
සුනඛයකුගේ ගොදුරක් බවට පත් වූ බිලිඳු මළ සිරුරක් පසුගිය 23 වනදා සවස ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් හමු වූ බව ඇල්ල පොලිසිය කියයි.
බිලිඳු සිරුර සුනඛයකු ඩැහැගෙනවිත් ගසක් මුල තබාගෙන ඔළුව සපා කමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක පොලිසියට දන්වා තිබේ. ඉපදී සතියක් පමණ ගත වී ඇතැයි සිතිය හැකි බිලිඳකුගේ සිරුරක් මෙසේ සුනඛයකු විසින් රැගෙනවිත් තිබියදී හමු වී ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
ගසක් මුල තබාගෙන ඔළුව සපා කමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක පොලිසියට දන්වා තිබේ. ඉපදී සතියක් පමණ ගත වී ඇතැයි සිතිය හැකි බිලිඳකුගේ සිරුරක් මෙසේ සුනඛයකු විසින් රැගෙනවිත් තිබියදී හමු වී ඇතැයි ඇල්ල පොලිසිය කියයි. බිලිඳාගේ මව සොයා ගැනීමට ඇල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඇල්ල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුලරත්න මහතාගේ මූලිකත්වයෙන් පරික්ෂණ පැවැත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval