kapila-perera-speaks

 අධ්‍යාපන අමාත්‍යංශයේ වර්තමාන ලේකම් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්‍ය් කපිල පෙරේරා මහතා සමග කළ සම්මුඛ සාකච්චාවක් පහත පළවේ.

●මේ කතාවට මුල පුරන්න හොඳ පදනමක් නිසායි...ඔබතුමාගේ පියා මිය ගියේ ඔබට වයස කීයෙදීද...?
                                ''වයස අවුරුදු 3 යි මාස 3ක් වෙනකොට....''
●ඒ වෙද්දි පියා ව්‍යාපාරිකයෙක් යමක් කමක් තිබුන පවුලක්....හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ...?
                    ''මම පියා මියයනකොට යන්නේ පානදුර යහපත් එඪේරක කන්‍යාරාමයේ තියෙන මුල් ළමාවිය සංවර්ධන ළඳරු පාසලට ....එතකොට යන්නේ කාර් එකෙන්...අම්මගේ අධ්‍යාපන ගමන එහෙම වෙන්නේ අම්මා කියලා තියෙන විදිහට අම්මට නැතිබැරිකම හිංදා නෙවෙයි අම්මගේ අම්මා දවසක් ඔළුව පීරනකොට තුනේ පංතියට යන්න ඔළුව ඉදිමිලා තිබිලා තියෙනවා...මම හිතන්නේ වේවැල් පාරකට...එතනින් අම්මගේ පාසල් ගමන නතර වෙනවා...''


●ඒ කියන්නේ අම්මගේ අම්මා කරපු බලපෑමක් එක්ක..?
                        ''අම්මාගේ අම්මයි තාත්තයි කරන්න ඇති බලපෑමක් යන්න එපා ඉස්කෝලේ කියලා...අම්මා කිව්වේ එහෙමයි...අපේ අම්මා අපි එක්ක කතා කරනකොට කියනවා මටත් ඉගෙනගන්න තිබ්බා ඕගොල්ලෝ වගේ මට මේකයි උනේ ඒ උනාට මට ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕන කියන එක අම්මා හැමවෙලේම කියනවා....තාත්තගැන මට photo වල දැක්කට  මතක නෑ...මට මිනිය තියලා ගොඩක් සෙනඟ ආව එක විතරයි මතක තියෙන්නේ මල්ලි එක්ක මිනිය යට සෙල්ලම් කරපු එක මතකයි... ...''
●අම්මා කවදාවත් අකුරක් ලියනවා දැකලාම නැද්ද...?
                             ''අම්මා අත්සන් කරනවා ඊ.ඒ මැසලින් නෝනා කියලා...ඒක දන්නවා...ඒ ටික හොඳට මතකයි...''
●එතකොට එහෙම අම්මා කෙනෙක් තාත්තා නැතුව තමන්ගේ පුතාව මහාචාර්ය කෙනෙක් කරන්න ඕන කරන සංවේදිකම ඇඟට ගන්න ඇත්තේ...?
                      ''අම්මා මට මතක හැටියට වෙන අම්මාලා තාත්තලා වගේ තමයි කණ කර උකස් තියලා අම්මා බඩගින්නේ ඉදලා අපිට කන්න දීලා ඉගැන්නුවා....එයාට උගන්නනවා කියන එකට ලොකු උනන්දුවක් තියෙනවා....ඒ උනාට අම්මට කියලා දෙන්න බෑනේ මට...''
●එතකොට ඉස්කෝලෙන් දෙන වැඩ මේ පුංචි කපිල කොහොමද කරගත්තේ...?
                      ''මම හිතන්නේ හොඳ ගුරුවරු හිටියා මට...ඇත්තටම මට තාමත් ගුරුවරුන්ගේ නම් මතකයි...එකේ පංතියේ වාර තුනේම එක කියලා මට මතකයි...දෙකේ පංතියේදි දෙක දෙක එක කියලා මතකයි..තුනේ  පංතියේදි තුන හතර තුන,හතරේ  පංතියේදි දෙක එක එක,පහේ  පංතියේදි එක එක එක,හයේදී පහ හත හත,එතේදි එක හතර,අටේදී දෙක එක,නවයේදී එක එක.....''


