
කොවිඩ් 19 වෙනුවෙන් චීනය නිපදවූ සිනෝවැක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම විසින් මෙම එන්නත නිපදවා තිබේ.
මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට චීන එන්නත් දෙකක් සඳහා අනුමැතිය ලබා දී තිබේ. කොවැක්ස් වැඩසටහන වෙනුවෙන්ද මේ අනුව සිනෝවැක් එන්නත එක්වෙනු ඇත.
චීනය විසින් නිපදවා ඇති තවත් එන්නතක් වන කැන්සිනෝ බයෝලොජික්ස්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
සිනෝවැක් සමාගම පවසන්නේ තම එන්නතේ මාත්‍රා මිලියන 600ක් පමණ මේ වන විට නිපදවා ඇති බවත් මැයි අවසන් වන විට එයින් මාත්‍රා මිලියන 430ක් පමණ දේශීයව මෙන්ම විදේශීය භාවිත කර ඇති බවයි.
සිනෝවැක් එන්නත ලංකාවේ නිපදවීම සම්බන්ධයෙන්ද මේ වන විට සාකච්ඡා කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval