tenuk-story-kegalle

කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ අවුරුදු 9ක පුංචි පුතෙකු දුර්ලභ ගණයේ හැකියාවක් පෙන්නුම් කර තිබේ. ඔහුට යම් කිසි විශේෂ බලයක් ලැබී ඇති බවත්  විශ්ව ශක්තිය බලයෙන් උප්පත්තියෙන් එන ලෙඩරෝග ඇර ඕනම ලෙඩ රෝගයක් සුව කරන්න හැකි බවත් කියැවේ.
කෙනෙකුට යමක් කරන්න සාර්ථකවීම නොවීම ගැන අනාවැකි උපදෙස් දෙන්නටද මෙම දරුවා සමත් බවත් ඔහුට අදෘශ්‍යමාන බලයකින් ඒ ගැන දැනගන්නට ලැබෙන බවත් ඔහු කියා ඇත.
එම සාකච්ඡාව පහත පරිදිය.

●පුතාගේ නම කියන්නකො....?
   ''මගේ නම ටෙනුක් ඉන්සිත බණ්ඩාර''
●අවුරුදු 9 කිව්වා වයස නේද...ඉස්කොලේ යනවද,කොහෙද ඉස්කෝලේ යන්නේ.....?
               ''ඔව්...සෙන් මේරිස්...''
●කෑගල්ලෙද...?
                ''නෑ....මීපිටියේ...''
●මේ ටෙනුක්ගේ තාත්තා ඉන්දික බණ්ඩාර....?
              "ඉන්දික උදය කුමාර බණ්ඩාර......''
●ඉන්දික රැකියාවක් කරනවද...?
              ''ඔව් දැනට රැකියාවක කරනවා ලෙකෝ ආයතනයේ මීගමුව BRANCH එකේ වැඩ කරනවා...''
●අපි කතා කරන්න ආවේ චූටි පුතත් එක්ක දුවත් ඉන්නවා දුවගේ නම මොකක්ද....?
               ''දුල්‍යා සනින්දු බණ්ඩාර...''
●අපි කතා කරන්නේ ටෙනුක් එක්ක...පුතේ තොරතුරු ගොඩක් ආවා පුතා ගැන...මොනවද පුතේ මේ දක්ෂතාවයන් කියලා කියන්නේ...?
                 ''මට මං ළඟ ඉන්න සත්තු හිතන දේ තේරුම් ගන්න පුළුවන්...අනික ඒ අය කට හොල්ලන්නේ නෑ...ඒ ගොල්ලෝ මට පණිවිඩ යවන්නෙ ඔළුවෙන් එතකොට තමයි ඒක තේරේන්නේ...ඒ උනාට මිනිස්සු හිතන්නේ සතෙක් කට හොල්ලනකොට මේ සතා කතා කරනව කියලා...ඒ උනාට ඒක වෙන්නේ ඔළුවෙන්....''
●ඒ කියන්නෙ අපි හිතමු පුතේ මේ ගෙදරට එනකොට පුතාගේ ගෙදර බල්ලෙක් ඉන්නවානේ ඒ සතා ඉන්නකොට පුතාටඒ සතා එක්ක කතා කරන්න පුළුවන්,ඒ කියන්නෙ කට හොල්ලනවා කියන එක නෙවෙයි...?
                  ''ඔව්...දැන් මිනිස්සු හිතන්නේ කට හොල්ලනවා කියන එකෙන් කතා කරනවා කියලනේ..ඒ උනාට ඌට පුළුවන් හිතෙන් පණිවිඩයක් යවන්න...හිතන දේ තමයි මම තේරුම් ගන්නේ...''
●ඒ කියන්නේ සතා හිතන දේ පුතාට දැනෙනවා...පුතාට සත්තු එක්ක විතරද කතා කරන්න පුළුවන්...?
                        ''නෑ....ගස් ගල් සොබා දහමේ තියෙන දේවල් එක්ක කතා කරන්න පුළුවන්...''
●ඒ කියන්නෙ හිතනදෙ පුතාට හිතාගන්න පුළුවන්...අපි හිතමු පුතේ ඔයා ඉන්නේ කෑගල්ල අඹන්පොල මෙතනින් එහා ඈත තියෙන අපිට පේන්නේ නැති දෙයක් එක්ක උනත් කතා කරන්න පුළුවන්...?
                   ''ඔව්...''
●මේ ශක්තියට කියන නම මොකක්ද...?
               ''මේක සොබා දහම තියෙන්නේ ඒකේ තියෙන ඕනම දෙයක් සොබා දහමට අයිති කියනවනේ ගහකට උනත් ජීවයක් තියෙනවා කියලා ඒ ජීවයක් තියෙන් සොබා දහමට අයිති දෙයක් එක්ක මට කතා කරන්න පුළුවන්...''
●ඒ කියන්නේ විශ්ව ශක්තිය කියන එකද..?
               ''ඔව් විශ්ව ශක්තිය....''
●ඒ කියන්නේ විශ්ව ශක්තිය කියන එකේ බලයක් පුතාට තියෙනවා..පුතාට කව්රු හරි ඇතිත් කතා කරනවද කවුරු හරි හීනෙන් හරි....?
