rebuilding-business-after-covid19

කොරෝනා වසංගත තත්වය නිසා ව්‍යාපාරිකයන් වැඩි දෙනෙකු තම ව්‍යාපාර අඩාළ වීමෙන් විවිධ ගැටලු වලට මුහුණපා ඇත. මනෝ විද්‍යා දේශක මොහාන් පල්ලියගුරු මහතා සමග පහත දැක්වෙන සාකච්ඡාවේදී ඔහු එම ගැටලු පීඩාවන්ගෙන් අත්මිදීමට උපදෙස් සපයයි.


✿මොහාන් මහත්මයා මේ කාල වකවානුවේ covid එක්ක ව්‍යාපාර කඩා ගෙන වැටීම රටට ලොකු ප්‍රශ්නයක් ඒ වගේම ව්‍යාපාරිකයන්ට ලොකු ගැටලුවක් එතනින් එහාට ඒ ප්‍රශ්න ටික දැන් ගෙදරටත් ඇවිල්ල තියෙනවා....?
                                                                   ''ව්‍යාපාර කඩා වැටෙනවාට වඩා ඔබේ ව්‍යාපාරය නවෝත්පාදනය කට නැතිනම් නවීකරණයට ලක් කළ යුතු කාලයක් කියලා කිව්වා නම් වඩාත් හොඳයි....එහෙම මම කියන්නේ අර කඩාගෙන වැටෙනවා කියනවාට වඩා පවතින තත්වය යටතේ පවත්වාගෙන යන්න පුළුවන් විදිහට අපි අපේ ව්‍යාපාරය වෙනස් කළේ නැහැ කියන එකයි..''



✿ඒක ටිකක් ගැටලුකාරී කතාවක්නේ...දැන් අපි සාර්ථකව ව්‍යාපාර කරගෙන ගිය පුද්ගලයින් හිටියා හැබැයි covid වසංගතයක් එක්ක අපිට හිතපු නැති වෙලාවක අපේ ව්‍යාපාර නවත්තල දාන්න සිද්ධ වුණා අපි මුලින් හිතුවේ මේක කෙටි කාලීන කොමාවක් විතරයි කියලා හැබයි දැන් දින නියමයක් නොමැතිව ව්‍යාපාර වහලා දාලා .....?

                                                 ''ඔව් මේක කෙටිකාලීනයි තමයි....ඔබ හිතනවා ද අපිට මුළු ජීවිත කාලෙම කොවිඩ් එක ඉන්න වෙනවා කියලා..නැහැ....බුදු දහමට අනුව ගත්තම ලෝකෙ කිසිවක් සදාතනික නැහැ.ඉතිං covid සදාතනික වෙන්නත් බැහැ.ඒක වෙනස් වෙනවා එතකොට ව්‍යාපාරිකයෝ කියන්නේවෙනස් වෙන ලෝකයේ අවශ්‍යතා එක්කවෙනස් වීමේ හැකියාව තියෙන කෙනෙක් වෙන්නම ඕන...වෙනස ඇති කර නො ගත්තොත් මොකද වෙන්නේ ව්‍යාපාරිකයෙක්ට පවතින්න බැහැ,එක ලොකු පොඩි හැමෝටම අදාලයි ....ඕක මීට දශක දෙකකට විතර එහාකලින් තිබුණු දැවැන්ත ම දුරකථන සමාගම අද නැහැ ඒක බිඳ වැටුණා...එක බඒක බිඳවැටුනේ android  technology එද්දී වෙනස් වෙන්න බැරි වෙච්ච නිසා...එහෙම බලපෑම් යම් යම් කේෂ්ත්‍ර  වලට විතරයි....එක තියෙන එකම වෙනස covid එකත් එක්ක මුළු ලෝකෙටම වෙනස් වෙනස් වෙන්න බල කරලා තියෙනවා...එතකොට මම කියන්නේ දේශකයෙක් චින්තකයෙක් මට මම උදව් කරන්නේ ව්‍යාපාරිකයන්ට ගෙදර ඉන්න අයට දැනගන්න දරුවන්ට ජනතාවට අළුතෙන් සිතන්න...කොට මමත් කියන්නේ ඔහු ව්‍යාපාරවලට අමාරුයි නම් කියලා නම් මම මෙතනට ආපු එකෙන් වැඩක් නැහැ මම උත්සාහ කරන්නේ අලුත් සිතුවිලි ඇති කරන්න මේ වෙලාවේ යම්කිසි ව්‍යාපාරයක් බිඳ වැටිලා නම්කරගෙන යන්න අමාරු නම් ගේ අදහස තමයි ඔබේ ව්‍යාපාරයට මේ වෙලාව ඉල්ලුමක් නෑ කියන එක එහෙනම් දැන් ඔබ හොයලා බලන්න ඕනේඒ ව්‍යාපාරයට මේ වෙලාවේ ඉල්ලුමක් නැති වුනේ ඇයි...උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාරයක් නම් තිබුණේ විවිධාංගීකරණය නොතිබුණානම් පාඩමක් ඉගෙන ගන්නවා මින් ඉදිරියේ දී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මගේ ව්‍යාපාර රැකගන්න මොනවද කරන්න ඕනේ කියලා.....