●තාමත් හැම වාර විභාගයකම කී වෙනියද කියන එක මතකයි නේ ද....කී දෙනෙක් ඉන්නවද පවුලේ..?
                         ''අක්කා ඉන්නවා එයා තමයි වැඩිමල්ම තාත්තා මැරෙනකොට අක්කට අවුරුදු 8යි,අයියට අවුරුදු 5යි,මට තුනයි,මල්ලිට මාස නවයයි...''
●අයියා සහ මල්ලි අද මොකද කරන්නේ....?
                     ''ඒ අය රියදුරු විදිහට ඉන්නේ දෙන්නම....අක්කා රස්සාවක් කරන්නේ නෑ...''
●අම්මාට අවැසි ලෝකය අම්මා ඉදිරියේ මවා පාන්න ඔබට හැකියාව තියෙනවා....ඇයි එහෙම ඇඳවැටීමක් සිදු උනේ ව්‍යාපාරික පවුලක් වෙලා....?
                   ''ව්‍යාපාරික පවුලක් උනාට පස්සේ දැන් හතර දෙනෙක් ඉන්නවා අම්මට එච්චර අධ්‍යාපනයක් නෑ....නෑදෑයෝ හිටියට සාමාන්‍යයෙන් රටේ තියන තත්වය වගේම මේ සම්පත් සේරම ඒ  අය තමයි පරිහරණය කරන්නේ...''
●අම්මාට කළමණාකරණ අවබෝධයක් තිබුනේ නෑ ඒ වෙනකොට...?
                ''කළමණාකරණ අවබෝධයට වැඩිය ළමයි හතර දෙනා මත්තේ තමයි වැඩිම අවබෝධය තිබ්බේ....''
●පාසල් අධ්‍යාපනය කොහෙන්ද ඔබ පටන් ගන්නේ..?
                                 ''වෑවිට මෛත්‍රී මහ විද්‍යාලය එකේ පංතියට එන්නේ...පහ වෙනකල් ඉන්නවා...ඊට පස්සේ මම යනවා ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට නල්ලෝරුවේ තරඟ විභාගයක් තියෙනව 6 පංතියට ඇතුලත් වෙන්න මගේ අංකය S 28...මම PASS වෙන්නේ අට වෙනියාට...''
●මේවත් අම්මාගේ දැනුවත්කම මත සිදුවෙන දේවල්ද..?
                    ''අම්මා තමයි ඒවා ඔක්කොම කරන්නේ...මට මතකයි 9 පංතිය සමත් වෙලා උසස්පෙළ ඒ කාලේ තිබ්බේ NCG කියලා  කලේ...අම්මා අරගෙන ගියා මාවෙ ආනන්ද විද්‍යාලයට දාන්න කියලා මොකද අම්මා ආශ්‍රය කරපු සමාජය තියෙනවානේ මම හිතන්නේ ඒකේ ආභාෂය තියෙනවා මම හිත්නේ මිතුරෝ කියනවා පුතා ඉගෙන ගන්නවා නේ පුතාව මේකට දාන්න කියලා කියනවා...අම්මා තමයි කරන්නේ ඒවා...''
●මහගම සේකර ශූරීන් ප්‍රබුද්ධ කවි පොතේ අම්මා ගැන ලියූ දෑ මතක් වෙනවා...
                                            එල්ලා කරෙහි පංචායුධය
                                            ගල්ලා හිසේ තෙල් යහමින්
                                            අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය
                                            අකුරු නූගත් අම්මා ඔබය කියා.....මේ කවියෙන් ඔබටත් ඒ අද්දැකීමම තමයි....?
               ''ඒ වදන් පෙළ ඇහෙනකොට මට මගෙ ඇඟේ හිරිගඬු පිපෙනවා මොකද ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ අම්මට ගැපෙනවා...මම කොච්චර මහාචාර්ය කෙනෙක් උනත්අම්මා ඒ ලෝකය ගැන මට වඩා හොඳට දන්නවා කියලා මම දන්නවා..''
●පානදුර සුමංගලයෙන් 9 පංතියේ තිබ්බ විභාගයක් පාස් වෙනවා...ඊට පස්සේ ආනන්දයට යනවා සම්මුඛ පරීක්ෂණයකට...?
                              ''සම්මුඛ පරීක්ෂණයකටත් නෙවෙයි...හාරලක්ෂ මංකොල්ලය කියන්නේ ලෑතර බාස් කෙනෙක්...එයාගේ නොනා ඉන්නේ බේබි නැන්දා කියලා අපි කියන්නේ බණ්ඩාරගම හිටියේ...තාත්තගේ මිතුරෝ තමයි මෙයා...ඒ නැන්දගේ පුතෙක් යනවා මට මතක විදිහට උපාලි කියලා ආනන්දෙට...ඒ නිසා තමයි එක්කගෙන ගියේ මාව එදා...''
●ඊට පස්සේ මොකද වෙන්නේ එතන..?
                                 ''ඊට පස්සේ මට බෑ කියලා මම ආවා...මම ඉතිං ආවා....commerce කරන්න තමයි ගන්න කිව්වේ
ප්‍රතිඵල වලට මට තිබ්බේ A-1,B-7,C-2යි...ඊට පස්සේ අපිව ඇතුලට එක්කගෙන ගියා ගිහින් මේ ප්‍රතිඵල වලට ගන්නේ commerce කරන්නමයි කියලා කිව්වා...එතන මුකුත් කියන්න බෑනේ පස්සේ එළිය ඇවිත් මම කිව්වා මට නම් බෑ commerceකරන්න කියලා...අම්මා කිව්වා ඊට පස්සේ ඔයාට සෙල්ලම් කරන්නේ ඕනෙ ඉගෙනගන්න ඕන නෑනේ කියලා...අම්මා උඹ කියලා කියන්නේ මට...ඒ උනාට මම ශ්‍රී සුමංගලේ ගියා මගේ වැඩ ටික කලා...ඒ අවුරුද්දේ මට උසස් පෙළ හොඳම ප්‍රතිඵල හම්බුනා...''
●ඉංජිනේරු උපාධිය ලබාගන්න සමත්කම් ලැබෙන්න විදිහට උසස්ම ප්‍රතිඵල ලබා ගන්නවා...මේ අතරෙදි අම්මා අක්කට,අයියට,මල්ලිට ඔය තල්ලුවම දෙනවාද...?
                       ''ඒකම දෙනවා....හතර දෙනාගෙන් එක්කෙනෙක්ටවත් වෙනසක් කරන්නේ නෑ....එකම විදිහට තමයි එයා කරන්නේ...හැබැයි එයා හැමදාම  කියනවා තාත්තා මැරෙනකොට කිව්වා කියලා පොඩි පුතාට හොඳට උගන්වන්න ඕන කියලා...අම්මා දැන් ජීවතුන් අතර නෑ හිටියනම් ඒක කියනවා.... ''
●අම්මා කොච්චර කල්ද නැති වෙලා...?
                         ''අම්මා 2017 දෙසැම්බර් මාසයේ 20 තමයි නැති උනේ....මම උපකුලපති වෙන්නේ 2017 නොවැම්බර් මාසේ 27...ඒකටත් අම්මා යනවා...අම්මාව එක්කගෙන නොගිය තැනක් නෑ අම්මා තනියම තමයි මගේ ආචාර්ය උපාධිය කරපු මහාචාර්ය ජේම්ස් බොන් අම්මා බලන්න ඕන කිව්වා අම්මාට ටිකට් එක්ක එව්වා අම්මා තනියම තමයි ඇමරිකාට යන්නේ තනියම තමයි ලංකාවට එන්නේ....''


