panadura-tele-actress-hair-cut

දියණියක හා පුතුන් දෙදෙනෙකු සිටින 53 හැවිරිදි ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ ආදර හුටපටයක් නිසා ඇතිවූ කලබගෑනියක් ගැන පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම නිළියගේ දියණිය පානදුර ගොරකාන ප‍්‍රදේශයේ සැලොන් එකක් කරගෙන යන බව පැවසෙන අතර ඊට යාබද නිවසේ නිළියද සැමියා හා පුතුන් දෙන්නාද වාසය කරමින් සිටින බව පැවසේ.
නිළිය තවත් විවාහක පුරුෂයෙකු සමග කාලයක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව කියැවුණි. එම පලහිලව්ව ඒ කියන පුරුෂයාගේ පවුලේ අයටද සැලවී වරින්වර නිළියට ඇමතුම් ලැබී ඇත්තේ සම්බන්ධතාව නවතන ලෙස බල කරමිනි. කෙසේ වෙතත් මෙම ඇසුර වෙනසක් නැතිව පැවති බව කියැවිණි.
ටෙලි නිළිය බොහෝ අවස්ථාවල කාලය ගත කරන්නේ දියණියගේ රූපලාවන්‍යාගාරයේය.


ඇති වූ කතාබහකින් පසු   පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට  පෙරේදා රාත්‍රී  7.30 ට පමණ අනියම් පුරුෂයාගේ පවුලේ අය පැමිණ තර්ජනය කර තිබෙන අතර එම අවස්ථාවේ ඇය වෙත කඩාවැදී ඇති ඔවුන්
‘උඹ මේක නවත්තන්නෙ නැතිනම් උගන්නං නංකො හොඳ පාඩමක්‘ කියා ඇයට පහර දී ඇගේ දිගු වරලසින් කොටසක්  කපා දැමූ බව කියැවේ.
මොරටුව  එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචි  41, 17 සහ 30 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් අනියම් පුරුෂයාගේ බිරිය දියනිය හා නෑනා බව කියැවේ. තිදෙනා රූපලාවණ්‍යාගාරයට කඩා
වැදී පළමුව ඇයට පහර දී එහි  තිබූ කතුරු දෙකක් උපයෝගී කරගෙන  ඇගේ දිගු වරලසින්  අඩියක් පමණ
ප්‍රමාණයක් කපා පළාගොස් තිබූ බව නිළිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
නිළියට කාන්තාවන් තිදෙනා  පහරදී කොණ්ඩය කපන  අවස්ථාවේ දී ඇගේ නීත්‍යනුකූල සැමියා සහ පුතුන් දෙදෙනාද දිවවිත් ඇති අතර ඔවුන් මැදිහත්ව  රූපලාවණ්‍ය
ශිල්පිනිය  බේරා ගෙන තිබේ.

නිළිය ඊයේ (14) දහවල්   කපන ලද කොණ්ඩයේ අඩියක් පමණක්  කොටස,කතුරු දෙක
සහ  ඇය එම අවස්ථාවේදී  හැඳ සිටි  ඉරි ගිය ගවුම ද රැගෙන   පොලිසියට පැමිණ පැමිණිලි  කර තිබේ.



ඇයට රෝහල්ගත වීමට අවශ්‍ය බව පැමිණිල්ලේ සඳහන් කළ බැවින්  ඇයට පොලිසිය අධිකරණ වෛද්‍ය පෝරමයක් ද
නිකුත් කරන ලදි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ,30හා 17
වියේ පසුවන්නියන් බව පොලිසිය කියයි. සැකකාරියන් පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත්වරයා
හමුවට  ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බවත් පොලිසිය කියයි.