ඔබ පාඩමක් ඉගෙන ගන්නවා මම ව්‍යාපාර කරද්දි සියලුම  ඇයි වියදං කරලා හරියන්නේ නැහැ දන සහගත කාලයක මගේ ව්‍යාපාරය යළි පටන් ගන්න දවස එනකන් පවත්වාගෙන යන්න මම ධනයක් ඉතුරු කර ගත යුතුයි කියලා ඒ නිසා දැන් අපි කරන්න ඕන  වැටුනො වැටුනො කියලා ගහන එක ම නෙවෙයි එක පැත්තක් තමයි මගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න මොකක්ද මම කළ යුත්තේ කියන පැත්තට සිත  මෙහෙයවලා හිතන්න පටන් ගන්න ඕනේ එතකොට අලුත් අදහස් එයි....අලුත් අදහස් නිසා බිහි බිහිවෙච්ච ව්‍යාපාරය තිබ්බ ව්‍යාපාරයට වඩා ඇයි ව්‍යාපාරයක් වන්නට පුළුවන් ඔබ දන්නවා හමුදාවේ සටන් කරන කොට සෙබළු උපක්‍රමණශීලී ලෙස පසු බැසීම කියලා කියනවා....උපක්‍රමශීලී පසුබැසීම කියන්නේ මේ සටන මේ විදිහට කලොත් සිදුවන හානිය වැඩි කියලා උපක්‍රමශීලීව පසු බැසලා හොඳට සන්නද්ධ වෙලා යළි මොකක්ද කරන්නේ ආවට වඩා වේගයකින් ඉදිරියට යනවා....

ඉතින් මේ කාලයේ ඔබේ ව්‍යාපාරයට මහර වෙලාවට උපක්‍රමශීලීව  පසු බසින හොඳ කාලයක් වෙන්න පුළුවන්  ඇයි පසු බැසලා covid ඉවර වෙනකන් ඉන්න එපා ඔබ මේ වෙලාවේ හොඳින් සූදානම් වෙන්න ඕනේඅවශ්‍ය වෙනස් කම් කර ගන්න ඕනේ මේ කණ්ඩායම හොඳට පුහුණු කර ගන්න ඕනෑ,නව ව්‍යාපාර අවස්ථා ගැන සොයලා බලන්න ඕනේඔබේ ව්‍යාපාරය තිබුණු අඩුලුහුඩුකම් හොයලා ගන්න බලලා වහල දාන්න ඕනේ...මට නිශ්චිතයි යම්කිසි  තව සාධාරණ කාලසීමාවක් තුළ දැන් මේකට උත්තරයක් සොයා ගනීවි පිට යන ගමනට ඔබ සූදානම් වෙන කාලයක් කරගත්තනං ඔබ වැටිලා නැහැ ඔබ තාවකාලික විරාමයක් අරගෙන වේගයෙන් ඉදිරියට ගිය හා සමානයි.......''

✿මොහාන්  මහත්මයා සමහර ඉතා ම දක්ෂ ව්‍යාපාර සඳහා හොඳ අදහස් තියෙන පුද්ගලයින් රැකියා වල ඇතුලේ සීමා වෙලා ඉන්නවා...මෙහෙමයි දිගට ම රැකියාව කරන්න ඕනෙද ව්‍යාපාරය  පටන් ගන්නවා කියන අභියෝගය ගන්න ඕනේ ද ...?
                                            ''ලස්සන කියමනක් තියෙනවා ලෝකය දක්ෂ බිය මිනිසුන්ගෙන් පිරී ඇත කියල...දක්ෂතාවය එළියට එන්නේ නැත්තේ අර බය නිසා මොන බය ද කියන දේ අත්හරින්න තීරණයක් ගන්න තියෙන බය....මම මගේ රැකියාවෙන් අයින් වෙද්දී අධ්‍යක්ෂවරයෙක් කොට ඉතා ඉහල වැටුපක්,ආයතනය විසින් නඩත්තු කරන වාහනයක්,විශාල  කණ්ඩායමක ප්‍රධානියෙක්,දාලා එනවා කියන එක ලේසි නැහැ.....එම මේ සියල්ල අත් හැරලා ආපහු ඉඳලා මමත් ව්‍යාපාරිකයෙක් විදියට පටන් ගත්තා මම අද ඒ ගැන ගොඩක් සතුටුවෙනවා අද මම විතරක් නෙමෙයි පිරිසක් මාත්  සමඟ ජීවත් වෙනවා....හැබැයි මට එදා අත්හරින්න බය තිබ්බනං මම තාමත් ආයතනයක වැටුපකට වැඩ කරනවා දැන් මට තේරෙනවා මම මේක පටන් ගත්තට පස්සේ මට තව කොච්චර හැකියාවන් තිබිලා තියෙනවද ඒ හැකියාවන් ආයෝජනය කළේ නැහැ මුදල් බවට පරිවර්තනය කළේ නැහැ රැකියද රැකියාවෙන් අයින් වන තාක්කල් මොකද මම එතන කර කර හිටියේ එතනට ඕන ටික විතරයි.....

