් වෙද්දි ඊට එරෙහිව හඬ නගන චරිත පහරදීමේ වාසිය කාටද. මව් බිමේ සතුරන්ට. එතකොට මව්බිමේ සතුරන්ගේ කුමන්ත්‍රණයක් කියන එක  ඒ  A ද B ද C ද කියලා මම දන්නෙ නෑ. කවුරු නමුත් සාගර කාරියවසම් මෙහෙයවන්නේ මව්බිමේ සතුරෙක් කියන එක නම් ඉතාම පැහැදිලියි.



ඔහු රාජපක්ෂ කෙනෙක්ම වෙන්න පුළුවන්?

මට අදාලම නෑ. මට අදාළ වෙන්නේ ඔහු මව්බිමේ මිතුරෙක්ද, සතුරෙක් ද කියන කාරණය පමණයි.


නිමල් ලංසා කියනවා බැසිල් රාජපක්ෂ ලංකාවේ හිටියා නම් කවදාවත්  පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ කියන එක?

ඒක ගැන මට අවබෝධයක් නෑ .මොකද මම වාඩිවෙන තීරණ ගැනීමේ කිසිම කමිටුවක බැසිල් රාජපක්ෂ මැතිතුමා නැහැ .සමහර විට එතුමා පක්ෂ නායක රැස්වීම ඉන්නවා. පක්ෂ නායක රැස්වීමට නම් මේ ඉන්ධන මිල වැඩි කිරීම යොමු කළේ නෑ .ඉතින් මට ඒක හින්දා නිමල්  ඇමතිතුමා කියන කාරණය ගැන මට අවබෝධයක් නැහැ.


ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානිය බැසිල් රාජපක්ෂ .ඔබ මේ  තීරණය පිළිබඳ ඔහු සමඟ කතා කරන්න බැඳිලා ඉන්නවා ද?

කොහෙත්ම නෑ. කතා කරලත් නෑ .මම අමාත්‍යවරයෙක් විදියට ගත්ත කිසිම තීන්දුවක දි මම මාව පත් කරන්නේ   අගමැතිතුමාගේ නිර්දේශයෙන් ජනාධිපතිතුමා .එතකොට මම මගේ අමාත්‍යංශය කටයුතු පිළිබඳ මා පිළිතුරු බැඳිලා තියෙන ස්ථාන කිහිපයකදී මා අගමැතිතුමාට උත්තර දීලා තියෙනවා ,ජනාධිපතිතුමාට උත්තර දීලා තියෙනවා, අමාත්‍ය මණ්ඩලයට උත්තර දීලා තියෙනවා,  පාර්ලිමේන්තුවට උත්තර දීලා තියෙනවා, මාධ්‍ය ඉදිරියේ ජනතාවට උත්තර දීලා තියෙනවා.


ඔබ බැසිල් රාජපක්ෂ අවසන් වරට හමු උනේ කවද වගේද?

එතුමා රට යන දවසෙ රාත්‍රියේ පක්ෂ නායක රැස්වීමක් තිබුණා එදා තමයි අවසන් වරට හම්බ උනේ.

දුරකථන ඔස්සේ කතා කරලා නැද්ද?

නෑ කතා කරේ නෑ .මට කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වුණෙත් නැහැ.

ඔබ දෙදෙනා අතර දේශපාලන හෝ පෞද්ගලික ආරවුලක් තියෙනවා?

මටනම් කිසිම දෙයක් නෑ. මම එතුමාගෙන් මොනම ඉල්ලන්නද, මොනව ගන්නද මටනම් එතුමත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ.


මොකක්ද මේ සාගර කාරියවසම් කතා කරන්න පෙර පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ කතා කරනවා .මහින්ද කට අරිනකොට ගන්නවත් කට ඇරෙන්නේ කොතනින්ද කියලා කාරණාව?

