අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Ceypetco ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන්නේ මෙසේය.
පෙට්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77
ඛනිජතෙල් සංස්ථාවේ එකතු වූ රුපියල් කෝටි 33,100ක අලාභය, වාර්ෂිකව ඉන්ධන සඳහා රුපියල් කෝටි 300ක් වැය වීම, විදේශ විනිමය අර්බූදය වැනි කරුණු කාරණා රැසක් ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද බවත් ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කළේ ඒ නිසා බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර තිබේ. 'ජීවන වියදම ඉහළ ගිහින් ආදායම් අහිමි වෙලා ජනතාව අතිශයින්ම දුෂ්කර තත්වයක සිටින බව අපි දන්නවා. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරා ගන්න බැරි වෙලා තිබෙනවා.' ඔහු කීය.

Comments
Post a Comment
Your comment will be visible after approval