nalaka-godahewa-speaks

ඇමති නාලක ගොඩහේවා මාධ්‍ය විමසීමකදී දැක්වනූ අදහස් මෙසේය.

ඇමතිතුමා ඔබතුමාලට දැඩි චෝදනා එනවා මේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මේ ගැන ඔබතුමන්ලා මොකද හිතන්නේ?

මට ඒ ගැන මතයක් පළ කරන්නට ඒ සම්බන්ධව දැනුමක් නැහැ. මොකද අපි ඒ ගැන සාකච්ඡා කරලා නැහැ අපි කණ්ඩායමක් වශයෙන් ඒ ගැන සාකච්ඡා කරලා නැහැ .කැබිනට් මණ්ඩලයට ආපු තීන්දුවක් කල් දාලා තියනවා .ඒ නිසා මට ඒ ගැන මතයක් ප්‍රකාශ කරන්න බැහැ.




ඔබතුමාට වාහනය ආවොත් භාරගන්නවද?

දැන් ඔබතුමා කියන්නේ වාහනයක් ආවොත් බාර නොගත යුතුයි කියලද? ඒකට හේතුව මොකක්ද කියලා කියන්න? මම වාහනයක් ඕන නිසා කියනවා නෙමෙයි මම  මේ වෙලාවෙත් ඇමතිවරයෙක් වශයෙන් වාහන තුනක් අයිතිය තියෙනවා. මම දුවන්නෙ එක වාහනයක් මගේ ඉතුරු වාහන දෙක පෞද්ගලික දීලා තියන වාහන දෙකම කැඩිලා. දෙකම ගරාජ් එකේ .ඒක තමයි යථාර්තය. අද ගිහිල්ලා බලන්න ඇමතිවරු හැම කෙනෙක්ගෙම තත්වෙ මොකක්ද කියලා .ඇමතිවරු දුවන වාහන ෙමානවාද  බලන්න. ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන් ගාව නෑ. ඇමතිවරුන්ට හැමතිස්සෙම හම්බ වෙන්නේ තමුන්ට කලින් හිටපු ඇමතිවරයා ළඟ තිබුන වාහනය නෙමෙයි. ඊට කලින් හිටපු ඇමතිවරයාගේ වාහනය.


කලින් ඇමතිවරයා ළඟ තිබුන වාහනය තමුන් එන්න කලින් කවුරුහරි නිලධාරියෙක් අරගෙන. ඒක තමයි ඇත්ත .ඒ නිසා සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් ආවම අවුරුදු දහයක් විතර පරණ වාහනයක් තමයි හම්බ වෙන්නේ .ඒක තමයි යථාර්ථය. ඔය විෂය ගැන කතා කරන්න කැමති නැහැ .මොකද අපි වාහන බලාපොරොත්තුවෙන් බලයට ආවෙත් නෑ .මේ වෙලාවේ වාහන අැතුවත් නෙමෙයි දුවන්නෙ .පුද්ගලික වාහනවලින් දුවන්නෙ වැඩි හරියක්. ඉතින් නමුත් අපි ගැන හැමදේම දේශපාලනඥයින්  දිහා වෛරයෙන් බලන්න එපා. මම ඇවිල්ලා ඉන්නේ ආධාර බෙදන්න .මිනිස්සුන්ට අමාරුවක් උනාම දේශපාලනඥයින්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනවා.

ඊට පස්සේ දේශපාලඥයාට කියනවා පඩිවත් ගන්න එපා කියලා. හැමදේම පරිත්‍යාග කරන්න කියන්නේ.

ඉතින් ඒවා සාධාරණද කියලා කල්පනා කරලා බලන්න. මොකද සමහර දේශපාලඥයින් අපි අතර ඉන්නවා තාම බස් එකේ එන්නේ පාර්ලිමේන්තුවට. එහෙම දේශපාලඥ ඉන්නවා. ඔබ කියන්නේ දේශපාලනඥයාට පුළුවන් තරම් හොරකම් කරලා මේවා ඕනෙ නෑ කියලා කියන්නද? සමහර දේශපාලනඥයෝ එහෙම ඇඟිල්ල වත් දික් කරන එක අසාධාරණයි. මොකද ඒ තරම්ම අහිංසක මිනිස්සු. ඉතිං ඒ මිනිස්සුන්ට යම් කිසි දෙයක් රජයෙන් ලැබෙනවා නම් තමුන්ගේ වැඩකටයුතු කරන්න ඒකට ක්‍රෝධයෙන් වෛරයෙන් කතා කරන එක හරි නැහැ. මම දවසකට කිලෝ මීටර් සීයක් විතර දුවනවා. මට ආණ්ඩුවෙන් දීපු වාහන තුනෙන් දෙකක් කැඩිලා. පෞද්ගලික වාහනවලින් දුවන්නෙ. එතකොට ඒ වාහන ගෙවෙන එකට ඒතකොට ඒ වාහනවල තියන අනිත් ප්‍රශ්න වලට කවුද වගකියන්නේ ?අපි කම්ප්ලේන් කරනවා නෙමෙයි