නෑ නෑ ඔබ දන්නෙ නැති අපූරු දෙයක් සිද්ධ වුණා. මහින්ද පතිරණ අපි ගාව තියෙනවා screenshots .මුලින්ම තෙල් මිල වැඩි කිරීම සාධාරණීකරණය කරලා එතුමන්ගෙ මතය දානවා. ඊට පස්සේ ඒක ඉවත් කරලා තෙල් මිල ඉහළ දැමීම් ප්‍රහාරයට ලක් කරමින් පෝස්ට් එකක් දානවා. එතකොට සමහරු කියනවා මම දැක්කා සමාජජාලාවල පෝස්ට් එකක් සැරිසරනවා දුරකථන ඇමතුම් ලැබීමට පෙර කියලා ඔහුගේ මතය ඊළඟට දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කියලා වෙනස් වුන මතය . ඔහුට දුරකථන ඇමතුම දුන්නේ කවුද කියලා මම නම් දන්නේ නැහැ.



ඔහුට දුරකථන ඇමතුම දුන්න පුද්ගලයා සාගර කාරියවසම්ට  දුරකථන ඇමතුම දුන්න පුද්ගලයත් දෙන්නම එක්කෙනෙක්?

මම දන්නෙ නෑ. මම ඒ දෙන්නගෙන් අහලත් නැහැ.ගවේෂණශීලි මාධ්‍යවේදී ඔබයි.

ඔබ සැක කරන ආකාරයට?

සැකයන් මත මම කතා කරන්නේ නැහැ.

ඔබ සැක වාසිය දෙන්න හදන්නෙ කාටද?

සැකේ වාසිය හැමවෙලේම විත්තියට දිය යුතු නිසා තමයි විත්තිය නම් නොකර ඉන්නේ.

ඔබ තවමත් සැකේ වාසිය බිත්තියට දෙනවා?

අනිවාරෙන්ම. මම නීතිඥයෙක්. එ නිසා මම නීතිය නොදන්න අය හැසිරෙන ආකාරය ගැන දන්නවා. මම කවදාවත් හිතලු මත කතා කරල නැ. මම මාධ්‍ය හමුවලදී හැමදාම කොළ උස්සනවා සාක්ෂි පෙන්නන්න. මම රූපවාහිනි මාධ්‍ය හමුවට ගේන්නේ මාධ්‍ය සාකච්ඡා වලට එන්නෙ පොත් මිටි අරගෙන. පොත පෙරළ පෙරළ පෙන්නමින් තමයි මම කතා කරන්නෙ .ඒක මම නීතිඥයෙක් විදියට ලබපු අත්දැකීමක්. සාක්ෂි මත පදනම් වෙලා තමයි කරුණු දැක්වීම කරන්නේ... මතක තියාගන්න සීඅයිඩී එක වගේ නෙමෙයි ගම්මන්පිලගේ රහස් පරීක්ෂක අංශ දැන් මේ පිළිබඳ පරීක්ෂණ කරනවා. තොරතුරු ලැබිලා තියෙනවා. මම කිව්ව සමහර මන්ත්‍රීවරුන්ෙග් සමස්ත දුරකථනයෙන්ම වට්ස්ඇප් පණිවිඩ පවා අරගෙන තියෙනවා. ඉතින් අපි නිසි අධ්‍යයනයක් කරනවා.



ඔබේ පුවත්පත් සාකච්ඡාවක්  තියෙනවා .මේ පුවත්පත් සාකච්ඡාව තියන්න එපා කියලා කවුරුහරි බලපෑම් කළා ද?