●අම්මා කටුනායකයින් පිටත් වෙලා ඔබ බලාගෙන සිටි ගුවන්තොටුපල දක්වා බොහොම නිදහස්ව ගැටළුවකින් තොරව ආවාද...?
                                    ''අම්මා සිංගප්පූරුවේ transit එක පැය 9යි....අම්මා මට පෙන්නනවා චීස් කේක් එකකුත් කාලා කෝපි එකකුත් බීලා...මම ඇහුවා කොහොමද ඔයා කලේ කියලා පෙන්නලා ඇහුවාලු...''
●උසස්ම ප්‍රතිඵල වාර්තා කරනවා ගණිත අංශයෙන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඒ වසරේදී...ඊට  පස්සේ කෙනෙක්ට මතක්වෙන්නේ මොරටුව ඉංජිනේරු විද්‍යාලයට යන්න පුළුවන් කියලා හැබැයි ඔබ වෙනස් විදිහට හිතන නිසා පාරවල් දෙකක් හදා ගන්නවා...මොකක්ද ඒ පාරවල් දෙක...?
                          ''ඒ කාලේ මට තිබ්බ ලොකුම ආසාව තමයි නාවික හමුදාවට බැදෙන්න...morarji desai ලංකාවට ආපු දවස මට මතක නෑ මම බාලදක්ෂ කලානේ ඉස්කෝලේ මම ජනාධිපති බාලදක්ෂ දක්වා ගියා...morarji desai ඉන්දිය අගමැතිතුමා පිළිගන්න එකෙ දැන් තියෙන ලේකම් කාර්යාලයේ දැන් තියෙන එකේ පඩිපෙල දිගේ වම් පැත්තේ මම හිටියේ අනිත් පැත්තේ හිටියේ ආනන්දේ හිටිය පාලිත වීරසිංහ අපි ඉතිං මිතුරුකමක් ඇති කරගන්නවානේ..මෙයා Navy  එකට බැඳුනා ඒකයි කොහොමත් මට ආසාවක් ආවා මේක කරන්න...කොතලාවල ආරක්ෂක පීඨයට ගන්නවා කියලා තිබ්බා හැබැයි campus select වෙන්නත් ඕන කියනවා...ඒ නිසා මම නිකං ඉල්ලුම් පත්‍රයක් දැම්මා ඒකට...ඒකේ තියෙනවා දෙවනි interview එක tennis shoes දාගෙන දුවන්න ලෑස්ති වෙන්න කිව්වා...මම සපත්තු අරගෙන ගියේ නෑ දුවන්න...p.u ධර්මසිරි කියලා ධර්මරාජෙන් ආපු කෙනෙක් එයා දුන්න මට tennis shoes දෙකක් දාගෙන දුවන්න කියලා....ඒක ලොකුයි ඇත්තටම ඉස්සරහට කොල ටිකකුත් දාලා පෝලිම් වෙලා ඉන්නකොට අහනවා anybody from ananda,nalanda,royal කියලා ඒ පෝලිම් වල ඉද්දි ඇහුවා...මොනවා හිතෙන්න ඇත්ද අපි වගේ ඉස්කෝල වලින් ආපු අයට....නමුත් දුවද්දි සේරම හැලුනා....''
●කොතලාවල ආරක්ෂක පීඨයේ ඉගෙන ගන්න අතරේම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත්වෙනවා...එතන උපාධිය මොකක්ද සම්පූර්ණ කරන්නේ...?
                              ''යාන්ත්‍රික ඉංජිනේරු.....මට තියෙන්නේ පළමු පංතියේ සාමාර්ථයක් Mechanical අංශයේ මම දෙවැනියා... ''
●කොතලාවල ආරක්ෂක පීඨයේ අධ්‍යාපනයත් හොඳින්ම සම්පූර්ණ කරනවාද....?
                              ''ඒකෙත් ඒ කණ්ඩායමේ මම දෙවනියා....''
