
මෙම සංසිද්ධියේ විඩියෝව ගැන ජනපති පවා කතා විය. නගරාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරයේද සිටියේය. එකී සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන ස්ථානය වෙනස් කරමින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විසින් ජනතාව අපහසුතාවට පත් කළේ යැයි පවසමින් (ශ්‍රීපොපෙ) නාගරීක මන්ත්‍රී නිලංග සිල්වා මහතා විසින් මොරටුමුල්ල පොලීසියට පෙරේදා (27දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බැලුබැල්මට මෙය නගරාධිපතිවරයාගේ එකට එක කිරීමක් ලෙස හඳුනාගන්නට ලැබේ.
මොරටුමුල්ල පොලීසිය පවසන්නේ පළමු එන්නත් මාත්‍රාව මැයි මස විසිහත් වැනිදා මොරටුමුල්ල උතුර හා මෝල්පේ ග්‍රාම සේවා වසම්හි ජනතාවට ලබා දීමේ වැඩසටහන මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව් මැදුර ශාලාවේ දී සිදු කෙරුණු බවත් එය මෙවර සොයිසාපුර සිදු කිරීමට සෞඛ්‍ය විද්‍යා නිලධාරිනිය විසින් පියවර ගෙන තිබිම ගැන මෙම පැමිණිල්ල කර ඇති බවයි.
මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ල භාර ගැනීම සිය රාජකාරිය නිසා භාර ගත් බව සඳහන් කළ මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතා මේ පිළිබඳ ඉහළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කරන ලෙස පැමිණිල්ල සිදු කළ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන් බව පැවසීය. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සතු කාර්යභාරයක් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
(මෙම පුවත මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා මගින් සපයන ලද බවට මින් ඉහත පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. මෙම පුවත ඇය විසින් සපයන ලද්දක් නොවේ.)
Comments
Post a Comment
Your comment will be visible after approval