මට බලපෑම් කරලා .විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ මේ අමාත්‍යංශයේ කටයුතු වලට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වෙනත් කිසිවෙක්වත් කවදාක්වත් මැදිහත් වෙලා නෑ, බලපෑම් කරලා නෑ .මට සම්පූර්ණ ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා .ඒ පක්ෂය තුළ දේශපාලන තීන්දු ගනිද්දි මම අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරද්දි  මට ඉහළින් ඉන්නේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කවදාවත් මගේ අමාත්‍යංශය කටයුතු වලට උපදෙස් දීලා තියෙනවා,  යම් තොරතුරු අහල තියෙනවා. කවදාක්වත් අරක කරන්න මේ කරන්න එපා කියලා බලපෑමක් කරලා නෑ .දේශපාලකයෙක් විදිහට මගේ පක්ෂ නායකයා මමයි. ඒ නිසා මට කවුරුත් බලපෑම් කරන්න ඇවිල්ලා නෑ.


මේ ලියුම පිළිබඳව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, මේ නිර්මාතෘ මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ කවුරුත් දන්නේ නැහැ කියලද කියන්නේ?

අනිවාරෙන්ම දන්නෙ නෑ. ඒ ගැන මම ඉතාම විශ්වාස වගකීමෙන් කියනවා.

ඔබව අන්දනවා වෙන්න බැරිද?

නැහැ .ඔබ හිතනවද මාව අන්දන්න ලේසියි කියලා. බබා කාලෙ නම් අපේ අම්මා හරි මාව ඇන්දුවා .දැන් නම් මාව කාටවත් අඬන්න බෑ.

රාජපක්ෂලා ඔක්කොම එකතුවෙලා ඔබව දේශපාලන වශයෙන් හිර කිරීමේ උගුලක් නෙමෙයිද මෙතන වෙන්නේ?

එහෙම වුනානම් ජනාධිපතිතුමා අර වගේ ප්‍රකාශයක් කරනවද..


මට කියන්න ඔබ එක දෙයක් මහින්ද රාජපක්ෂ ඉන්න ඡායාරූප සහිත ලෙටර් හෙඩ් එකේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කියන එකේ මහලේකම්වරයාට ලියුමක් අරින්න තරම් හයියක් ලැබුණ කොහොමද?


ඔබ හිතන්නේ මට ගැහුව කියලද.. නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට .මහින්ද රාජපක්ෂ මැතිතුමා ලිඛිතව එකඟතාවය දෙන්නෙ නැතුව, රටේ මුදල් ඇමැතිවරයා විදියට මිල වෙනස් කරන්න බෑ. ඉතිහාසය පුරාම මිල වැඩි කිරීම් දැන් මංගල සමරවීර මුදල් ඇමති විදියට  තෙල් වැඩි කිරීම වාර්තා කළේ. බලශක්තිය ඇමති  ඒ කාලේ හිටියේ චන්දිම වීරක්කොඩි ඇමතිතුමානේ. ආසාවට අහලා තිබ්බද චන්දිම වීරක්කොඩි ඇමතිතුමා මිල වැඩි කිරීමක් කරා කියලා...


එතකොට ඇයි ඔබ ආවේ පුවත්පත් සාකච්ඡාවට? එතන තමයි ලොකුම ප්‍රශ්නෙ. හැමදාම කරලා තියනෙන් මුදල් අමාත්‍යංශයෙන්. ඇයි ඔබ ඇවිල්ලා කිව්වේ මේ කතාව?

මම මගේ නායකයන් ජනාධිපතිතුමා ,අගමැතිතුමා රැකගෙන මේක මම ඉදිරිපත් කළා. එතුමගේ නම් ගම් හෙළි කළේ නැහැ .සාගර කාරියවසම් දියෙන් ලිපිය විසින් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නෙමෙයි අර තරුණ නාමල් රාජපක්ෂ මැතිතුමා පවා  තීන්දු තීරණ ගත්ත තැන්වල හිටිය කියන එක හෙළි කරන්න සිද්ධ වුණේ. එතකොට දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පහරදීමක් නෙමෙයිද අර ලිපියෙන් වුණේ. ඇත්තමයි මහින්ද මැතිතුමාගේ ලිපි ශීර්ෂයෙන් ප්‍රහාර එල්ල කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට.