●Navy එකෙන්ද රැකියාව ආරම්භ කරන්නේ....?
                      ''Navyඑකට තමයි මම යන්නේ...1986 CTO එකේ බෝම්බේ ගියෙ එදා තමයි අපි නාවික හමුදාවට ගිහින් ඊට පස්සේ මාව දැම්මේ රක්ෂක ගියලා බෝට් එකකට මොකද අපි degreeඑක ඉවර කලා...degree FAIL වෙච්ච අය ඉන්නවානේ එය අය එක complete කරලා එනකල් අපිට ඔය අභීත,එඩිතර,වික්‍රම,රක්ෂක,ඒ ගල් බොට්ටුවට අපිවදාලා තිබුනේ... ''
●1995 වෙනකල් ඔබ ඉන්නේ Navy එකේ දරුණු සහ ප්‍රබල අවධි වලත් ඔබ Navy නියෝජනය කරනවා....යුද්ධය අවස්ථාවේ දී මුහුණ දුන්න අත්දැකීමක් මතකද,......?
                          ''මට මතකයි 1986 මැයි මාසයේ වෙසක් පෝය දවසෙත් අපි අභීත එකේ එදා ගියේ...ඇත්තටම රෑට අපි දැක්කනේ මේ දවස් වල ඊශ්‍රායලයේ රොකට් යැව්වා ඒ වගේ තමයි....අපි හිටිය නැවටම ප්‍රහාර එල්ල උනා..එක්කෙනෙක් දෙන්නෙක් විතර මැරුණා මට මතක විදිහට....''
●ඒ හැමදේම ජීවිතේට එකතු කරගෙන ආසාව Navy එක හැබැයි ආසයි ඉගෙන ගන්න මේ දෙකම සමබර කරගෙන ඊට පස්සෙ මාස්ටස් කරන්න ඇමරිකාවටත් යනවා....ඊට පස්සේ PHD එකත් අරගෙන තමයි ඇමරිකාවෙන් එන්නේ....?
                          ''මේ අධ්‍යාපනය කියන එක ප්‍රබලම අවියක් කෙනෙක්ට ගන්න පුළුවන්....education can transform any human been to be a brilliant person....අපේ අවසාන බලාපොරොත්තුව මොකක්ද අධ්‍යාපනයේ අධ්‍යාපනය කියලා කියන්නේ හොඳ නරක තේරුම් ගන්න....මගේ අම්මා මගේ ගුරුවරු මේ සියලුම දෙනා මට දීපු නිසා තමයි මම මේ ඕනම තැනකට වැඩ කරනකොට ඕනම පුංචි කෙනෙක් එක්ක කතා කරනවා....ඕනම security guard කෙනෙක් එක්ක කතා කරනවා මම,ඕනම පිරිසිදු කරන කෙනෙක් එක්ක කතා කරනවා,මට ඊට වැඩිය දෙයක් නෑ....මේ දවස් වල හැමොම කතාවෙනවා data signal නෑ කියලා...මගේ රියදුරු මහතාගෙන් මම ඇහුවා ඔයාගේ බබලා කොහොමද ඉගෙන ගන්නේ කියලා online ඉගෙන ගන්නේ කිව්වා මම ඇහුවා කීය පංතියෙද ඉන්නේ ඇහුවා,එක්කෙනෙක් එකේ හරි දෙකේ හරි කිව්වා අනිත් එක්කේනා ඉන්නේ හතේ කිව්වා...මම ඇහුවා data...සර් package  එකක් තියෙනවා රුපියල් එකසිය ගානයි අවුලක් නෑ කිව්වා...මම කියන්නේ අපි අධ්‍යාපන නෙවෙයි ජනාධිපති උනත් මිනිස්සු එක්ක කතා කරලා ලබන අධ්‍යාපනය කොහොමද කියල බලන්න...මම ඇහුවා මොකෙන්ද කරන්නේ,...සර් මගේ phone එක දීලා එන්නේ කිව්වා....මම එදාම හිතාගත්ත මම එයාට phone එකක් අරන් දෙනවා කියලා..මම තිළිණට කිව්වා මේ මගෙ සල්ලි එයාට කැමති එකක් අරන් දෙන්න කියලා....ඒ මනුස්සයා ළමයි දෙන්නට phone එක දීලා එනවා කිව්වම මට මතක් උනේ මගේ අම්මා මට මේ නැති බැරි කනකර උකස් තියලා ඉගැන්නුවනම් මටත් පුළුවන් වෙන්න ඕන මගෙන් දායකත්වයක් දෙන්න කියලා...''