              ''ඔව්....තාත්තා මාව සෙමට බේත් ගන්න එක්කන් ගියා මම දන්නේ නෑ දවස් දෙකක් මස් මළු නොකා ඉන්න කියලා එක්කන් ගියා මට එක එක දේවල් පේන්න ගත්තා...පාටවල්,මූණු ශක්තිය මම උඹට ලබා දෙනවා කියලා වගේ මොකක්ද දේයක්  කියන්න ගත්තා...''
● ඒ කියන්නේ ඔයාට මේ ඔළුවට කියනවා...?
               ''ඔව්....ඒ වගේ ඒවා දෝංකාර දෙනවා...පේන්නේ නෑ මුකුත්...ඇස් දෙක පියාගත්ත ගමන් එක එක ඒවා පේන්න ගන්නවා..ඊට පස්සේ තමයි ඒක පටන් ගත්තේ...''
●දැන් ඉන්දික මොකක්ද මේ දරුවගෙ දක්ෂතාවය ඇත්තටම...මොකක්ද මෙයා එකපාර කියන්නේ....?
                  ''මම බොහොම වැරදි විදිහට ජීවත් වෙච්ච මනුස්සයෙක් ඒ කියන්නේ ගොඩක් වැරදි කරපු කෙනෙක්...වැරදි කියන්නේ හොදට සමාජේ ඉදලා සමාජේ මිනිස්සු එක්ක ගැටි ගැටි හිටියේ අඩුම තරමේ මම අම්මා තාත්තා එක්ක අවුරුදු අටහමාරක් විතර කතා නොකර හිටියා මේ දරුවා හින්දා කතා කරලා මම මෙහෙම හැදිලා තියෙන්නේ...මේ දරුවා නිසා මම සෑහෙන්න වෙනස් උනා ඒ කියන්නේ මාස 6ක විතර ඉදන් මස් මාළුවත් කන්නේ නෑ දැන්...මේ දරුවා මට කියලා නෙවෙයි මත්පැන් පානය කරන්නෙත් නෑ දැන් කෙටි කාලෙක ඉදන්.....ඉස්සර හොදටම බිව්වා...මෙයා මට කිව්වෙ නෑ මේ දේවල් නවත්තන් කියලා ඒ උනාට ටික ටික මට නතර කරන්න සිද්ද උනා ඒ මගෙ හිතටම දැනිලා...."


●කොහොමද මෙයාගේ දක්ෂතාවය මතුවෙන්නේ....?
             ''මගේ යාළුවෙක් ඉන්නවා කෑගල්ලේ සීවලි කියලා...එයාගෙ ගෙදරට ගියා එයත් විශ්ව ශක්තියට බේත් කරනවා...එතනට ගියා සෙමට බේත් ගන්න ඒ ගියාම යළුවා කිව්වා මේ චක්‍රයන් අවදි වෙනවා මේ කාලේ මෙයාට අනිත් අයට වඩා වැඩි කිව්වා...ඊටත් මෙයාට එක එකරෑප පේන්න ගත්තා..යාළුවා කිව්ව විදිහට දෙවිවරුන්ගේ රූප තමයි පේන්න ගත්තේ ජීවමානව වැඩ හිටිනවා කියලා...ඊට පස්සේ එයා කිව්වා බලන්න ඕන හොද තැනකින් මෙයාට තියෙන ශක්තිය මොකක්ද කියලා මගෙ යාළුවම කියාලා YOUTUBE එකේ ඉන්නවා ප්‍රගීත් සිල්වා කියලා මහත්තයෙක් එයා ගාවට මම ගියා හෝමාගම පැත්තේ ඉන්නේ එයා ගාවට ගියාම එයි කිව්වා මෙයාට හොද සහ අසුබ කියලා දෙකක් තියෙනවා කියලා...ඒ නිසා සුභ කියන දේ ඉස්සරහට ගන්නම් මේ දරුවා වයසින් වැඩි වෙනකල් ටිකක් control කරලා තියමු කිව්වා...ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේගයක් ඇතිවෙයි කියලා කියලා තිබ්බා....මගේ වෙන කතාවකුත් තියෙනවා ඒ අමනුෂ්‍ය බලපෑමට මම බය වෙන්න හේතුව  ඒක මම අන්තිමට කියන්නම්...ඊටපස්සේ එයා කිව්වා මේක අපි ළමයාගේ ඔළුවෙන් අපි අයින් කරමු කියලා...ඊට පස්සේ මෙයාට අපි ඒ office එකෙන් එළියට දාලා අපි කියමු මේක අයින් කලා කියලා මෙහෙම යවමු කියලා බොරුවට...මෙයාගේ ඔළුව හදන්න ඕන නිසා....අපි ගෙදර ආවා ඊට පස්සේ ....මෙයාට මෛත්‍රී භාවනාව කරන්න බැරුව තිබ්බා ටිකටික ඒක හරිගියා.....එක එක ශබ්ද ඇහිලා ඒ භාවනාව නතර වෙන්න ගියා...මගේ යාළුවගේ යාළුවෙක් හිටියා පීටර් කියලා එයා විශ්ව ශක්තියෙන් වැඩ කරන කෙනෙක්...එයාට කෙනෙක් දිහා බලලා කියන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්...මට තාම හම්බවෙලත් නෑ...