
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇගලුම් කම්හලක ප්‍රධාන සූපවේදියකු කොරෝනා වයිරසයට ගොදුරුව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. මියගොස් ඇත්තේ නිට්ටඹුව කළගෙඩිහේන
ග්‍රාමයේ පදිංචි 49 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. මොහු සේවය නිමවා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය අසල පිහිටි ක්‍රීඩාංගනයට නුදුරුව යතුරුපැදිය ද සමග කාණුවකට ඇද වැටී සිටිය දී නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ දෙදෙනකු විසින් ඔහු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගත කරන ලද මෙම සූපවේදියාට රෝහලේ දී සිදුකළ 'රැපිඩ්' ඇන්ටිජන් පරික්ෂණයේ දී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. සිහිසුන්ව ඇද වැටී ඇති මෙම සූපවේදියා ත්‍රීරෝද රථයක පටවා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් ඇති වතුපිටිවල පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා, නිට්ටඹුව මුලස්ථාන පොලිස් රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂකවරයකු හා එහි පොලිස් සැරයන්වරයකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
-යූ. ඩබ්ලිව්. කේ. ජයවර්ධන-
Comments
Post a Comment
Your comment will be visible after approval