
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සෙක්වෙස්ටන් වතුයායේ කොවිඩ් ආසාදිත ගැබිනි මවක බිහි කළ දරුවකු මිය ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. මියගිය දරුවා සම්බන්ධයෙන් කළ පරික්ෂණයේදී දරුවා ද
කොවිච් ආසාදිතයකු බව හෙළිවී තිබේ. මෙම ගැබිනි මව ප්‍රාදේශීය රෝහලේදී දරුවකු බිහි කර ඇති අතර, එම දරුවා මියගොස් ඇති බවත් පසුව මව අසාධ්‍යව නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවත් නිලධාරියා සඳහන් කළේය.
එහිදී මව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කිරීමේදී කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවී ඇති බවත් එම මව බිහිකළ දරුවාගේ මළ සිරුරද පසුව පරික්ෂා කිරිමේදී එම දරුවාද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද එම නිලධාරියා පැවසීය. මෙම කෝවිඩ් ආසාදිත මවගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එසේ හමුවන ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක් කර එම පිරිස් පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
-සුදත් ච්.එම්. හේවා-
Comments
Post a Comment
Your comment will be visible after approval