මම ඔබට යෝජනා කරනවා උඹට ව්‍යාපාරික සිහිනයක් තිබේ නම් අඩුමගානේ 35 වෙන්න කලින් ඒ ගමන යන්න පටන් ගන්න...ඉංග්‍රීසියෙන් ලස්සන කියමනක් තිබෙනවා මම ඒක සිංහලෙන් ඔබට කිව්වොත් ඔබට තරුණියක් ගැන ආදරේ ඇතිවන්නේ නම් නිවලහා හා එය ප්‍රකාශ කරන්න කියලා...හේතුව හිත හිතා ඉඳලා අර ගෑණු ළමයා ඒ ගැන දන්නෙ නැහැ වෙන කවුරුහරි ඇවිල්ලා ඒක ඇහුවත් ඒ කෙනාට එයාව අහිමි වෙලා හැමදාම දුක් වෙවී ඉන්න තමයි වෙන්නේ..... සැඳෑ සමයේ මිනිස්සු වැඩියෙන්ම දුක් වෙන්නේ කරපු දේවල් වලට වඩා හැකිව තිබියදී නොකරපු දේවල් ගැන ලු..හිතනවාට වඩා ඔබ දක්ෂයි පුංචීයෙන්  පටන් අරන් ගමන යන්න සමහරවිට ඔබේ ව්‍යාපාරික සිහිනය සැලසුම් කරන්න එහි ආරම්භය ගන්න හොඳ කාලේ මේක වෙන්න පුළුවන්....අපද අපිට පේනවා youtube චැනල් වල උනත් ගොඩාක් මේ ව්‍යාපාර ගැන තරුණ තරුණියන්ගේ උනන්දුවක් තියනවා කියලා ඔබේ ව්‍යාපාරික ගමන යන්න පටන් ගන්න මේ කාලේ පාවිච්චි කරන්න.....



✿මොහාන් මහත්මයා සමහර ව්‍යාපාර තියනවා සමහර කාල වලට හරි විශේෂයි ඒ කාල වකවානුව තුළ අපිටනං  ව්‍යාපාරයක් සඳහා සුදුසු කාලයක් කියලා පේන්නෙ නැහැ බෑ මේ කාලවකවානුව තුළ නිර්මාණශීලී අදහස් තියෙන අලුත් විදිහට හිතන කෙනෙකුට ව්‍යාපාර කරන්න පුළුවන් කාලයක්ද...?

                ''Covid දිහා බලාගෙනම ව්‍යාපාර පටන් ගන්න එක හොඳයි කියලා එච්චරම කියන්නේ නැහැ හේතුව මේක තාවකාලික සිද්ධියක් හරියටම කියනවනම් මහ හයියෙන් වහින දවසක ඔබේ සියලු මුදල් ආයෝජනය කරලා කුඩ හදන්න පටන් ගන්නවා වරුසාව  වහින එක සතියකින් ඉවර වෙනවා ද සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා දැන් ඔබ කොහොම ද වැටුප් ගෙවන්නේ,දැන් ඔබ කොහොමද මේක පවත්වාගෙන යන්නේ,ආ ඔබ අලුතින් ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වෙන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරිකයෙක් නම්  ඒ covid එකට විතරක් ව්‍යාපාර පටන් ගන්න එක එච්චර හොඳයි කියලා මම හිතන්නේ නැහැ මොකද මේක ඉවර වෙනවා....

මේකත් එක්ක මුළු ලෝකය ම තව අවුරුදු ගණනක් ඉස්සරහට යන්නේ නෑ තමයි  එක කවද්ද කියලා කියන්න මම දන්නෙ නැහැ නෑ මම දන්නවා මට දැනෙනවා ඒකට ලෝකෙ උත්තරයක් හොයා ගනි ....හොයා නොගත්තත් මේ වගේ ම දෙකක් අතීතයේ ඇවිල්ල තියෙනව ඒවා දිහා බැලුවහම පේනවා ඒව උපරිම තත්ත්වයට ඇවිල්ලා තාක්ෂණය දියුණු නැති කාලෙකත් උපරිමේට ඇවිල්ලා ඉබේම අතුරුදහන් වෙලා තියෙනවා....එතකොට මේකත් උපරිමයෙන් අවුරුදු දෙකකින් තුනකින් ඉවර වෙයි එනිසා ඔබ ව්‍යාපාරයක් ගැන හිතනවා නම් හිතන්න ඕන කෝවිඩ් එකට නෙවෙයි පින් නිසා නිර්මාණය වන නව ව්‍යාපාරික අවස්ථා ගැන හිතන්න ඕනේ .....ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ගත්තොත් මේකට අපි කියනවා නව සාමාන්‍ය ලෝකය කියලා  කොවිඩ් වලින් පසුව උදාවන ලෝකය....