●ඇයි navy එකෙන් 1995 දි අස් වෙන්න තීරනේ ‍කලේ සහ ඒ වෙද්දි දරපු නිළය මොකක්ද......?
                                ''මම ඒ වෙද්දි ලුතිනල් කමාන්ඩර් හිටියේ...මම අදටත් navy එකට ගොඩක් ආදරේයි navy එකට ගොඩක් කැමති....මේකෙන් මට ලැබිච්ච ජීවිත පාඩම් විනය කන්නේ බොන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව...මම හිතන්නේ මම කොතලාවල ආරක්ෂක විද්‍යාලයට ගිහින් කපිතාන් ෆර්නෑන්ඩුගෙන් ගුටිකාලා ඉගෙන ගත්තේ නැත්තම් මට ගොඩක් අධ්‍යාපනයක් ලබාගන්න බැරි වෙනවා...1995 ජූලි 15 වෙනිදා navy එකෙන් යන්නතීරණය කරන්නේම අධ්‍යාපනයම තමයි...මගේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ හිටපු මහාචාර්ය පී ආරිය සේන ද සිල්වා අදටත් සර් ඉන්නවා අදටත් සර් එක්ක කතා කරනවා සර් මේ ඊයේ පෙරේදාත් මට sms එකක් එවලා තිබ්බා please call me කියලා...එක දවසක් මට පණිවිඩයක් අවිත් කිව්වා Professor P A එන්නකිව්වා කියලා මම හිතුවේ සර් එන්න කිව්වා කියලා මම NAVY ඒකේ uniforme එකෙන්ම ගියා ගිහින් jems joje  hall එකේ ළමයිනේ lectureඑක මට කරන්න කියලා කරලා යන්න කිව්වා....මම ඒ පාඩම ඉවර කරලා office එකට ගිහින් කතා කරලා කිව්වා ඔයාට දැන් ඕකේ හිටියා ඇති ඔයාව අවශ්‍ය මෙතනට කිව්වා මම දැන් යනවා සප්තවාර්ෂික නිවාඩු ඒ නිසා ඒන්න කියලා එහෙම කිව්වට පස්සේ අස් වෙලා ගියා... ''
●ඔහොම මොරටුව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් උන කපිල පෙරේරා  ඊට පස්සේ ආචාර්ය  කපිල පෙරේරා වෙලා ඉදලා මහාචාර්ය  කපිල පෙරේරා වෙන්නේ මොන අවුරුද්දේද...?
                              ''2007 පෙබරවාරි මාසේ තමයි.....''
●තමන් ඉගෙන ගත්ත විශ්ව විද්‍යායේම උපකුලපති ධූරයට පත් වෙන්න වාසනාව ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...ඒ හැඟීම කොහොමද...ඒ මොන අවුරුද්දේද පත්වෙන්නේ...?
                        '' උපකුලපති වෙන්නේ 2017 නොවැම්බර් මාසේ 27....''
●මෙච්චර කාලයක් ඔබට බොහෝ දේවල් ලැබුනානේ...ලබාගත්තා අඩුයිනේ... උපකුලපති කමත් ඒ වගේද...?
