kotuwe-hapuduruwo-speaks

වෙනදට සමාජීය කාරණා වලදී කතා කරන කොටුවෙ පොඩි හාමුදුරුවො මේ දවස නිශ්ශබ්දයි. මොකද උනේ?

තෙරුවන් සරණයි සුභ දවසක්. ලොකු කළකිරීමක් තියෙනවා. ඇත්තෙන්ම දේශපාලනය කරේ බඩ වඩාගන්නවත් ,මට යාන වාහන ගන්නවත් නෙමෙයි .මෙතනදිමයි ගොඩක් දේශපාලන කරුණු කතා කළේ. ඇත්තටම වැඩක් කරගන්න බැහැ . ජනාධිපතිතුමාගේ ලේකම්තුමා උදව් කරනවා ගොඩක් වැඩ වලට. අනිත් තැන් වලදී මුකුත් ඕනේ නෑ embassy visa තියෙන දරුවෙක්, ඒ දරුවා පහක් ඉන්න දරුවෙක් සේවය තියෙන්න අවුරුද්දක් කියලා අසරණකම හින්දා සහ යම් යම් පොදු දේවල් වල දී ගිහිල්ලා කතා කළහම ඇමතිවරුත් මග අරිනවා. අපි එක හොඳට දැකලා තියනවා .ඉතින් ලියුම්  ගහනවා. මේ ලියුම් ගහලා විසඳන්න බෑ .අපි  සමාජීය කරුණු, දේශපාලන කරුණු මේවා කතා කළේ අපි. ඉතින් අපි ගියාම අපි ගාවටයි මිනිස්සු එන්නේ. අපි සමාජය එක්ක ගැටෙන්නෙ. අපිට මිනිස්සු දෙයක් කිව්වහම අපිට එක කරගන්න අපිට කරලා දෙන්න බැරිනම් මේ දේශපාලනය කතා කරන එක කිසිම තේරුමක් නැහැ. මොකද වරප්‍රසාද ගන්නවත්, වරදාන ගන්නවත් තමුන්ට දෙය හම්බු කරගන්නවත් දේශපාලනයක් කරේ නැ.කරේ රටට.ඒකට හරි දේ කරන්න බැරි නම් ඒ දේශපාලන කතා කරන එකේ කිසිම තේරුමක් නෑ.


දැන් සමාජ මාධ්‍යයේ දී ඔබ වහන්සේ මේ දවස්වල දැඩි විවේචනයට ලක් වෙනවා නේද වරින් වර?

ඔව්. ඒ දේශපාලනය කරන්න යෑමෙන් තමයි මේ ඔක්කොම වුණේ. මොනවා හරි සිද්ධියක් වෙච්ච ගමන් ටක් ගාලා මාව උලුප්පලා ගන්නවා. මට ඕවා පස්සේ දුවන්නත් බෑ. ඉතිං අපි නිහඬව පාඩුවේ ඉන්නවා මොකද වෙන්නෙ කියල බලාගෙන .




ඔබවහන්සේ කලකිරිලා ඉන්නේ ?

ලොකු කළකිරීමක් තියෙනවා. මොකද මට ඕන වුණේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න. මොකද මට නෙමෙයි මගේ රටටයි මම දේශපාලනය කරේ .මට ඒ දේ කරලා දෙන්න බැරිනම් මේ දේශපාලනය ඉන්න එක කිසිම තේරුමක් නැහැ.


අපි දකිනවා මේ දවස් වල ලංකාවේ සමහර භික්ෂූන් වහන්සේලා මේ පවතින දේශපාලනය පිළිබඳව විශේෂයෙන්ම කොරෝනා වසංගතය සම්බන්ධව පාරිසරික පද්ධතියක් පිළිබඳ කතාබහ කරනවා?

මම නම් කොරෝනා ගැන කතා කරන්න යන්නේ නෑ .මම හොඳම දෙයක් කියන්නම්. බැරැක් ඔබාමා අර බිල් අඩන්ට ගහන වෙලාවේ ෆොටෝ එකක් දාලා තියෙනවා එයා ඉන්න සයිඩ් එහක පුටුවක. හමුදා ප්‍රධානියා තමා උඩ ඉන්නේ. අපි දන්නේ නැහැ සෞඛ්‍ය ක්‍රමවේදය ගැන, අපි දන්නේ නෑ sinopharm  ගැන. අපි දන්නේ නෑ injection ගැන.ඒවා ගැන දන්නේ දොස්තරලා. අපි ඒවා කතා කරන්න ගිහිල්ලා අපි දන්නේ නෑ නෑවෙන් වෙන පරිසර හානිය ගැන, තෙල් කාන්දු ගැන අපි දන්නේ නෑ ,නැව ගාවට අපි ගිහිල්ලා නෑ ,අපි ඔය ඔක්කොම කතා කරන්න යාමෙන් අපි හිට් වෙන්න ගිහිල්ලා අපි සාසනයට ලොකු විනාසයක් කරන්නේ.


 මට මේක කියන්නම ඕනේ පංගුවක් අම්මලෑ කාරුණිකයි, පංගුවක් අම්මාලා ගොඩක් සැරයි. ඒ තමයි සමාජයේ ඉන්න ක්‍රමේ .හැබැයි හැමතිස්සෙම අර පරණ සැර කරපු ළමයින්ට ගහගෙන කෑගහගෙන ගෙදර හිටපු ක්‍රමය කරන්න එපා ළමයා පැය 24 ම ගෙදර ඉන්නේ. ගොඩක් ළමයින්ට මේ ප්‍රශ්න අද තියෙනවා. අම්මා සැරයි ,තාත්තා සැරයි. මොකද වෙන කාගෙවත් ආදරය හම්බ වෙන්නේ නෑ. ගෙදර ඉන්න අය පුළුවන් තරම් දරුවා එක්ක ආදරෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න. දරුවන්ගේ වැරදි දහයක් දැක්කොත් එක කට විතර දඩුවම් කරන්න යන්න.පොඩ්ඩක් අනුකම්පා කරන්න මොකද නැත්නම් දරුවො මානසිකව වැටෙනවා මේ වෙලාවේ.