ඇත්තටම ඔබට මේ තොරතුරු හෙළි කරන්න එපා කියලා කිසිම කෙනෙක්ගෙන් බලපෑමක් ආවෙ නෑ
මේ අයගේ නම් කියන්න එපා කියලා?

බලපෑම් ලට යට වෙනවා ද අපි .යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ .


ජනාධිපතිවරයා ඔබට කතා කලා? මොනවද ඔහු කිව්වේ?

ජනාධිපතිවරයායි මමයි අතර ඇතිවෙච්ච සංවාදය මොකද්ද කියන එක ජනාධිපතිතුමා තමයි ප්‍රසිද්ධ කරන්න ඕනේ .එක සදාචාරාත්මක නෑ මම කතා කරනවා නම් .මොකද ඔහු මට ඉහළින් ඉන්න තැනැත්තේක්.



ඔහු ඔබට එස්එම්එස් ඔව් බව කියනවා? මොකක්ද එක තිබ්බේ?

ඒක ඉතාම පෞද්ගලික කාරණාවක් කියන්නත් බෑ.. මට එක කියන්න පුළුවන් .මට කියලා තිබ්බේ එතුමාත් ප්‍රකාශයක් නිකුත් කරන බව තමයි එතුමගෙ වචනවලින් කියලා තිබුණේ.


ඒක දර ඊයෙ හවස නිකුත් කළ නිවේදනය?

අන්න හරි.

ඊට වඩා දෙයක් තිබුන නැද්ද?

නැහැ.

උදය ඔයා අප්සට් එකේද ඉන්නේ හිතේ අමාරුවෙන් ද ඉන්න වගේ?

අපි උදේ කතා කරා.. ජනාධිපතිතුමා අගමැතිතුමා සියලු දෙනා මට කතා කළා..

ඔබට සිංගප්පූරුවේ එකවුන්ට් එකක් තියෙනවද?

මට ලංකාවෙ තියෙන්නෙත් එකම එක බැංකු ගිණුමක් පමණයි. ඒ සම්පත් බැංකුවේ පසුගිය ආණ්ඩුව විසින් මා පාලනය කර සියලුම ආයතනවල ගිණුම් මුල සිට අගට කණපිට පෙරළලා බැලුවා. මගේ බැංකු ගිණුම ඉතිහාසය අවුරුදු විස්සක් පිටිපසට බැලුවා. මේ රටේ මම හොරකම් කළා, වංචා කරා කියන්න කිසිම චෝදනාවක් හදාගන්න පහුගිය ආණ්ඩුවට බැරි වුණා. මම අවුරුදු විසි එකක් දේශපාලනය අද වන තුරු එක රුපියලක් කොමිස් ගැහුවයි කියලා කාගෙන්වත් චෝදනාවක් එල්ල වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑන ගෙදර ගියා කියලා මට චෝදනාවක් එල්ල වෙලා නෑ. තෙල් මිලදී ගැනීම් බලන්න තෙල් මිලදී ගැනීම් කරන්නේ අමාත්‍ය මණ්ඩලය පත් කරපු විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන මණ්ඩලයකින් .

ඒකෙ සභාපතිනි ඉන්නෙ මම පෞද්ගලිකවත් අඳුරන්නැති දේශපාලනිකවත් සම්බන්ධයක් නැති විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මැතිණිය. ඒ පත් කරන්නෙ මම නෙමෙයි  එතුමිය එතැනට පත් කරන්නේ ජනාධිපතිතුමා. ඊළඟට එන ඉන්නවා භාණ්ඩාගාරික නියෝජිත මහබැංකු නියෝජිත ඒ වගේම තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා කකවුද ඒයා පත් කරන්නේ මම නෙමෙයි ජනාධිපතිතුමා. එතකොට මගේ කිසිවෙක් නෑ තෙල් මිලදී ගන්න මණ්ඩලයේ. තාක්ෂණික කමිටුවේ සභාපති ඉන්නේ ධම්මික මල්ලිකාරච්චි .ඔහු ඒ තනතුරට පත් කරන්නේ 2016 පසුගිය යහපාලන ආණ්ඩුවේ. එතකොට මම ඊළඟට සමහර භාණ්ඩ තියෙනවා මිලදී ගැනීම මිලියන දෙසියට වැඩියි නම් ඒ අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවක් හදලා ඉදිරිපත් කරන්නේ අමාත්‍යවරයා.