                        ''මම කැමැත්තක්ම තිබුනේ නෑ...මේ වෙලාවේ ලොකු තරඟයක් තිබුනා ඉල්ලන්න ඕන මේක...එදා interview එක තිබුනා මට ඡන්ද 13 ක් හම්බුනා...මේ ඡන්දයෙන් දිනුවා කියමුකෝ ඊට  පස්සේ මේක දෙන එක පිළිබඳව ලොකු ගැටළුවක් තියෙනවා මොකද ජනාධිපතිතුමා තමයි අවසානයේ තීරණය කරන්නේ මොකද නම් තුනක් යවනවා..ඒ හැමතැනම කියන්නේ මෙයාට දෙන්න එපා මෙයා ජනතාවිමුක්ති පෙරමුණේ මේක තමයි කතාව...මට කිසිම ගානක් නෑ මට හම්බුනත් එකක් නැතත් එකයි...ඊට පස්සෙ මට කතා කරලා කිව්වා සම්පත් අමරතුංග මහත්මයා දැන් Professor කපිල දැන් මේකට කතා කරයි කතා කරයි ඔයා යන්න ඕන ඔයාගේ නෝනයි ළමයිත් අරගෙන යන්න කිව්වා මේ පත්වීම භාරගන්න....මට හොඳට මතකයි මම කොණ්ඩෙ කප කප හිටියේ පිළියන්දල....කොහොම හරි අර විදිහට කිව්වම මමඅපේ WIFE ටයි ළමයින්ටයි  කිව්වම පුතා කිව්වා මට එන්න බෑ කියලා...එදත් වැහි දවසක් අපිටනම් ඒන්න බෑ අපිට ඇඳුම් නෑ කියලා ඒ දෙන්නා LADY J එකෙන් බැස්සා...මමගියා මගේ වාසනාවට ඒ දෙන්න බැස්සෙ...මම ගියානේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහම ජනාධිපති ලේකම්තුමා ලිය ලිය අහනවා why did you come...මට කියන්න කරන්න දෙයක් නෑ...එහෙන්මම හිටියා ඇයිත් ඇහුවා why did you come කියලා...ඊට පස්සේ තමයි කිව්වේ ඔබතුමට මේක දෙන්න ඒ වගේ ගැටළු තිබ්බා ඒත් ජනාධිපතිතුමා ඔස්ටින් මේක දෙන්න එතුමට කතා කරලා මට වැඩකට යන්න තියෙනවා කියලා...මම කල්පනා කලා මගේ නෝනයි ළමයි දෙන්නයි ආවනම් මම කොහේද දුවන්නේ කියලා...  ''
●ඇයි එතුමා එහෙම ඇහුවේ ඇයි ඔබ ආවේ කියලා..?
                  ''මමනම් කියන්න දන්නේ නෑ ඇයි කියලා...ඊට පස්සෙ එතුමට මට එන්න කියලා වාඩිවෙලා කතා කරලා පත්වීම එතුමාම දුන්නා...''
●උපකුලපතිකම අරගෙන අවුරුදු 2 ක පමණ කාලයක් තමයි ඔබතුමා කටයුතු කරන්නේ...එකතැනක කිව්වා ජෙ.වි.පෙ නිසා උපකුලපතිකම දෙන්න එපා කියලා...එතුමා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුවේත් 2015ත් මැතිවරණ ව්‍යාපාරය තුල ඔබ තුමාගේ නම ලිය උනා...අපේ රටේ අනාගතය ලක්ෂ 43 ක දරුවන්ගේ ප්‍රධානම පරිපාලන නිළධාරියා ඔබතුමා...දැන් මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්කම ඔබ තුමාට හම්බවේන්නේ හරිම පුදුම සහ හරිම අහම්බයක් විදිහට...?
