පසුගිය මස 23 වනදා කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද ආසිරි රෝහලෙන් පිටව ගොස් තිබෙයි.
සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත ගොස් තිබේ.
එහිදී මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, ගංඟාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුලු මහා සංඝරත්නය විපක්ෂ නායකවරයාට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක්ද සිදු කරන ලදි.


Comments
Post a Comment
Your comment will be visible after approval