new-lockdown-sri-lanka


අද  උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ප්‍රදේශ දෙකක් හුදකලා කර ඇති බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඒ අනුව කොළඹ  දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කර ඇත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බලප්‍රදේශයේ කෙරඟපොකුණ ජෝර්ජ් පාර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 06 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.