slave-island-new-varient

කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිතව සේවය. කළ අයෙකුට අයත් ජෛව පටල සාම්පලයක අසාමාන්‍යතාවක් හඳුනාගෙන ඇති බවත්, කෙසේ වුවද එම පුද්ගලයා කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකුදැයි මේ වනතෙක් තහවුරු කරගෙන නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.



ඔහු කියා සිටියේ, ඇතැම් විට ඒ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය නොව වෙනත් කෝවිඩ් ප්‍රභේදයක් හෝ නො එසේනම් මේ වනතෙක් හඳුනා නොගත් වෙනත් වෛරස් තත්ත්වයක්ද විය හැකි බවයි.

කෙසේ වුවද එම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද පවසා සිටි. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද පැවසීය.



මාදිවෙල,  ප්‍රගතිපුර ප්‍රදේශයේ වෙසෙන, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ  කර්මාන්ත ශාලාවක සේවයේ නිරතවූ  පුද්ගලයෙකුට කෝවිඩ්19 ඉන්දියානු ප්‍රභේදය (ඩෙල්ටා) ආසාදිතව ඇති බවත්, ඒ අනුව ප්‍රගතිපුර ප්‍රදේශවාසීන් පී.සී. ආර්.පක්‍ෂණවලට ලක් කෙරෙමින් පවතින බවත් ඊයේ (21)දාප්‍රකාශ විය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන්සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාශයේදී ඊයේ පැවැති කෝවිඩ් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විශේෂඥ වෛද් හේමන්ත හේරත් මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී පිළිතුරු ලෙස ඒ මහතා ඉහත කරුණු දැක්වීය.මීට අමතරව වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නිරත ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවකට කෝවිඩ්-19 වෛරසය ආසාදිතව තිබීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීහු මෙම හමුවේදී ප්‍රශ්න කර සිටියහ.ඒ අනුව ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ ඊට අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි

(නිදර්ශනී වික්‍රමසිංහ)