short-eats-price-hike

පිටි සමාගම් පිටි මිල ඉහළ දැමූ නිසා පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන ලද බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.


ඒ අනුව මාළු පාන්,

බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇත.
මෙම මිල ඉහළ දැමීම පාලනයට රජය මැදිහත්වී නැත.

ඉන්ධන මිල ඉහළ ගොස් නිෂ්පාදන වියදම දරන්නට බැරි නිසා පාන් නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන පිටි කිලෝවක මිල රුපියල් 3.50 කින් ඉහළ නංවන බව මෙරට ප්‍රමුඛ පෙළේ පාන් පිටි අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගම සිය ඒජන්තවරුන් වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව රුපියල් 80ක් වූ පිටි කිලෝවක මිල රුපියල් 83.50ක් දක්වා ඉහළ යන බව සඳහන් වෙයි.
මෙම මිළ ඉහළ යාමත් සමගින්ම කිලෝ ග්‍රෑම් 50ක පාන් පිටි මිටියක නව මිල රුපියල් 4,175ක් දක්වා ඉහළ යයි.
පාන් පිටි මිල ඉහළ දැමීමත් සමගින්ම බේකරි නිෂ්පාදන මිලද ඉහළ දැමීමට සිදුව තිබෙන බව බේකරි නිෂ්පාදන සමාගම් ඒ අනුව කටයුතු කර ඇත.