ඇමතිවරයාට පුළුවන් කාට ගියත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්සන් නොකර ඉන්න කොමිස් එකක් දෙනකං. හැබැයි තෙල් මිලදී ගැනීමේදී මෙය ඉක්මනින් විය යුතු කාරණාවක් නිසා ස්ථාවර විශේෂ ප්‍රසම්පාදන මිටුවට බලය දීලා තියෙනවා මුලින් මිලදී ගෙන පස්සේ අමාත්‍ය මණ්ඩලය ආවරණ අනුමැතිය ගන්න .ඒතකොට මං ගාවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඒන්නේ තෙල් මිලදී ගත්තට පස්සේ. ඒ නිසා මට එහෙම වත් බලපෑම් කරන්න බෑ. මම කොහොමත් බලපෑම් කරල නෑ මගේ දේශපාලන ජීවිතේ කවදාක්වත්. ඉතිං කමිටුවල ඉන්නෙත් ජනාධිපතිතුමා පත් කරපු කට්ටිය. තාක්ෂණික කමිටුෙව් ඉන්නෙ කමිටුව ඉන්නේ පසුගිය ආණ්ඩුවෙ පත් කරපු අය.


මට හොරකමක් කරගන්න ඕනේ නම් අපි අමතක කරමු ප්‍රසම්පාදන කමිටු කොහොමත් ජනාධිපතිතුමා පත් වෙන්නේ කියලා. තාක්ෂණික කමිටුවට පහුගිය ආණ්ඩුවේ පත්කරපු ප්‍රධානියා තාම තියන් ඉන්නවා 2016 පත් කරපු ෙකනා. එහෙමනං ඉස්සෙල්ලාම කරන්න ඕනේ මගේ ඉත්තෙක් ගැත්තෙක් එ තැනට
දා ගන්න එකනේ.


මේ තෙල්  මිල වැඩි කිරීම එතකොට ජනාධිපතිවරයාගේ දැනුවත්භාවය ඇතුවයි කළේ?

ජනාධිපතිවරයා විතරක් නෙමෙයි මම ඒක අරණේ පැහැදිලි කළා. මම කෙටියෙන් කිව්වොත් තෙල් මත තිබ්බ බදු තෙල් මිල ලෝක වෙළෙඳ පොළේ වැඩි වෙනකොට තුන් පාරක් අපි භාණ්ඩාගාරයට කතා කරලා අඩු කර ගත්තා. භාණ්ඩාගාරයෙන් බද්දක් අඩු කරනවා කියන්නේ කෑල්ලක් ගලවනවාට වඩා අමාරුයි. 2021  පෙබරවාරි මාසෙන් පස්සේ තව දුරටත් මේ බදු අඩු කරන්න බෑ කියලා මම තේරුම් ගත්තම මම අමත්‍ය මණ්ඩලයට මේ ප්‍රශ්නෙ වාර්තාකරනවා 15 වැනිදා. ඒ මූල්‍ය අර්බුදය විසඳන්න අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කළා .ඒ අනුකමිටුව මැයි මස දොළොස්වෙනිදා තමයි තීරණය කරන්නේ ඉන්ධන මිල සංශෝධනයට යා යුතුයි. පෙබරවාරි 15 ඉඳන් මැයි 12 වෙනකම් මාස තුනක් ගියා.