මෙයා කියනවා මේ වෙලාවට ඔයා කතා කරන්න මේ වෙලාවට ඔයා මේක කරන්න කියලා කියනවා ඒ වෙලාවට කරන දේවල් හරියනවා...බුදු මැදුරේ ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිනවා ඒක ගේන්න ගියේ රටේ ඉස්සෙල්ලාම සංචරණ සීමා දාපු දවසේ එදා දවසේ මෙයා කිව්වා උදේ 6ට මට ගෙදරින් යන්න කියලා කලින් දවසේ එයා මට  මල් පූජා කරද්දි කිව්වේ ....එතකොට බුදු කුටිය තිබ්බේ අනිත් පැත්තේ...මේ බුදු කුටිය හදාගෙන ආපු දවසේ...මේ වෙලාවට මෙතන මේ බුදු කුටිය තැන්පත් කරන්න ඕන මේ දේවල් කරන්න කියලා කිව්වා...මම කිව්වා පුතේ හෙට රට වහලා තියෙන්නේ මේකට මොකක් හරි දෙයක් කියන්න එක්කෝ පහු කරලා මේක තැන්පත් කරන්න හදලා දෙන්න කියලා ඊට පස්සේ කොහොමද දන්නේ නෑ මම රෑ කල්පනා කලා මොකක්ද මම කරන්නෙ කියලා 5.45 ට කෑගල්ලේ ඉන්න පොලිසියේ මහත්තයෙක්ට මම call එකක් ගත්තා අරගෙන යන්න 6ට  තිබ්බේ අරගෙන මම අයියේ බුදු පිළිම වහන්සේ නමක් වඩම්වන්න යන්න එන්න පුළුවන්ද කියලා ඇහුවා හරි මල්ලි මම එන්නම් කිව්වා...එයා එහෙම උදේ ඇහැරෙන කෙනෙක් නෙවෙයි ඒ උනාට එක call එකම එයා answer කලා....එයාගේ ගේ ගාවට ගිහින් අපි ගියා...වෙන කඩේකින් අපි ගන්න ගියේ එතනින් ගන්නත් බැරි උනා....වයසක uncle කෙනෙකුයි aunty කෙනෙකුයි හිටියා එතන තමයි ගල් වලින් කරන ඒවා තිබ්බේ එතනත් අපි යද්දි අපිට දෙන්න බලාගෙන හිටියා වගේ තිබ්බේ....ඊට පස්සේ අපි ගෙදර ආවා...''
●ඒ කියන්නේ පුතේ පුතාට ඒ වගේ දේවල් තාත්තට මේ දේවල් කරන්න කියන්න කොහොමද ඔයාට ඔළුවට මේ message එකක් එනවද කොහොමද වෙන්නෙ පුතේ....?
                     ''කඩහඬක් අවිල්ලා මගේ හිතට හිතට කිව්වට හිතටමත් නෙවෙයි කන් වලටත් ඇහෙනවා...ඒ ඇවිල්ලා කියනවා මේ කරපන් මේක සාර්ථක වෙනවා කියලා....ඒ කිව්ව හැමදේම සාර්ථක උනා....''
●මේ වගේ රුවක් කෙනෙක් කියලා පේන්නේ නැද්ද කවුද කියලා...?
                   ''එක සැරයක් ජීවමානවම  පේන්න ආවා...බුදු මැදුරෙත් පින්තූරයක් එල්ලුවා පේනන එන කෙනාගේ....''
●එතකොට ඔයා වතාවත් එහෙම කරනවද උදේ හවස බුදුන් වදිනවද....තව මොනවාද ඒ වගේ වත් පිළිවෙත් කරනවද..?
                      ''ඔව්...අපි දේවාලෙක වගේ පූජා පවත්වන්නේ නෑ...පළතුරු තියලා පුජා පවත්වන්නේ නෑ...බුදුන් වදිනවා...''
●දැන් පුතාට විශ්ව ශක්තියේ බලය තියෙනවනේ පුතාට දැන් ගෙදරකට ආවාම මේ ගෙදර අය මස් මාළු කනවද මේ දෙවල් කියන්න පුළුවන්ද...?
                ''ඔව්...පුළුවන් දැන් මේ යක්ෂ ආත්ම කියන්නේ වැඩියෙන්ම අපිරිසිදු තැන් වලට මස් මාළු කන ගෙවල් වලට තමයි එන්නේ...හැම ගේකටම ආරක්ෂාවක් හදනවා..හැම දෙවි කෙනෙක්ම හදනව ආරක්ෂාවක්...ඒක දුර්වල වෙන්නේ අපි මස් මාළු කනකොට...එහෙම ආපු ඒවා මම මේ බෝතල් වලට දාලා අල්ලා තියෙනවා...''
●ඒ කියන්නේ යම් ගෙදරකට ඇවිත් ඒ ගෙදර තියෙන යක්ෂ ප්‍රේත ආත්ම ඔයාට අයින් කරන්න පුළුවන්කියන එක එහෙමද...?
                          '' මට අයින් කරන්න පුළුවන්....දැන් ආරක්ෂාවක් තියෙනවා ගේ වටේට මම කහ වතුර එකක් හැදුවා එක ඉස්සාම ගෙදර ඉන්න එකාට යන්නම වෙනවා ඉන්න බෑ...එතකොට ගේ වටේට ආරක්ෂාවක් සම්පූර්ණයෙන්ම හැදෙනවා....''
