sri-lanka-social-media

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පෝස්ටු පළ කරමින් BOTS/sock-puppet භාවිතා තුළින් මහජන මතය ප්‍රවර්ධනය මෙන්ම වෙනස් කිරීමේ කටයුතුවල නියැලී සිටින බවට ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ විශ්ලේෂකයින් සහ විශේෂඥයින් පෙන්වා දෙයි. 


විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ සමාජ ජාල (විස්තාරණ ජාල - amplification networks) ගිණුම් හරහා සම්බන්ධීකරණය වෙමින් සිය මතය ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය තාන්ත්‍රිකයින් උපායමාර්ගයක් ලෙසට භාවිතා කරමින් සිටින බවට ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනය (Oxford Internet Institute) මෑතකදී වාර්ථාවක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ.
 විකල්ප ප්‍රතිපත්ති සඳහා වූ මධ්‍යස්ථානයේ (CPA) හිටපු ජ්‍යෙෂ්ඨ පර්යේෂකු මෙන්ම, වත්මනයේ නවසීලන්තයේ ඔටාගෝ (University of Otago, New Zeeland) විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින

ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය විශ්ලේෂකයෙකු වන සංජනා හත්තොටුව මහතා විසින් මැතකදී පළ කරනු ලද ට්විටර් පණිවිඩය ජාත්‍යන්තර මධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍ය විශ්ලේෂකන්ගේ ද අවධානය දිනාගෙන තිබේ.එමෙන්ම, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට සම්බන්ධ "BOTS/sock-puppet" ගිණුම් හදිසියේ මතුවෙමින් ක්‍රියාකාරීවීම සිය ට්විටර් පණිවිඩයෙන් ඉස්මතු කිරීමෙන් අනතුරුව ට්විටර් වෙබ් අවකාශයේ අවධානය දිනාගැනීමට සමත්ව තිබේ.

සිය ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ගෝලීය දේශපාලන බලවතුන් (Global Super-Powers) විසින් ලොව පුරා දියත් කරමින් ව්‍යාප්ත කරන ලද උපාය මාර්ගයකි. මෙවැනි වංචනික උපායමාර්ගික පියවරයන් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තීන්දුවලට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාව චීනයේ ග්‍රහණයට නතු කර ගැනීමට ගනු ලබන චීන උපයමර්ගයන්හි මෙය තවත් එක් ප්‍රයත්නයක් පමණි.

ඒ කෙසේවූවද ලංකාව චීන ග්‍රහණයට නතු කර ගැනීමට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මෙවන් ක්‍රයාවන් අනුගමණය කරමින් සිටින බවට වත්මනයේ මෙම චෝදනා චීනයට එල්ල වෙමින් තිබේ.

Source -A24 News