එතකොට එදා ප්‍රස් ඒකට ඇවිල්ලා ඔබ කියනවා තෙල් මිල වැඩි කරන්න තීරණයකට ආවා .වෙලාව කියන්නේ නෑ ඊට පස්සේ ආපහු මට ගම්මන්පිල පොකුරක කියලා කියයි.. එදා ඔබ දැනගෙන හිටියද එදා රෑ වැඩි කරනවා කියලා?

අනිවාර්යෙන්ම මම දන්නවා .මම හේතුවක් කිව්වනේ.


මට කෙලින් උත්තරයක් දෙන්න ඔබ ඔපෙක් රටවල් වලින් තෙල් ගත්තෙ නැහැ සිංගප්පූරු කොම්පැනි වලින් ගත්තෙ. ඔබේ සිංගප්පූරු එකවුන්ට් එකට මේ commission එක ගෙන්න ගන්න ඕන නිසා කියලා. මේක ඇත්තද බොරුද කියලා කියන්න?

පට්ටපල් බොරු.

එතකොට ඔබේ Singapore වල account එකක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියන්නේ ඇත්තක්ද?

පට්ටපල් බොරු .විමර්ශන කරනවට මම කැමැතියි හැබැයි මොකද මට ගිණුමක් තියෙනවා නම් ඔය කියන සල්ලිත් තියෙනවානේ. හැබැයි ගිණුම කොහෙද තියෙන්නේ කියලා මම දන්නෙ නෑනෙ. මම පුංචි තර්කයක් පටන් ගන්නවා පුළුවන් නම් මේ ගිණුම හොයලා දෙන්න ගිණුමෙ තියන හැම සතයම මම හොයල දෙන කෙනාට ලබා දෙනවා.




ගම්මන්පිල ඡන්ද කාලේ කියපු වීඩියෝ එකක් හරියට share වෙනවා. tax කෝටි 8000  අයකරනවා තෙල් වලින් .වාර්ෂිකව රුපියල් අනුවට පෙට්‍රල් දෙන්න පුළුවන් කියන කාරණාව ගම්මන්පිල එදා කතා කරපු කතාවක් කෝ ඒ ගම්මන්පිල?

ඔබ දන්නවද ලංකා ඉතිහාසයේ අපි ගත්තොත් 92 පෙට්රල් ගන්න. 2016 යහපාල ආණ්ඩුව කාලේ පෙට්‍රල් මත බද්ද රුපියල් හැට දෙකයි. දැන් එක තිස් දෙකයි .ඊළඟට ඩීසල් මත බද්ද රුපියල් 25යි. දැන් ඒක රුපියල් හයයි. ලංකා ඉතිහාසේ තෙල් මත තියන අඩුම බදු තියෙන්නෙ වර්තමානයේ .ඒ විතරක් නෙමෙයි දකුණු ආසියාවේ පකිස්ථාන ගාවට අඩුම තෙල් මිල තියෙන ශ්‍රී ලංකාවේ. මේ දැන් බදු වැඩි කරයි කියන්නේ මහා දැවැන්ත වැඩ කිරීමක් කියන්නේ.. ඒ වැඩි කිරීමට පස්සේ දකුණු ආසියාවේ දෙවෙනියට අඩුම තෙල් මිල වැඩි කරන්න පෙර අඩුම තෙල් මිල.


ඔබ දැන් සාගර කාරියවසම්  ඔබට අභියෝග කරනවා ඉල්ලා අස්වෙන්න කියලා. ඔබ කවදාද ඉල්ලා අස්වෙන්නේ?