●ඉන්දික මහත්මයා මලගිය ප්‍රාණකාරයෙක්ගේ බැල්මක් තියෙනවාද...?
                  ''ඒ කියන්නේ මෙයාගේ පෙර ආත්මෙක් සම්බන්ධයක් තියනවා...''
●පුතාට පෙර ආත්මය පවා කතා කරන්න පුළුවන්ද...?
                  ''මගේ එක තාම කියලා නෑ....තාත්තගේ එහෙම කියලා තියෙනවා...තාත්තා හිටියේ මේ උඩහට ගියාම කන්ද උඩ වැඩිහිටි නිවාසයක් තිබ්බා ඒක උඩ ඉස්සර ලීවලින් වලේ ගෙයක් හදාගෙන තිබ්බා මට සොබාදහමට කතා කරන්න පුළුවන්නේ ඒක මට හම්බුනේ තාත්තට ගිය ආත්මේ ඒක තිබුනා ඒක සම්බන්ධ වෙලා තමයි මට ඇවිත් තියෙන්නේ...''
●ඉන්දික දැන් අපි කතාවට එමු....මේ පුතා බේතක් හදනවා...ඒ බෙහොත කොහොමද හැදෙන්නේ බොහොම කෙටියෙන් කියන්න් පුතත් එක්ක කතා කරන්න කලින්...?
                      '' මෙයා මාර්තු මුල ඉදන් කියනවා අප්‍රේල් වල කොරෝනා වැඩි වෙනවා කියලා මේ අවුරුද්දේ...මොකද කලින් මම මස් මාළු කාලා එහෙම හිටියේ මමම තේරුම් අරන් නතර කලා....ඊට පස්සේ  මාර්තු මුල ඉදන්  අප්‍රේල් වෙනකල්ම මේ කොරෝනා පාලනයකින් තොරව වැඩි වෙනවා කියලා....''
●ඒ කියන්නේ පුතේ පුතා දැක්කද මේ කොරෝන වැඩි වෙනවා...?
                   '' ඒ කියන්නේ මට ඒක කියනවා...මෙක වැඩි වෙනවා මේ බේත හදලා දෙනවා මට පැවරුනු දෙයක් කියලා කියනවා...අද රටේ වෙන දේ මම මාර්තු වල දැක්කා...''
●කතාව කියන්න ඉන්දික මහත්මයා..?
                   '' මෙයාට තව විශේෂ  හැකියාවක් තියෙනවා මෙයාට යන්න පුළුවන් කාල තරණය කියන්නේ....''
●ඔව් පුතේ කියන්න..?
             '' දැන් මම මේ ඉන්නවානේ මට කලින් ඊයෙට නෙවෙයි මට පුළුවන් ගොඩාක් ඉස්සරට යන්න...අනාගතයට යන්නත් පුළුවන් අතීතට යන්නත් පුළුවන්....හැබැයි අතීතෙටයි අනාගතේටයි ගියාම අනාගතේ ඉන්න අයට මාව පේනනේ නෑ...එතකොට මාව ගිය ආත්මයක් වගේ වගේ වෙලා තියෙන්නේ මට ඒ අය පෙනුනට ඒ අයට මාව පේනනෙනෑ....අතීතයට ගියාමත් ඒ අයට මාව පේන්නේ නෑ....පෙර ආත්මෙට බෑ..අවුරුදු ගානක් පස්සට මේ ගේ හදන්න කලින් නැතිනම් මේ ලොකේ ආරම්භයට උනත් යන්න පුළුවන් ඩයිනසොර්ලා එහෙම හිටියා කියනවනේ ඒ කාලෙට උනත් මට යන්න පුළුවන්....''
●ඒ වගේ යන්න ඔයාට හිත්ච්ච ගමන් යන්න පුළුන්ද...?
                 ''ඕන හිතිච්ච ගමන් යන්න පුළුවන්...බුදුන් වැදගෙන එහෙම ඉන්න ඕන නෑ..අනාගතේ අවුරුදු ගානක් උනත් ඉස්සරහට යන්න පුළුවන්...''


●ඊළඟ ආත්මේ ඔයා කොහෙද ඉපදෙන්නෙ කියලා ඔයාට දැනෙනවාද...?
             '' එහෙම නෙවෙයි මට තව ඇහිච්ච දෙයක් තමයි තාත්තා අහනවා මගේන නිවන් දකින්නේ කවදද එහෙම එකක් අහනවා මගෙන් මම බැලුවා මේක මොකක්ද කියලා තව හරියටම ආත්ම දෙකකින් මේ පවුලේ ඉන්න හතරදෙනාම යනවා දෙවිවරයෙක් ගාවට....''
●ඉන්දික මහත්මයා..?
            '' මෙයා ඊයේ කියනවා මට අවුරුද්ද එහෙම කිව්වේ නෑ...ඉස්සරහට ගියා කියන්නේ කෑගල්ලට...එතකොට කියනවා ඔක්සිජන් තියෙන ඇඳුම් තියෙනවාලු..එක ගහක්වත් නෑ පැත්ත පලාතේ ඔක්සිජන් තමයි තනිකර තියෙන්නේ...අනික සත්තු නෑ...රොබෝ සත්තු අන්න උන් තමයි ඉන්නේ හැම තැනම...''
●ඉතිං පුතේ අපිට එහෙම වෙයිද දැන් ඉස්සරහට...?