අපි දන්න දෙයක් තමයි ඔබවහන්සේ සෑහෙන්න අසරණ ජනතාව වෙනුවෙන් නැත්නම් නිවසක් නැති ජනතාව වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් උදව් කරන භික්ෂූන් වහන්සේ නමක්. ඒ කටයුතු පහුගිය දවස් වල කොහොමද සිද්ධ වුණේ?

අපි ගිය සැරේ කොරෝනා වලට එකොළොස් පාරක් එළවළු බෙදුවා තැන් තැන්වල. දඹුල්ලෙන් ගෙනල්ලා නුවරඑළියෙ ගෙනල්ලා හැමතැනින්ම .මේ සැරෙත් ඒ system එකෙන්ම එළවළු එන්න ආවා .හැබැයි බෙදන්න ඉදිරිපත් වුණේ නෑ. මොකද කොරෝනා දරුවෙක්ට හරි බෙදන එක්කෙනාට හරි බෝ වුණොත් ඒකට එන වගකීම මට ඇත්තටම ගන්න බැහැ .දැන් දවසක් එකසිය නමයක් නැති වෙලාලු. ඉතින් මේවත් එක්ක ලොකු වගකීමක් අපිට තියෙනවා. ඒ ගැන ඒත් එක්කම දිවුලපිටියේ අන්තිම හරිය යන්නේ. පුත්තලම සීයගෙ ගේ කකුල කපපු ඒ සීයගෙ ගේ බාගෙට බැඳලා ඉවරයි. ඉතින් මේ ඔක්කොම වැඩසටහන් කරගෙන කරගෙන .හැබැයි මතක තියාගන්න අද එනකොටත් දැනුත් අපිට කන්න නෑ අපේ හාමුදුරුවනේ අපිට උදව් කරන්න .අපිට කරන්න දෙයක් නෑ .අපිට ලොකු ලොකු සම්බන්ධකම් මහලොකුවට නැහැ. අපි අපේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා .හැබැයි කියන්න තියෙන්නේ මේ වෙලාවේ පංගුවක් අය තමුන්ගෙ බොරු දේවල් ප්‍රකාශ කරමින් බොරු දේවල් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.





හැමෝටම මේ වෙලාවේ නැහැ .ඒක අපි හොඳටම දන්නවා. අපි පාරක ගියොත් හොටල් සීයක් නම් හොටල් සීයම වහලා. හෝටලයේ 6 දෙනෙක් වැඩ කළා නම් හයසීයකට රස්සාවක් නෑ. එතකොට ඒ හය සීයෙන් ගෙවල් වල පස්දෙනෙක් හිටියොත්  විශාල ප්‍රමාණයක් මිනිසුන්ගේ ගෙවල් අසරණ වෙලා තියෙනවා. ඒ හින්දා පුලුවන් හැමෝම පුලු පුලුවන් විදියට හැමෝටම උදව් කරන්න කියන දේ මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා.

ඔබ වහන්සේ මේ වෙනකොට නිවාස කීයක් හදල දීල තියෙනවද?

දැනට දාහතක් ඉවරයි.

දැන් කොහොමද පන්සලේ වැඩ කටයුතු?

පන්සල දාගැබ තමයි යන්නේ. අපිට ගංවතුර ආවා අඩි හතරක් පහක්. අපි live දාලා ආධාර ඉල්ලුවෙ නෑ මුකුත් කරන්න ගියේ නෑ. අපිට අපේ වැඩිහිටි නිවාසේ සීයලා ඉන්නවා සියලාගෙ ආහාර තිබුනා අපි සකස් කරලා පාඩුවේ හිටියා. ඉතිං කියන්න ඕනේ මම නිතරම වොයිස් කට් දෙන හාමුදුරුනමක් නෙමෙයි. මම නිහඬව හිටියේ මේ වැඩ කරන්න අමාරු හින්දා.


කොහොමද විශේෂයෙන්ම විදෙස් රටවල් වල ඉන්න ශ්‍රී ලාංකික තරුණයන් ඔබවහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා?


කියන්න ඕන විශේෂයෙන්ම කොරියාවෙ දරු උදව් කරන එක විදියට,  ජපාන දරුවො ටිකත්, ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ, ප්‍රංශයේ ප්‍රංශ නායක හාමුදුරුවෝ මේ වෙලාවේ මතක් කරන්න ඕන ගොඩක් උදව් කළා .නොවැම්බර් කොරෝන හොඳ වුනොත් නැවත අපි යුරෝපෙට වඩිනවා. ඉතින් මේ ඔක්කොම තියාගෙන විදේශීය ලැබෙන දායකත්වය අනේක වාරයක් පින් දෙන්න ඕන. ඒ ඔක්කොම මතක් කරන ගමන් අපි මට දැන් 50 ට තව අවුරුද්දයි මාස හයක් තියෙන්නෙ . අපි කොහොම හරි ජීවත් වෙන්න තුරාවට මේක ‍අහං ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ නොහිතපු අය කොරෝනා වලින් සමු ගත්තා, හිතපු නැති අය බේරුණා ලෙඩේ හැදිලා. යන්න ආපුහම යන්න වෙනවා .හරියට ජීවත් වෙලා හරියට පින් කරන්න.

උපුටාගැනීම -හරි ටීවී