
දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.
එමෙන්ම බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන, පවත්වාගෙන යන දිනයන් පසුව දැනුම් දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval