
ෂැංග්‍රිලා හෝටලයේ උපන් දින සාදයක් පැවැත්වීමට සම්බන්ධවීම නිසා නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි හා රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට පත්ව ඊයේ ඇප මත මුදාහැරිණි.
ඔවුන්ට ඇප ලබාදීම සිදුවීමෙන් පසු උසාවිය ආසන්නයේ මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔවුන් හමුවීමට සැලසුම් කරගෙන සිටිය නමුත් ඔවුන් මාධ්‍ය මගහරිමින් ගොස් වාහනයේ නැගී ඉගිළ යනු හදුනාගන්නට ලැබේ. එම අවස්ථාවේ පියුමි හංසමාලි ‘පැත්ත ගියත් ඇත්ත කියන... හුහ්‘ කියමින් මාධ්‍යයට බැණ වදිමින් පිටව යනුද හදුනාගන්නට ලැබිණි.
මින් පෙර විවාහක රූ රැජිණි ගැටලුවේදී පොලිසිය ඉදිරිපිටදී මාධ්‍ය සොය සොයා ප්‍රකාශ ලබාදුන් චන්දිමාල් මෙම අවස්ථාවේ කෝපයෙන් මෙන් මාධ්‍ය මගහැරයාමද පරස්පර හැසිරීමක් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval