muruththettuwe-ananda-thera-speaks

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත පළ කර තිබෙන අදහස් පහතින්


යහපාලන කාලේ අපි ජනතාවට මතක් කළේ ජනතාවට හැම පැත්තකින්ම සහනයක් නෑ. ස්වභාධර්මය පාවා වෙනත් පැත්තකට ගමන් කරන්නෙ කියන එක. මේ වගේ දේවල් අපි කියලා ජනතාව දැනුවත් කරලා අපට අවශ්‍ය ගානට මේ රට ගෙනියන්න පුළුවන් රටේ ඉදිරිගමන අපේක්ෂා කරමින් අපි අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා, අලුත් රජයක් පිහිටුවා ගත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජය කුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවකුත් පිහිටුවා ගත්තා. 

අද මේ රටේ කරන කියන දේවල් වෙන දේවල් දැක්කහම මේ හැම එකක්ම අපිට කොරෝනා ව්‍යවසනයට යටත් කරගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. කොරෝනා වසංගතය මුළු ලෝකෙම වෙලා ගෙනයි තිබෙන්නේ.



නමුත් පළවෙනි රැල්ල එන වෙලාවෙදි අපිට පුළුවන්කම තිබුණා මේ රැල්ල නැති කරලා ලංකාවේ ලෝකෙන්ම පලවෙනි තැනට ලංකාව ගන්න .අද ඒ ගෞරවයත් නැතිවෙලා. වෙනදාටත් වඩා ඉන්දියාවටත් වඩා මරණ සංඛ්‍යාව වැඩි වෙමින් අද අපේ රටේ කොරෝනා වසංගතය පැතිරෙමින් පවතිනවා. ඊට හේතු කිහිපයක් තියෙනවා .ඒක පැත්තකින් බලපුවාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇති අක්රීය බව ,විධිමත් පාලනයක් නැති බව. අනිත් පැත්තෙන් ජනතාව  මොන නම් මොන තරම් නීතිරීති දැම්මත් ජනතාවගේ ආකල්පයන් වෙනස් වෙන්නෙ නැතුව ඔවුන් ක්‍රියා කරනවා ඔවුන්ට ඕන ඕන විදියට. මේක අපි සම්පූර්ණයෙන්ම තුලනය කරල බැලුවොත් රටේ අද පාලන ක්‍රමයකුත් නැති තත්ත්වයකට පත් වී ගෙන යනවා. නිසි ක්‍රමවේදයක් තිබෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නෑ. අපටත් පේන්නේ රට අද අයාලේ යන තත්ත්වයක් පත්වෙලා තියෙනවා.



කොරෝනා ව්‍යවසනයක් සමගම පහුගිය දවස් වල නැවක ප්‍රශ්නයක් ආවා. ඒ නැවෙන් අපේ පරිසරය මුහුදේ ජීවත්වන නිදහසේ ජීවත් වන අහිංසක සතුන්ට විනාස උනා. අපි දැක්කා මුහුදු කැස්බෑවෝ වගේ සත්තු ඩොල්ෆින් වාගෙ මාළුවෝ උන්ටත් නිදහසක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා .මේ යන අතට පමණක් නෙමෙයි ජනතාවට කෑම වේලක් හරියට කන්න නැතුව බොහොම අසරණ තත්ත්වයට පත්වෙලා තියනවා. ගොවියාට පොහොර ටිකක් ලබා ගන්නට බැරුව ගොවියා අසරණ වෙලා තියෙනවා. තව ටික දවසක් යනකොට මේ තත්ත්ව මෙහෙම දිගටම ගියොත් මම හිතනවා අපේ ගොවි ජනතාව මහ පාරට බැහැලා සටන් කිරීම කාටවත් නෑ කියලා කියන්න බෑ ඒ තත්වෙට රට පතලයි තියෙන්නෙ.