මිනිස්සු වේගයෙන් තාක්ෂණය එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා,මිනිස්සු කඩවල් වලට ගිහිල්ලා බඩු ගන්න එක අඩුවෙලා  මිනිස්සු බඩු ගෙන්වාගැනීම කියන එක දියුණු වෙනවා..මිනිසුන්  online ඉගෙන ගැනීම වැනි ක්‍රම සොයා බලනවා...කියන්න බිහිවෙන්නේ තාක්ෂණික මිනිසෙක්....මං දනව් සිසාරා තාක්ෂණය ව්‍යාප්ත වෙනවා මෙන්න මේ වෙනස්කම් වලට ඔබට දෙන්න පුළුවන් උත්තර මොනවද අන්න ඒවා තමයි ව්‍යාපාරික අවස්ථා බවට පත්වෙන්නේ da හරණයක් විදිහට ගත්තොත් මිනිස්සු සෑහෙන වේගයෙන් මිනිස්සු වස විස රසායනික දේවල් වලින් තොර සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන තියෙන උනන්දුව වේගෙන් වැඩි වෙනවා....මිනිස්සු ඉදිරියේ දී අනවශ්‍ය වියදම් හුඟක් අඩුකර මට ජීවිත වලට යම් ප්‍රමාණයකට නැඹුරු වීමේ අවස්ථාව  වැඩි වෙනවා....කොට ඒ වෙනස්කම් හරහා නිර්මාණය වන ව්‍යාපාර අවස්ථා ගැන තමයි ඔබ හිතන්න ඕන......''



✿මම සාර්ථක ව්‍යාපාර පිය පාර්ශ්වයෙන් පුතුන්ට හිමිවෙලා පුතුන් පාර්ශවයෙන් නව වෙනස්කම් කරන්න ගිහිල්ලා කඩාගෙන වැටිච්ච අවස්ථා අපි දකිනවා.... අලුත් දරුවන් ව්‍යාපාර වලට එකතු කර ගැනීම  අලුත් අදහස් මේ දේවල් හොඳ ශක්තියක් පුනර්ජීවනයක් කියලා තමයි පොතේ තියෙන්නෙ...ඇයි තාත්තා සාර්ථකව කරපු ව්‍යාපාරය පුතාට දෙනකොට කඩාගෙන වැටෙනවා ඇයි  එහෙම වෙන්නේ....?

                                         ''ඕකට ඇත්තටම න්‍යායක් තියෙනවා තුන්වන පරම්පරාවේ ව්‍යාපාර කියලා පළමු පරම්පරාව බිංදුවෙන් පටන් අරන් මහන්සි වෙලා දුක්විඳලා ව්‍යාපාරය ගොඩනගනවා දෙවැනි පරම්පරාව තාත්ත කරපු ටික යන්තම් දුටුව පවත්වාගෙන යනවා...තුන්වෙනි පරම්පරාවට එනකොට පලවෙනි පරම්පරාව කළේ මොකක්ද කියලා දන්නේ නැහැ එයාලා පුටුවේ ඉඳගෙන ව්‍යාපාරය කළමනාකරණය කරන්න යනවා නැති කරනවා ඕක ලෝකේ න්‍යායක්....

එතකොට ඒක වලක්වා ගන්න ඕනේ කොහොමද කියන එකත් ව්‍යාපාර කළමනාකරණයේදී උගන්වනවා...ව්‍යාපාරය සාර්ථකත්වය තීරණය වෙන්නේ දැනුම මත ම නොවේ මේ පොතෙන් ගන්න දැනුම මත ව්‍යාපාර සාර්ථක වෙනවා නම්  ව්‍යාපාර කළමනාකරණ උපාධි තියෙන සියලුම දෙනා  ව්‍යාපාරිකයෝ වෙන්න ඕනේ එම වෙන්නේ නැහැ ....ලෝකයේ ව්‍යාපාරිකයෝ දිහා බැලුවාම පේන දේ තමයි බහුතරයක් ව්‍යාපාරිකයෝ පොතේ පතේ දැනුමට වඩා පායෝගික ජීවිතයේදැනුම තියෙන අය  ඒ නිසා යම් කිසි තාත්තා කෙනෙක් පුතෙක්  පුතෙක්  හෝ අම්මා කෙනෙකුට ව්‍යාපාරය බාරදීලා ඒක  පැටන් එක වලක්වගන්න ඕන ක්‍රියාමාර්ග තමයි එක සැරේ ඒ ව්‍යාපාරය පුතාට දුවට බාර දෙන්නේ නැතුව ඒ ව්‍යාපාරය පහල සිට වැඩ කර ගෙන ඉහළට නගින්නට දරුවා ව උනන්දු කිරීම....

මම දන්න ව්‍යාපාරිකයෝ එහෙම කරනවා මම දන්න එක එක ආයතනයක මෝටර් රථ ආයතනයක  ව්‍යාපාරය හිමිකරු ඔහු ගේ පුතාව වෙනම ආයතනයකට යවලා කිව්වා ඔයා වැඩ කරන්න  වැඩ කරලා ඔයා එතන කළමනාකරුවකු උන දවසට මම මේ ව්‍යාපාරය  බාර දෙන්නම්....ඒක තමයි ඕන තමන්ගේ ව්‍යාපාරය බාර දුන්නේ නැහැ බැනුම් අහගෙන මේ පීඩනය දරා ගෙන කට්ට කාලා ඔයා මේ තැනට එන්න ඕනේ එහෙම නැත්නම් මොකද වෙන්නේ ඔයාට මේ ව්‍යාපාරය දුන්න ගමන් නැති කරනවා .....මම තමයි සාර්ථක ව්‍යාපාරිකයෝ තමන්ගේ දරුවන්ට ව්‍යාපාර භාර දෙන්නේ ඒ නිසා ඔබේ ප්‍රශ්නය නිවැරදි ආරම්භක  ව්‍යාපාරිකයාගේ අත්දැකීමයි තරණයන්ගේ දැනුමයි මේ දෙක එකට එකතු කරන්න පුළුවන් නම් ව්‍යාපාර ඉදිරියට ගෙනියන එක සාර්ථක කර ගන්න පුළුවන්.......''

✿මොහාන් මහත්මයා සමහර ව්‍යාපාර තියෙනවා මේ කාල වකවානුව තුළ රුපියලක්වත්  උපයන්නේ නැහැ ඒ ව්‍යාපාර අඩාල වෙලා තියෙනවා ඒවගේම ඒ ව්‍යාපාරිකයෝ ඉන්නේ දැඩි පීඩනයක....උදාහරණයක් විදියට ගත්තහම සංචාරකයින්ගේ පැමිණීම සිද්ධ වෙන්නේ නැහැ එනිසා සංචාරක කර්මාන්තය මේ වෙනකොට බොහොම අඩියටම වැටිල තියෙන්නෙ  ඒ වගේම ප්‍රසංග වේදිකාව සම්බන්ධව ව්‍යාපාර කරපු ආලෝක ශිල්පීන්, වේදිකාවට සහාය දැක්වූ විවිධ ශිල්පීන් හැම ක්ෂේත්‍රයක්ම අද බිමටම කඩාගෙන වැටිලා ඒ වගේ ව්‍යාපාරිකයෝ මේ වගේ අවස්ථාවල මොනවද කරන්න ඕන .....?
                                              ''ඒකට පොදු උත්තරයක් දෙන්න අපහසුයි ඒත් මම දෙන්නම්....එක එක ව්‍යාපාරයට වෙන වෙනම කතා කරන්න ඕනේ අපිට යම් කිසි ව්‍යාපාරයක ආදායමක් එන්නේ නෑ කියන එකේ තේරුම තමයි ඒ ව්‍යාපාරයට ඒ ව්‍යාපාරයෙන් දුන්න නිෂ්පාදනයට හෝ සේවාවට වෙළඳපොලේ ඉල්ලුමක් නෑ කියන එක ඒකනෙ අදහස එතකොට ඔබ කරන්න ඕනේ ඒ ව්‍යාපාරය මත්තෙම සිටින එක නෙවෙයි එතකොට බලන්න ඔබ ගාව මේ වෙනකොට තියෙන සම්පත් ටික මොනවද ගොඩනැගිලි ඇති ,

වාහන ඇති,පිරිස් බලය ඇති , අත්දැකීම් ඇති ,දැනුම ඇති මේ ටික පාවිච්චි කරලා මට කළ හැකි වෙනත් ව්‍යාපාර මොනවද ව්‍යාපාර අවස්ථා මොනවාද මේක සොයන්න පටන් ගන්න ඕනේ හිතන්න පටන් ගන්න ඕනේ මම ඔබට ආරාධනා කරනවා කෙටියෙන් මෙන්න මේ ටික කියවලා බලන්න උදාහරණයක් විදියට ගත්තොත් දෙවන ලෝක යුද්ධයේ දී ටොයෝටා සමාගම කළේ මොකක්ද කියලා හොයලා බලන්න,හොන්ඩාගේ ආරම්භක ජීවිත කතාව කියවලා බලන්න එය ටික කියවලා බලන්න ඒ ටික කියන්න ගියොත් වෙලාව මදි වෙනවා ඒකයි මම කෙටියෙන් කිව්වේ....අපිට තියන දේවල් ටික වෙනස් විදිහකින් පාවිච්චි කරලා අපිට යළි ව්‍යාපාර අවස්ථා ගොඩනඟා ගන්න පුළුවන් මම කියන්න ඉස්සෙල්ලා වගේ මහා ලාභ ලබන්න නෙවෙයි ඒ අභියෝගාත්මක කාලය පහු කරගන්නකල්...මම සරල උදාහරණ දෙක තුනක් ගත්තොත් දෙවැනි lockdown එකේදි එතැනදී සංචරණය සීමා නෙමේ සම්පූර්ණයෙන් එළියට යන එක ම තහනම් උනා නේ සංචරණසීමා නේ දැන් තියෙන්නෙ.....

