
මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිව් දෙනකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබිමෙන් පසු ඔවුන් සොයා අධික වැසි මධ්‍යෙය් යුද හමුදාව මගින් මෙහෙයුමක් දියත් කළ අතර පස් කන්දක් කඩාවැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දින කිපයක් තිස්සේ ඇඳහැළුණු තද වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩා වැටී ඇති අතර අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විටත් හමුදා නිලධාරීන් කටයුතු කරමින් සිටී.
නිවසේ සිට පස් කන්දට යටවී අතුරුදන් වූ මව, පියා මෙන්ම, පුත්‍රයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඊයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ කෑගල්ල අල්ගම ප්‍රදේශයට වන අතර ඒ මිලිමීටර් 197.5කි.
Comments
Post a Comment
Your comment will be visible after approval