                    ''ඔව් ඉතිං ගොඩාක් ඉස්සරහට...''
●පුතේ මෙ දැන් ඔයාට වට්ටෝරුවක්ද එන්න දැන් රහස් වට්ටෝරුවක්ද...?
                   ''ඒක අවුරුදු 3000ක් විතර පරණ වට්ටෝරුවක්...මෙ ලෙඩේ මීට අවුරුදු 95 කට කලිනුත් මේ ලෙඩේ ලංකාවට එන්න තිබ්බා තාත්තගෙ පැත්තෙ නෑයෙක් මීමුත්තෙක්ද මන්දා හිටියලු එයා ගිහින් ඒක කරන්න බැරි වෙන්න දේවල් කලාලු...මීට අවුරුදු 95කට කලින් එයා ඒ ඹෟෂධය හැදුවා....''
●පුතා දැන් ඔයාට කිව්වද තාත්තේ මට වට්ටෝරුවක් තියෙනවා කියලා..?
                ''එක මගේ යාළුවගේ ගෙදරට යන්නකලින් එයා මේ VIDEO එකක් බලලා තිබ්බා රූෂාන් කියලා වෙද මහත්තයෙක් තමයි ඉස්සෙල්ලාම ඒක දෙන්නේ...මේ වට්ටෝරුව ඉස්සෙල්ලාම එළියට දෙන්නේ..මෙයාගෙන් අපි ඇහුවා ඉස්සෙල්ලා මේ වට්ටෝරුව අපිට කියන්න පුළුවන්ද කියලා...එයා කියනවා බෑ කියලා..මගෙ යාළුවා ගාවට ගියාම එයා කිව්වා මම මෙහෙම බේත් වට්ටෝරුවක් බැලුවා පුතේ මේකද හරි කියලා...මෙයා ඒක අහගෙන ඉදලා කිව්වා ඔව් ඒක තමයි වට්ටෝරුව මේක ඕනම කෙනෙකුට හදලා බොන්න පුළුවන් ඒක ගැටළුවක් නෑ...ඒකේ කියන්නේ විශ්ව ශක්තිය ඇතුලත් කරලා මේක බොන්න කියලා..මෙයා කියන්නේ විශ්වයෙන් ආපු ලෙඩක් මේක සිතුවිල්ලක්.....''
●පුතේ ඔයා මේ වට්ටෝරුව මම දැන් තාත්තගෙන් අහගෙන මම මේක ගෙදර හදගෙන බිව්වා කියලා හරියන්නේ නැද්ද..?
                   ''නැහැ....විශ්ව ශක්තියෙන් අපිව ආරක්ෂා කරනවා එතකොට ඒ වෛයිරස් එකට ඇතුල් වෙන්න බෑ....''
●එතකොට පුතේ ඔයාට තියෙන ශක්තිය මට නෑනේ අපි මස් මාළු කනවා සාමාන්‍ය දිවිපෙවෙතක්නේ ගත කරන්නේ...එහෙම පාවිච්චි කරලා හරියන්නෙ නැද්ද...?
              ''ඒ කියන්නේ නිකං හදලා බොනවද...එහෙම බෑ....එහෙම බිව්වොත් ප්‍රත්ඵලයක් නෑ ඒකේ...මම විශ්ව ශක්තිය ඇතුල් කරනවා කියලා කරනවා ඒ කලාම තමයි හරියන්නේ....''
●එතකොට ගෙවල් වල මස් මාළු කන්න ඒවා කරන්න බෑ..?
                ''බෑ...දවස් 6ක් කන්න බෑ....දවස් 6ක් බොන්න ඕන එතකොට තමයි මේක හැදෙන්නේ...''
●දැන් ඉන්දික මහත්මයා මේ කොළඹ ඔබ කිව්ව වෙද මහත්තයත් කියන්නේ පුතා කියන වට්ටෝරුවමයි මොනවාද ඒ වට්ටෝරුවේ තියෙන්නේ..?
             '' මේ වෙදමහත්තයා දාපු විදිහට කොත්තමල්ලි,අමු ඉඟුරු,සුද ළූණු,කුරුඳු,පාවට්ටා කොළ මිටක්,බෙලිදළු මිටක්,මඳුරුතලා,යකිනාරං කොළ,පෙනෙල කොළ,මට මේ තුල්සි කොල(මදුරුතලා)ගැන විස්තරයක් කියන්න තියෙනවා කිව්වට කමක් නැද්ද...මගේ යාළුවෙක් ගාවට යනවා එයා ගමේ ඇවිදින කෙනෙක් එයාගේ ගෙදරට ගිහින් ඇහුව මම මේ බේත තියෙන තැනක් දන්නවද කියලා...මම මට හම්බුවෙන අයගෙන් අහනවා ඒ අය කියනවා දන්නේ නෑ කියලා...මෙයත් එක්ක ගිහින් ඉද්දි මම මෙයාට කිව්වා පුතේ මම මේක තියෙන දිහාවක් දන්නෙ නෑ ඔයා ගාවඉන්න කෙනෙක්ට කියලා හරි මට මේ දේ පෙන්නන කියලා....හරි තාත්තේ මට කහ පාටට පාර පේනවා අපි යන් කිව්වා...මම අම්මා එක්ක අවුරුදු අටහමාරක් තරහ වෙලා හිටියෙ මෙයා කිව්ව අපේ ඒ ගේ තියෙන පාරේ දාන්න කියලා මම පුතාට කතා කරන්නෙ මචං ලෙවල් එකෙන් මම කිව්වා පිස්සුද බන් මට යන්න බැ කියලා කිව්වා ඊට පස්සේ ඉස්සරහට ගනිද්දිම මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙකුයි යාළුවෙකුයි හිටියා ඒ යළුවා ඇහුවා කොහෙද යන්නෙ කියලා...මම කිව්වා කොරෝනා වලට බේතක් හදනවා ඒකට බේතක් හොයනවා මදුරුතලා කියලා අන්න අර අයියලගේ ගෙදරය යන පාරේ තියෙන්නේ ඕන තරම් කියලා කිව්වා...මෙයා bike එකේ ඉදලා මට කිව්වා තාත්තේ මම කිව්වේ ඔයාට ඔයා දැම්මේ නෑනේ කියලා...ඒක පුදුම හාස්කමක්...''