මම දන්න වෛද්‍යයවරයෙක් ඔබ දන්නවා ඒ කාලෙදි dispensary පවා වහලා දැම්මා ඒ වෛද්‍යවරයා මොකද කළේ පවුලේ බෙහෙත් ගන්න පිරිසට ඔබට මොනව හරි සෞඛ්‍ය පහසුකම් ඕන නම් මාව දුරකථනයෙන් අමතන්න කියලා මැසේජ් එකක් යැව්වා මේ වෛද්‍යවරයා ඊට පස්සේ මොකද කළේ දුරකතනයෙන් අමතන කට්ටියට අවශ්‍ය බේත් ටික නිර්දේශ කරලා ෆාමසි එකට ඒ තුණ්ඩුව යවනවා බේත් ටික නිකුත් කරන්න  ඖෂධ හලෙන් මොකද කරන්නේ ඒ ටික ත්‍රීවීල් එකක් හරහා ගෙදරට delivery  කරනවා....එයාලා පොඩි සේවාවක් සපයන ගමන් ආදායමකුත් හදාගත්තා මම මේ කෙටි දෙයක් කිව්වේ ....ඒ තනි වෛද්‍යවරයෙක් මේකෙන් තුන් ගොල්ලො කොට ව්‍යාපාර අවස්ථාවක් උදා වුණා...ම

ෝටර් රථ ක්ෂේත්‍රයට මේක බලපාලා තියෙනවා මම දන්න එක සමාගමක් අලුත් නිෂ්පාදන දෙකක් පටන් ගත්තා එයාලා කරපු නැති එතකොට එයාලා ආනයන සීමා කළේ වාහන වලට නේ හැබැයි  ලංකාවේ තියෙන වාහන වලට අවශ්‍යතා තියෙනවා ආනයනය කරන්නේ නෑ කියන්නේ මෙතන වෙළඳපොලක් නේ ඔවුන් මොකක්ද කළේ වාහන වලට අවශ්‍ය නිෂ්පාදනයකට ගියා එයාලා දැන් අර තිබුණු ආයතනය සම්පත්ම පාවිච්චි කරලා අලුත්ම නිෂ්පාදනයක් පටන් ගත්තා....

ඔබ කලකිරිලා කලබල වුනොත් ඔබට අවශ්‍යතා පේන්නෙ නැහැ හැබැයි ඔබ හිතන්න පටන් ගත්තොත් ඔබට අවස්ථා හොයා ගන්න පුළුවන් දෙවැනි covid රැල්ල අවසන් වෙච්ච වෙලාවේ මම අනුරාධපුරයට ගියා දේශනයකට ගිහිල්ලා එකතැනක නතර කර හම තරුණය හතර දෙනෙක් එකම වයසේ වගේ එතන පොඩි fruit juice කෑම පොඩි අලුතින් පටන් ගත්ත resrurant එකක්  ඒක හොඳට පේනවා තාම බාගෙට හදාගෙන යනවා යන ගමන් මෙතන නතර වෙලා මම ඒ තරුණයින්ගෙන් ඇහුවා කොහෙද කලින් වැඩ කළේ මොකද මේක අලුතෙන්ම පටන් අරන් තියෙන්නේ ඔබ විශ්වාස කරන්න ඒ අය කලින් වැඩ කරලා තියෙන්නේ ඒ ආසන්නයේම තියෙන හෝටලයක තමයි....එතකොට මේ තියෙන සංචාරක සීමා සහ සියලු දේ නිසා ඒ හෝටලය වහල දාල එතකොට මේ තරුණය හතර දෙනා ආයතනයට දොස් කිය කිය ඉන්නෙ නැතුව,හොටෙල් එක ඉස්සරහ උද්ඝෝෂණ කර කර ඉන්නේ නැතුව 4 දෙනා එකතුවෙලා පටන ගත්තා ව්‍යාපාරයක් මට නිශ්චිතයි ඒ ව්‍යාපාරය ඒගොල්ලො  උපයන ආදායම  අනාගතයේ අතනින් ලැබුණු වැටුපට වඩා වැඩි....ඔබ විශ්වාස කරන්න ඒ හතර දෙනා ගැන මට කොච්චර සතුටක් ලැබුනද කියනවා නම් මම ඔවුන්ගේ බිල ගෙවලා ටිකක් දුර ගිහිල්ලා ආපහු වාහනය හරවගෙන ඇවිල්ලා ආපහු සුළු මුදලක් දීලා මම ඔයාලගේ ආරම්භයට සුබ පතනවා කියලා මේක ඔයාලා තියාගන්න කියලා දුන්නා....

ගොඩක් දෙනෙක් සංචාරක ව්‍යාපාරය  කඩා වැටිච්ච හින්දා ගෙවල් වලට වෙලා බැන බැන ඉදලා,නැති ප්‍රශ්නත් ගෙදර ඉදලා හදාගෙන ඉද්දි මේ කොල්ලො කොල්ලෝ හතර දෙනා මොකක්ද කරලා කරලා තියෙන්නේ තමන්ගෙම restaurant  එකක් පටන් ගත්තා දැන් තාවකාලිකව ආයෙත් ඔවුන්ට ව්‍යාපාර නැතුව ඇති හැබැයි ඔවුන් මහා වියදමක් දරන්නේ නැතුව මේ කාලේ හිමින් ගත කරොත් මේ දැන් බිහි වෙන්නේ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක්...නිසා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබ ඔබේ ජීවිතයේ අපේක්ෂා කියන එක නැති කරගෙන නැත්තං  ලෝකයේ විශ්මිත බලය වන මොළය ඔබට හරියටම පාවිච්චි කරන්න පුළුවන් නම් මේ තාවකාලික බිඳවැටීමක් පමණයි නැවත ඔබට නැගිටලා උන්න ට වඩා දෙතුන් වේගයකින් ඒ ගමන යන්න පුළුවන් අපි නිකමට හිතමු ඔබ ව්‍යාපාරයක් කරගෙන ඇවිත් ඔබ මසකට මිලියනයක ලාභයක් ලැබුවා අපේ covid තත්වෙ නිසා එක දිගට ඔබේ ව්‍යාපාරය වැහිලා කරගන්න බෑ ඒ නිසා ඔබ මිලියන 5 ක පාඩුවක් ලැබුවා කියලා අපි හිතමු හැබැයි ඔබ මේ කාලේ හරියට පාවිච්චි කරලා අලුත් ව්‍යාපාර ගැන හිතලා මේ තත්ත්වය යහපත් උනහම ඔබ යළි මේ ව්‍යාපාරය ම හෝ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම්ඒ ව්‍යාපාරයත් covid ඔබට නරකයිද හොඳයිද කියල හිතන්න එතකොට මේ අලාභය මාස කිහිපයකින් විසඳිලා ඊටත් වඩා ලාභ ලබනවා නේ මම මගේ ජීවිතේ ඒක කළා ව්‍යාපාරිකයෙක් හැටියට.....

අපි කොටිය කෑවෝ කෑවෝ කියලා කෑ ගගහ හිටියට වැඩක් නැහැඅපි මිනිස්සු විදිහට අපේ මොළය හා ශක්තීන් පාවිච්චි කරලා අපි කල්පනා කරන්න ඕනේ ගොඩයන්න මොකද්ද මම මේ වෙලාවේ කළ යුත්තෙ කියල....මම හැම වෙලේම මෙච්චරයි කියන්නේ ඔබට ඔබේ ජීවිතේ ඉතුරු ඉතුරු වෙලා තියෙනවා නං ඔබට යළි ආරම්භ කළ හැකියි...හැබැයි මේ අහිමි වන දේවල් මත කලබල වෙලා තැවිලා තියෙන දේත් නැති කරගන්න එපා නැති ප්‍රශ්න හදා ගන්න එපා අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ව්‍යාපාර අලාභ ලබන හන්දා ගෙදර ඇවිල්ලා ගැටෙන්න පටන් ගත්තොත් ගේ ඇතුලෙ සාමයේ නැතුව යනවා බිරිඳත් එක්ක ගැටෙන්න පටන් ගත්ත ගමන් පිරිමියාට ජීවිතය එපා වෙනවා ඒ කියන්නේ ගෙදර සාමය ව්‍යාපාර දියුණු කරන්න බැහැ....

බිරින්දෑවරුන් ගෙනුත් මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ සැමියන්ට පොඩ්ඩක් නිදහසේ ජීවත් වෙන්න අරින්න ඔවුන්ගේ ඔලුව එක දිගට කලබල කරන්න පටන් ගත්තොත් ඔවුන්ට මුකුත් කරගන්න බැහැ පිරිමින්ට ව්‍යාපාර කරද්දි මානසික ඒකාග්‍රතාවය හා නිදහස කියන එක හරිම වැදගත් නැත්තම් මුකුත් කරන්න හිතෙන්නේ නැහැ මේක අපි හැමෝටම ගොඩක් අය කියන්නෙ අමාරු කියලා මම කියන්න අමාරු නෙමේ අභියෝගාත්මක කාලයක්  ඒක ඔබටයි මටයි විතරක් ඇති ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි මුළු ලෝකය ම තත්ත්වය ඉතින් සැඩ සුළං හමාලා ගස් කොළන් ඇඹරෙද් යන්නේ නැහැ ground එකට බැහැලා බල්ටි ගහන්න ගිහින් හරි යන්නේ නැහැනේ චුට්ටක් හුළඟ පහව යනකන් දරාගෙන අල්ලගෙන ඉන්න ආයෙත් ඉර පායනවා.......''




✿සමහරු කියනවා මොහාන් මහත්මයා මට ව්‍යාපාරයක් කරන්න ආසයි මම ගාව හොඳ අදහසකුත් තියෙනවාහැබැයි මට සල්ලි නැහැ කියල...හොඳ ව්‍යාපාරයක් ගොඩ නඟන්න වැදගත් වෙන්නේ සල්ලි ද...?


                                                       ''ඔබ ගාව හොඳ ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් මිනිසුන්ගේ අතේ සල්ලි තියෙනවා ...ඔබේ ව්‍යාපාරික අදහස හොඳ අදහසක් නම් මිනිස්සු ඔබට සල්ලි දෙයි  ව්‍යාපාරිකයා ගාව තියෙන්න ඕන සල්ලි නෙවෙයි ව්‍යාපාරිකයා ගාව තියෙන්න ඕන ව්‍යාපාරික අදහස  ඒ ව්‍යාපාරික අදහස ක්‍රියාත්මක කරද්දී මිනිස්සු ඔබට සල්ලි .....honda ට ඔහු ව්‍යාපාරය පටන් අරගෙන ටික කාලයක් යනකොට  දෙවන ලෝක යුද්ධ සමය තුන් සැරයක් බෝම්බ දාලා ඔහුගේ factory  එක බිමට සමතලා කරනවා සියල්ල අහිමි වෙනවා සල්ලි නෑ ඔබ කියනවා වගේ හොන්ඩාට හොඳ ව්‍යාපාරික අදහසක්  එනවා ඒ කාලේ ජපානයේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ඉන්ධන පිළිබඳව ඉන්ධන සීමිතයි....