මේ ඔක්කොම සමග අලුත් දෙයක් ඇතිවෙලා තියනවා හිටපු ගමන්ම ඉන්ධන මිල ඉහළ දැම්මා.  ගෑස් මිල ඉහළ දැම්මා. ඉන්ධන මිල ගෑස් මිල වැඩි කරහම පොහොට්ටුවේ ලේකම් අපි දැක්කා ප්‍රකාශයක් කරලා තිබුණා අපේ ඉන්ධන ගෙන ඇමතිතුමා ගම්මන්පිල ඇමතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා අපි දැක්කා මාධ්‍ය වල කියලා තියෙනවා .ඇත්තටම මේක මහා විහිළුවක්. එහෙම නම් අද මේ රටේ මේ වගේ දේවල් කෙරෙන්නේ ගම්මන්පිල ඇමතිතුමාගෙන් විතරක් නෙමෙයි. තව කී දෙනෙක්ගෙන් වෙනවාද .එහෙනම් හැමකෙනාටම ඉල්ලා අස්වෙන්න කියන්න ඕන .නමුත් පොහොට්ටුවේ ලේකම්තුමා සාගර කාරියවසම්තුමා තනතුරක් අරගෙන ඒත් තනතුර ආලෝකමත් කරනවා වෙනුවට ඒත් අනතුර විනාස කරන තත්වයට පත්වෙලා තියෙන්නේ. අපි අහනවා පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාරියවසම් මහත්මයාට තියෙන බලය මොකක්ද මහජන ඡන්දෙන් ආපු නියෝජිතයෙක් කැබිනට් ඇමතිකමක් දරපු නියෝජිතයෙකුට ඉල්ලා අස්වෙන්න කියන්න තරම් ඔහුට ඇති අයිතිය මොකක්ද අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා.





අපි දන්නවා පහුගිය වකවානු තුළ සාගර කාරියවසම් මහත්මා අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන රාජකීය විද්‍යාලයේ පවා අපකිර්තීයට  පත් කරපු තත්ත්වයක් තිබුණා. නමුත් මේ වෙලාවේ කාරියවසම් මහත්මයටත් කියන්නේ ගම්මන්පිල මහත්මයාට අයිති වෙන්නේ කියන එක නෙමේ කියන්නේ එහෙම නම් මං හිතනවා ගම්මන්පිල මහත්මයාට තනි මතෙන් තෙල් වැඩි කළා නම් එතුමාට තිබෙන්න ඕන ජධිපතිතුමාටත් වඩා වැඩි බලයක් අගමැතිතුමාට වැඩි බලයක් තියෙන්න ඕනේ .මම දන්නෙ නෑ මේවා මොන මොන කුමන්ත්‍රණ ද කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ .ඒ නිසා මේකෙන් වෙන්නේ ජනතාව තුළ රජය කෙරෙහි පවතින අප්‍රසන්නකාරී තත්වය අප්‍රසාදය ,දිනෙන් දින වැඩි වෙනවා කියන එකයි.

අපිට අවශ්‍යකම තිබෙන්නේ දිනෙන් දින ඒවා අඩු කිරීමයි .බුදුන් වහන්සේ පවා දේශනා කළේ කෙනෙක් අපහැදිලා ඉන්නවනම් පහදන්න .පැහැදිච්ච එක්කෙනා වර වරා පහදවන්න. මේකයි බුද්ධ දේශනාව. නමුත් අද වෙලා තියෙන්නෙ මොකද්ද අප්‍රසාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළ කළ ජනතාව තමන්ට අභිමත ආණ්ඩුවක් රජයක් පත් කරගෙන අද ඒ රජය කෙරෙහි අප්‍රසාදය දිනෙන් දින වැඩි වෙන තත්ත්වයක් පවතින්නේ. මේ හැම දෙයක්ම වෙන්නේ මොකක් නිසාද ? වගකීමෙන් තොරව කටයුතු කරන නිසයි .නිලධාරි පැලැන්තිය ,ඇමති පැලැන්තිය උද්දච්චකම නැත්නම් තමන්ගේ නොදැනුවත්කම් තුළින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ .අපි ගම්මන්පිල මහත්මයාට පුළුවන් නම් තනියෙන් මේ මතය අරගෙන කටයුතු කරන්නට අපි බොහොම සන්තෝස වුණා එහෙම දෙයක් අතිවෙනවා නම් නමුත් ඇමතිවරු කියන්නේ ඕක නෙමෙයි අද අපිට ස්වාධීනව වැඩ කරන්න හැකියාවක් නෑ කියලා. ඇමතිවරු කියනවා නම් මේ තෙල් මිල වැඩිකිරීම පිළිබඳව ගම්මන්පිල ඇමතිතුමාගේ කාර්යභාර්යක් නම් මම හිතනවා එතුමා ලොකු බලවතෙක් වෙන්න ඕනේ .එතුමන් බලවතෙක් තමයි ආණ්ඩුව පත් කරනකොට.