●ඔළුවට ආව රහස් වට්ටෝරුව කියන දේවල් හොයාගත්තද...අරන් ගෙදර ඇවිත් එක හැදුවද.?
                   ''මෙයාට අවුරුද 9යිනේ..මෙයා සාමාන්‍යයෙන් පරිප්පුවක්වත් හදන්න දන්නේ නෑ...මම කඩලා කරලා අහනවා පුතේ මේ ඇතිද කියලා හරි ප්‍රමාණවත් තාත්තේ එහෙම කියන්නේ ඇති කියන්නෙත නෑ...බෙහෙත් දාන පිළිවෙලක් තියෙනවා....අද හදන විදිහ අදට විතරයි...බෙහෙත් ජාති 9ක් තියෙනවනේ ඒක දාන විදිහක් තියෙනවා...අද සුදු ළූණු දැම්මොත් හෙට  එතනට දාන්නේ පෙනෙල කොළ...මෙයා කියනවා දැන් මුට්ටිය බාන්න දැන් ප්‍රමාණවත් කියනවා...බෙහෙත් කඩන්න යන්න වෙලාවක් කියනවා,මේ දවස් වල වැස්සනේ මම වැස්සේ තෙමීගෙන ගිහින් බෙහෙත් කඩන් එනවා සමහර වෙලාවට මෙයත් එකනවා...''
●දැනට මේ බේත හදලා දුන්නද මිනිස්සුන්ට..?
            ''ඔව් දුන්නා...15 කට විතර....මෙයා පෙන්නනවා ඒවත් බේත් ගත්ත ගෙවල් වලට ඉස්සෙල්ලම දෙන්න කිව්වා මස් මාළු හදන්නෙනැති ගෙවල් වලට මේක දෙනවා ඉස්සරහ ගෙයක් තියෙනවා ඒ ගෙදර තාම මස් මාළු හදනවා..''
●ඔයාට තේරෙනවද මේක මේ මේ අයට දුන්නොත් හොදයි එහෙම කියලා දැනෙනවාද...?
               ''ඔව්...''
●මේ කොවිඩ් කියන බේත පුතේ කොවිඩ් හැදුන අයටත් දුන්නද..?
               ''ඔව් දුන්නා...අපිට කියන්න ඕන මේකයි මේ බේත මෙහෙන් ගන්න කියන එක නෙවෙයි කියන්න ඕන...අපි මහන්සි වෙලා සත පහකවත් මුදලක් ගන්නේ නැතුව කඩෙන් ගන්න දෙයක් තිබ්බොත් ඔයාලා මේ දෙවල් අරන් දෙන්න කියලා කියනවා අපි ගාවත් නැතිම උනොත් නැත්තම් ඒත් නෑ...මුලින්ම පටන්ගත්තේ මගේ මුදල් වලින් සුදු ළූණු කොත්තමල්ලිනම් කඩෙන් ගන්න වෙනවා අනිත් ඒවනම් ගමෙන් හොයාගන්න පුළුවන්...මෙයාට කියන්න ඕන කිව්වේ මාධ්‍යට කියන්න කියලා කිව්වේ සමාජගත කරන්න ඕන වෙලාතියෙන්නේ මේ බේත හදලා විශ්ව ශක්තියෙන් වැඩ කරන කෙනෙක්ගෙන් විශ්ව ශක්තිය මේකට ඇතුලත් කරලා හැමෝටම මේක බොන්න දෙන්න එතකොට මොක අපි මුදලකට නෙවෙයි කරන්නෙ...''
●පුතේ කොහොමද මේක බොන්න ඕන..?
                 ''කොවිඩ් තියෙන කෙනෙක්නම් උදේ හවස බොන්න ඕන...දවස් 6ක්...නැති කෙනෙක්කම් ඒත දවස් 6ක් බොන්න ඕන ප්‍රතිශක්තිකරණය ඇති කරන්න...මේ බොන කාලේ මස් මාළු කන්නම බෑ...බේත හදලා මේකට විශ්ව ශක්තිය  එකතු කරන්නත් ඕන...විශ්ව ශක්තිය එකතු කලේ නැත්තම් ඒ අයටම හදාගෙන බොන්න පුළුවන්නේ...ඒකෙ ප්‍රතිඵලයක් නෑ....මේක විශ්වයෙන් ආව ලෙඩක් කියලා තමයි මේ අය කියන්නෙ අනිවාර්යෙන් විශ්ව ශක්තිය  එකතු කරලා තමයි මේක කරන්න ඕන...''