ඔහුගේ උත්තරය තමයි තියෙන පාපැදියට පුංචි මෝටරයක් හයි කරන එක හැබැයි හොඳට මේක පටන් ගන්න සල්ලි නැහැ හොඳ අතින් ලියුම් පහළොස් දාහක් ලියනවා  ජපානයේ බයිසිකල් විකුණමින් හිටපු අයට මම ගාව හොඳ නිෂ්පාදනයක් තියෙනවා මම ඒක අනාගතයට නිෂ්පාදනය කරනවා කැමතිනම් දැන් මම advance කරල ඇණවුම් ඇණවුම් ලබා ගන්න කියලා මිනිස්සු advance කරනවා....ඒ අත්තිකාරම් වලින් honda මෝටර් සයිකල් එක පටන් ගන්නවා  ඉතිං හොඳ ව්‍යාපාරික අදහසකට සල්ලි හොයා ගන්න පුළුවන් නේද .....

ලෝකය හෝ ලංකාවේ ව්‍යාපාරිකයන් වෙච්ච අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අම්මා තාත්තාගේ මුදල් ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගත්ත අය ම නෙමෙයි  හෙට පටන් ගත්ත අය.නිසා ගොඩක් හොඳ ව්‍යාපාරික අදහස් තියෙන කට්ටියට ව්‍යාපාරය පටන් ගන්න බැරි වෙන්නේ ඔයාලගේ අනාගතය ගොඩනැගෙන්න ඕන ව්‍යාපාරයක් තියෙනවා අන්න ඒ ව්‍යාපාරය ආරම්භයේ දී ගොඩ නඟන්න යාපාරය ඒක කරන්න හොඳ නැහැ පුංචියට පටන් ගන්න...මම මගේ ව්‍යාපාරය පටන් ගනිද්දී ඔබ විශ්වාස කරන්න කාර්යාලයට ගත්ත පුටු හා මේස ටික මම ගත්තේ වෙනත් ආයතනයකින් පාවිච්චි කරලා අඩු මුදලට විකුණන ඒවා මගේ සියලුම ඒ වෙලාවට අවශ්‍ය පරිගණක ටික සියලුම දේ ගත්තේ වෙන ආයතන පාවිච්චි කරල අඩු මිලට විකුණන ඒවා මොකද ව්‍යාපාර ආරම්භයේ දී අපේ තියෙන සියලුම ධනය ඒකට යට කරන්න ඕනේ නැහැ පුංචියට පටන් ගන්න....හැබැයි දැන් පාවිච්චි කරන පරිගණක...

අනිත් එක බිංදුවෙන් පටන් අරගෙන තැනකට ආව හම මාර අමුතු ගතියකුත් තියෙනවා එතකොට ලස්සන story එකක් තියෙනවා කියන්න මම මේක පටන් ගත්තෙ මෙහෙමයි කෙසෙල් කැන් කර තියාගෙන කද බැඳගෙන ලංකාවේ supermarket වලට එළවළු හා පලතුරු සපයන තමන්ගෙම එළවළු පලතුරු වතු තියෙන මිනිස්සු මම දන්නවා...පටන් ගත්තෙ වත්තෙ හැදිච්ච කෙසෙල් කැන කර තියාගෙන ඇවිල්ලා අපේ ජීවිතය අවසානයේ සතුටු වෙන්නේ අභියෝගාත්මක අමාරු කාලවල අපි ජිවත් වෙච්ච විදිය ගැන හිතලා ,අපි කොහොමද ඒ කාලේ ගැට ගහගෙන හිටියෙ කියලා හිතලා,අපි කියමු අපි චාරිකාවක් ගිහිල්ලා අනපේක්ෂිත දෙයක් සිදු වෙලා  ඒකෙන් අපි ජීවිත ටික බේරගෙන ආරක්ෂිතව ආවහම නේ අපි මතක් කර කර මතක් කර කර හිනා වෙන්නේ වෙච්ච වැඩේ කියලා එක තමයි අපි enjoy කරන්නේ එක තමයි අපි enjoy කරමු....

ජීවිතය නැති වෙලා නැත්තං චුට්ටක් හෙල්ලෙන අරින්න ,බිඳ වැටෙන්න හරින්න ,ඇද වැටෙන්න අරින්නආයිත් එකතුවෙලා ගොඩනැගුවහම ඔබට පුදුම හයියක් දැනෙනවා ඒකෙනුත් ගොඩ ගියා කියලා......මගේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට මම ආමන්ත්‍රණය කරනවා හරින්න එපා අල්ලගෙන සිටින්න අත්දැකීම් තමයි වැදගත් අත්දැකීම් ටික ඔබ ආයෝජනය කරලා ඔබ හිටියට වඩා හොඳ මට්ටමකට යන්න පුළුවන්.....''

මූලාශ්‍රය - චරණ ටීවී