මම සාගරට පෙන්නුම් කළා ඔබ අභියෝග කළේ මට නෙමෙයි ජනපති, අගමැති ඇතුළු ඇමැතිවරු ගත්ත තීන්දුවටයි එය නොදැන සිටි ඔබ මහලේකම් තනතුරට තරම් නොවේ සාගර කාරියවසම් මැතිතුමනි ඉල්ලා අස් විය යුත්තේ මා නොවේ ඔබයි කියලා. අභියෝග දෙකක කළා. පළවෙනි අභියෝගය සාගර කාරියවසම් මහත්මයාට ඕනම ලියුමක් ලියලා නිකුත් කරන්න පුළුවන්. පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට අත්සන් කරනවා නම් පක්ෂය අනුමැතිය තිබිය යුතුයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මේ තීන්දුව ගන්න වාඩිවුණු නිලධාරීන්ගේ නම් හෙළි කරන්න කියලා මම එතුමාට අභියෝග කරනවා.

ඒ වගේම බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ මා නම් එය ඔප්පු කරන්න එන්න මා සමග විවාදයකට කියලා ප්‍රසිද්ධ අභියෝගයක් කරා.සාගර කාරියවසම් මැතිතුමා නීතිඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, වගකිවයුතු පුද්ගලයෙක්. ඒ නම් එතුමාට පෞරුෂත්වයක් තියෙන පුද්ගලයෙක් විදියට තමයි මම හිතන්නෙ .ඒ නිසා මම හිතන ඉදිරි සතිය ඇතුළත එතුමා මේ තුනෙන් එකක් කරනවා. ඒතුමා මා සමග විවාදයට ඇවිල්ල බලශක්ති අර්බුදය නිර්මාපකයා විදියට ඔප්පු කළ යුතුයි. නැතිනම් තමන්ගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි .දෙකම කරන්න බැරිනම් අපි චාන්ස් එකක් දෙමු. අඩුම ගානේ තමන් කළ ප්‍රකාශය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළ යුතුයි . මේ තුනෙන් එකක්වත් කරන්න බැරිනම් සාගර කාරියවසම් වැන්නවුන් ජීවත් වුවත් මළවුන් වැනිය.



බැසිල් විමල්-උදය අර්බුදය අවසානය කොතැනද?

කවුද ජනතාව එක්ක ඉන්නේ, කවුද හරි පැත්තේ ඉන්නේ, කවුද රටේ පැත්තෙ ඉන්නෙ එය ජයග්‍රහණය කරයි.


ඔබට වරම් දෙකක් ලැබෙනවා කියලා හිතමු.. එකක් මහින්ද සුළගින් ගෝඨාභිශෙකය පොත ඉවත් කර ගැනීමට ඔබට සිදු වනවා. ඊළඟ ඒක  43 සේනාංකය පාඨලී චම්පික රණවක එක්ක එකතු වෙන්න හදනවා.
ඔබ මේ දෙකෙන් ඉටු කරන්න යන්නේ කොයි එකද?


මම හිතනවා ඔබට නොතේරුනු තුන්වෙනි වරමක් තියෙනවා. දෙකෙන් එකක් වත් නොගෙන සිටීම. මාගේ වරම් ගැනීමට කාටවත් බලපෑමක් කරන්න බෑ.හිසට පිස්තෝලයක් තියලා වරමක් ගනින් නැත්නම් මරනවා කියලා කියන්න බෑ .මම මරණයට බය මිනිහෙක්. මේ මොහොතේ මම ඒ දෙකෙන් එකක්වත් ගැනීමට අවශ්‍යතාවයක් පේන්නෙ නැහැ


කවදා වගේ ඒ අවශ්‍යතාවය ඇති වෙයිද?

අවිනිශ්චිත අනාගතය පිළිබඳ නිශ්චිත අනාවැකි පළ කරන්නවත් තීන්දු ගන්නවත් බැහැ. 2010 හිතුවාද මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරන ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා. චම්පික රණවක ඇමතිතුමා නිකමටවත් හිතුවද තමන් දොන් ජුවන් ධර්මපාලගේ පුනරුප්පත්තිය කිව්ව රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ එතුමාගේ අගමැතිකම යටතේ ඇමතිකම් කරන්න වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිතලා තිබ්බද මේ රටේ ජනාධිපති වෙයි කියලා. අනාගතය කියන එක හරි අවිනිශ්චිතයි.