●විශ්ව ශක්තිය තියෙන කෙනෙක්ට මේකට  ඇතුලත් කරන්න පුළුවන්ද නැත්තම් ඔයාම විතරද..?
                '' විශ්ව ශක්තිය තියෙන ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්....මට විතරක් කියලා එහෙම එක්ක නෑ.....''
●ඉන්දික මහතා..?
               '' විශේෂ දෙයක් සිද්ද උනා ගෙදර...මෙයා කියන නිසා මම කියන්නේ...පීටර් කියන යාළුවා කියනවා මෙයාට කරන්න කියලා මෙයාට උපදේශකයක එනවා අරයගෙන් අහලා මේ දේ කරන්න කියලා...හවස අපි පූජවක් තියනවා පූජාවක් කියන්නේ මල් වට්ටියක් තියලා බුදුන් වහන්සේට වෙනම ආසනයක් පිළියෙල කරලා තියෙනවා මෙයාට එතන ඉදලා භාවනා කරන්න විතරයි තියෙන්නෙ කියලා කිව්වා....මෙයා කියනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව මෙතනට වැඩියා කියලා...දෙවිවරු කිව්වා ගම්බාර අප්පච්චි,දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවො,විශ්ණු දෙවියන්,බද්‍රකාලි අම්මා,ශ්‍රියා කාන්තාව,ජීවමානවම වැඩ කරලා මෙයා ඉස්සරහ ඉන්නවා කියනවා තාත්තේ දැන් වඳින්න මේ අය ජීවමානවම වැඩ ඉන්නවා කියලා කියනවා....මට මුකුත් පේන්නේ නෑනේ...මෙයා කියනවා ඒ අය වැඩියාම මම කියනකොට වඳින්න කියලා මම ඉඳගෙන වන්දනාමාන කරනවා ඒවා තමයි මම කලේ...''
●පුතේ පුතාට දැන් මේ කියන බලයට අමතරව ආපේ රටට මොකක් වෙයිද මේ කොරෝනා වලින්...?
                        ''ලොකු බලපෑමක් තියෙනවා...මේක දැන් හැමෝටම බෙදන්න ඕන..මේක බෙදෙනකල් කොවිඩ් වැඩි වෙනවා....මේ බේත හරි කියලා පිළි අරගෙන මිනිස්සු මේ බේත බොනකල් මේ ලෙඩේ පැතිරෙනවා මිසක්වත් අඩුවීමක් නෑ කියල තමයි මෙයා කියලා තියෙන්නේ... ඒ කියන්නෙ මේ බේතට මිනිස්සු විශ්වාසය තියනකල්...විශ්වාසයෙන් බොන්න ඕන නැත්තම් වැඩක් නෑ....මස් මාළු කාලා ඒ දේවල් කලාම කිසිම තේරුමක් නෑ කියල තමයි කියන්නේ...''
●ඔයාට හිතෙන විදිහට මේ තත්වය තව කොච්චර කාලයක් තියෙයිද අපේ රටට පුතේ...?
                   ''තව අවුරුදු දෙකක් විතර....මරණ මීට වඩා වැඩි වෙන්න පුළුවන්...ලෙඩ්ඩු මීට වඩා වැඩි වෙන්න පුළුවන්....''
●ඔයා හිතනවද ඔයාට මේ බේත විශ්වාසයෙන් බැන බැන මස් මාළු කකා නෙවෙයි විශ්වාසයෙන් කලොත් අපට ගැලවීමක් තියෙනවද..?
                ''මස් මාළු නොකා බිව්වෝත් ප්‍රතිඵලය හොදටම තියෙනවා දිගටම කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි සතෙක්ව  මේ ලෝකෙට එවන්නේ උබ මේ කාලේ හිටපන් මම උඹව මේ කාලෙන් පස්සේ ගන්නම් කියලනේ...අපිට අපේ ජීවිතේවත් නැති කරන්න අයිතියක් නෑ...එහෙම එකෙ සතෙක්ගේ ජීවිතේ අපිට උඳුරගන්න බෑ....''


●ඉන්දික මහතා..?
                                    ''මගේ අම්මාගේ මල්ලි කෙනෙක් තමයි දම්මික බණ්ඩාර කියන්නේ...ධනපාල තමයි එයාගේ නම අපි කිරි මාමේ කියල තමයි කතා කලේ....ඒ දේවාලේ හදන්න එහෙමත් මම සෑහෙන්න උදව් කරලා තියෙනවා...මගේ අයියත් ගිහින් තියෙනවා ඒකට උදව් කරන්න...යම් හේතුවක් නිසා  මම ඒක කියන්න කැමති නෑ...මම එතනින් ඒ හේතුව නිසා අයින් උනා...මගේ අම්මා තමයි එතන මුලින්ම තුන්ඩු ලියන්න හිටියේ පින් ලබාගන්න ආපු අමනුෂ්‍ය ආත්මයක් එතන තිබ්බා කියලා තමයි කිව්වේ අපේ මළගිය මාමා කෙනෙක්ගෙන් බලපෑම ආවා කියලා කිව්වේ....කොහොමත් 2002-2005 විතර වගේ ඉදන් ගිහින් තිබුනේ නෑ...මම පන්සල් ගිහින් එහෙම හිටිය කෙනෙක් නෙවෙයි මාසයකට දෙකකට කෑගල්ල පොලිසියේ ඇනිට්‍රියක් තියෙන විදිහට හිටිය කෙනෙක්..පුතාගේ මේ දේවල් දන්නේ නැතුව මම විහින් මම හැදෙන්න ගත්තා...සෑහෙන්න මම අරක්කු බීලා තියෙනවා...මගේ වැරදි වලට මේ දරුවට මඩ ගහන්න එපා කියලා මම ඉල්ලනවා.මේ බේත සල්ලි වලට නෙවෙයි දෙන්නේ අපිට කරන්න උවමනාව තියෙන්නේ මේ බේත නිවැරදි මේ බේත අරගෙන මිනිස්සු සුවපත් වෙන්න කියන එක විතරයි...විශ්ව ශක්තිය ඇතුලත් කරලා මේ බේත බොන්න ඒ පිළිවෙලට බොන්න....ඒ දේ විතරයි කියන්නේ...අපෙන් මේ බේත ගෙනියන්න අපෙන් තමයි මේක කරන්නෙ කියන්න නෙවෙයි අපි හදන්නේ...අනිත් එක මේ දරුවට ලෙඩ රෝග සුව කරන්න පුළුවන් විශ්ව ශක්තිය බලයෙන් ....උප්පත්තියෙන් එන ලෙඩරෝග ඇර ඕනම ලෙඩ රෝගයක් සුව කරන්න පුළුවන්...උප්පත්තියෙන් එන්නේතමන් පෙර ආත්මේ කරපු අකුසල කර්මයකටනේ ඒ නිසා ඒක අයින් කරන්න අයිතිය නෑ අපිට...''
●මොකක්ද පුතේ ඔයා දැන් මේ කියන්නේ මේ රටට මොකක් වෙයිද බොතල් වල යක්කු නේ ද එකතු කලා කිව්වේ මොනාද ඒ වලතියෙන්නේ..?
                  ''හැමතැනකටම යක්ෂ ආත්ම පහර දෙන්න එනවා එතකොට ඒවා  දෙවිවරු එක්ක ගැටිලා මම ඒවා හිර කරනවා..මේ බෝතලේ තියෙන්නේ දළඳා මාලිඟාවේ දන්ත ධාතුන් වහන්සේට පහර දෙන්න ආපු යක්ෂ ආත්ම පහක් තමයි මේකේ තියෙන්නේ මම නෙවෙයි හිර කරන්නේ දෙවිවරු හැමවෙලේම එකක් විතරයි මම හිරකරලා තියෙන්නේ දැනට මේ ආත්ම පහ  දළඳා මාලිඟාවට පහර දෙන්න හදනවා එක cyber attack එකක්...පොඩි උල්කාපාත තියෙන්නේ satellite තුනක් යවලා න්‍යෂ්ටික මිෂයිල තුනක් ලෑස්ති කරන් ඉන්නවා හරියටම දවල් දොළහට ඒ උල්කාව තියෙන දිශාවට ලංකාව හැරෙනවා ඒක වදින්නෙම ලංකාවට ලංකාව දන්ත ධාතුන් හොරකම් කරපු ගමන් ඉවරයි...දැන් ඒ අනතුර නෑ....මේක හිරකරලා තියෙන්නේ...ඇරියොත් මේක ආපහු යනවා...''
●මේක අරින්නේ නැති තාක් ආරක්ෂිතයි කියලා කියන්නේ නේද...අපි කියන ඒවා විශ්වාස කරයිද පුතේ..?
                      ''එහෙම කියන්න දන්නේ නෑ.....වැඩි හරියක්ම අපි කියන්නේ තව මේ විශ්ව ශක්තියෙන් වැඩ කරන මහත්මයෙකුත් මේක එළියට දාලා තියෙනවා මේ වට්ටෝරුව එයා තමයි කියන්නේ මේ දේවල් කෙසේ වෙතත් මේ බේත නිවැරදි මේ විශ්ව ශක්තිය ඇති කරලගා මේ පිළිවෙලට මේ බේත බොන්න කියලා තමයි අපි කියන්නේ...''
●මේ රටේ ජනතාවට කියන්න දෙයක් තියෙනවනම් කියන්න පුතේ..?
                      ''හැම කෙනෙක්ම මතක තියාගන්නමස් මාළු නොකා ඉන්න පුළුවන්නම් ඒක හොඳයි එච්චරයි මට කියන්න තියෙන්නේ...''
●අපි ඉන්නේ කෑගල්ල අඹන්පොල මම දැකලා නෑ මීට පෙර මේ වගේ දරුවෙක්..අපි කිසිම දෙයක් ප්‍රතිනිර්මාණය කලේ නෑ....පිළිගැනීම නොපිළිගැනීම ඔබට අයිති දෙයක්....පුළුවන් දේ කියන්න කියලා කිව්වා...මේක සමාජයේ සංවාදයට බඳුන් කරන්න...කෙසේ වෙතත් දරුවා දෙන පණිවිඩය අපි ධනාත්මකව ගමු.....

සාකච්ඡාව -චමුදිත සමරවික්‍රම