මම නැවත කියනවා කවුද නිවරදි ,කවුද රට එක්ක ඉන්නේ ,කවුද ජනතාව එක්ක ඉන්නෙ , එයා රැකේවි ,එයා රැඳේවී. රටට එරෙහිව කුමන්ත්‍රණ කරන කවුරුවත් ඉන්නවනම් ඔවුන් අනිවාර්යෙන් ඉතිහාසය කුණු බක්කි යටඇද වැටේවි.

ඔබව දේශපාලන උගුලක කවුරුහරි හසු කරා?
 
කිසිසේත්ම නැහැ.

ඇයි ඔබව මාධ්‍ය ඉස්සරහට දාල තෙල් මිල කියලා ඉතාම අප්‍රසන්න මාතෘකාවක් කියලා යම්කිසි දුරකට ඔබ රඳවාගෙන තිබ්බ ප්‍රසිද්ධිය සම්පූර්ණයෙන්ම නැතිකරල අප්‍රසාද ජනක පුද්ගලයෙක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයකට ඔබ  හසුවුණා?

හොයලා බලන්න අහල බලන්න මේ මිල වැඩි කිරිම කියන එක දුෂ්කර කාරණයක් නිසා ඒක රට ඉදිරියට ගෙන යෑමේ අභියෝගය ස්වෙච්ඡාවෙන් බාරගත්තෙ මමයි.  කෙතරම් ජනප්‍රියතාවය නැති උනත් මම පෙනී ඉන්නවා. 2000 වසර වන විට මේ රටේ බහුතරයක් විශ්වාස කළේ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නත් බෑ, පරාජය කරන්නෙත් නෑ කියන අදහසින්. හැබැයි අපිට යුද මෘගයන් කිව්වා, ලේ පිපාසිතයක්  කිව්වා ,ජාතිවාදීන් අන්තවාදීන් කිව්වා ,අපහස උපහාස විඳගෙන මේ රටේ බහුතර ජනතාව කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි පරාජය කළ හැකියි කියන  මානසිකත්වයට එනකම්ම අපි සුළුතරය වුනත් අපේ මතය දරාගෙන ඒ වෙනුවෙන් සටන් කළා .එදත් එහෙමයි අදත් එහෙමයි.


ඉන්දියාවේ හරි ප්‍රකට කියමනක් තියෙනවා දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලනය කරන අතර රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන දේශපාලනය කරයි. මට ඕනේ දේශපාලකයෙක් වෙන්න නෙමෙයි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන්න .අද මේ දේ කළේ නැත්නම් මේ රටේ ආර්ථිකය කඩා වැටුනම මිනිස්සුන්ට කන්න නැති උනාම, බෙහෙත් ටික ගන්න බැරි උනාම ,මේ රට විඳින දුක ගැන මට ආර්ථික විද්‍යා විෂය ගැන මට ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. මට දැක්කා දේ වෙනුවෙන් මා අමාත්‍ය මණ්ඩලය තුළ ද මේ දේ වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසාම මේ දේ කරන්න ආණ්ඩුව තීරණය කළාම මම ස්වෙච්ඡාවෙන් කවුරුත් මට බාර දුන්නේ නෑ. අහලා බලන්න. ජීවන වියදම් අනුකමිටුව හිටි සාමාජිකයන්ගෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ගෙන් අහලා බලන්න ගම්මන්පිලට භාරදුන්න කොන්ත්‍රාත්තුවක්ද කියලා. ලංකාවේ ඉතිහාසයේ කවදාවත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මිල වැඩි කරනවා කියලා කවුරුත්කි ව්වේ නෑ .අඩු කියන්න විතරයි ආවේ.

බොහොමත්ම ස්තුතියි උදේ ගම්මන්පිල බල ශක්ති විෂය භාර ඇමතිවරයාට.

-චමුදිත සමරවික්‍රම