                           ''ඒ දවස මට මතකයි ඒ බදාදා දවස උදේ මට තිබුනේ මොරටුව විශ්වවිද්‍යාලයේ තියෙනවා ප්‍රගති සමාලෝචනයේ එක එක ව්‍යාපෘති සඳහා...එතකොට ඒක ඉවර වෙලා මම කෑම කාලත් නෑ ඊට පස්සෙ තියෙනවා  planning and developing කියලා....මට කතා කලා උපුලි මලී කියලා මිස් කෙනෙක්...ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා කිව්වා අද පත්වීම් දෙන උත්සවයක් තියෙනවා සර් හතරට එන්න කියලා...මමකිව්වා මෙහෙමයි මම දැන්  planning and developing meeting එකට යනවා ඊළඟට...මම මගේ නියොජ්‍ය උපකුලපති එවන්නම් කිව්වා...මොකද මගේ යටි හිතේ තිබ්බා ඔක්තෝම්බර් මාසයේ විතර මගේ නීති විද්‍යාලයේ ප්‍රවේශය....කාටවත් කියන්නේ නැතුව ගිහින් මම ඒකේ ප්‍රවේශපත්‍රයත් අරගෙන ඇවිත් තිබුනේ ...මම ගෙදර අයටත් කියලා තිබුනේ තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕන මට වඩා හොඳ අයඇති කියලා...ඊට පස්සෙ ආයිත් මගේ පෞද්ගලික ලේකම් කතා කරලා සර් සර්ටම එන්න කිව්වා කියලා...ඉතිං ගියා...වාහනේට යන්න කිව්වේ ඉස්සරහ ආලින්දයෙන් බස්සන්නකිව්වේ...ඊට පස්සෙ මම බැහැලා යනකොට ආචාර්ය පියත් බන්දුවික්‍රම විශබීජහරණය කරලා එතුමා මගේ ශිෂ්‍යා....අපි ගිහින් කතා කර කර හිටියා ඊට පස්සේ ජනාධිපති තුමා ආවා ඔබ සියලුදෙනාටම සුභ පතනවා අපි ලේකම් පත් කරන්න කිව්වා පස්සෙ නම කිව්වා මට තාම තමකයි මම දුඹුරු පාට කලිසකමක් ඇඳලාහිටියේ Office එකේ වැඩ කරන ගමන් හිටියේ coat එකක් තියෙනවද ඇහුවා කාර් එක ඇතුලේ එකක් තිබ්බා ඒක ගෙනල්ල ඇඳගත්තා...''
●අංශු මාත්‍රයක්වත් දැනගෙන හිටියේ නැද්ද ලේකම් කමක් හම්බ වෙනවා කියලා...?
                               ''ඔබ විශ්වාස කරන්න ඇත්තටම ලේකම් කෙනෙක් වෙනවා කියලා දන්නවාම් ඒ විදිහට මම හැසිරෙන්නෙත් නෑනේ...ඇත්තටම නෑ.......''
●එතකොට ඔබ හිතන විදිහට ජනාධිපති ගොඨාභය රාජපක්ෂතුමාගේ රජයේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් බවට මහාචාර්‍ය් කපිල පෙරේරාවපත් කරන්න හේතව වෙන්න ඇත්තේ මොකක්ද එහෙනම්...?
                               ''මහාචාර්ය ජී.එල් පෙරේරා මහත්මයාගේ අපේ අධ්‍යාපන අමාත්‍ය...එතුමා එක්ක වැඩ කරන්න ඒ විදිහම කෙනෙක් දෙන්න ඇති සමහර විට....තව විටෙක බලන්න ඇති මොරටුව විශ්ව විද්‍යාලයේ මොනවද කලේ කියල බලන්න ඇති...''
●එතනට ජ.වි.පෙ කියන එක බාධාවක් උනේ නැද්ද...?
                       ''හැබැයි මමමේක ගත්තට පස්සෙ...මම ජනාධිපති ලේකම් ගාවට ගිහින් කිව්වා මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි හැමදාම වෙනවා ඒනිසා මමකාටවත් බරක් වෙන්න ඕන නෑනේ....ජනතා විමුක්ති පෙරමුනේ අය මාව ගන්නෙත් මම lecture එකක් කර කර ඉන්නකොට mr බබරවානගේ තමයි කතා කරලා නාරා එකේ සභාපතිවෙන්න කියලා එන්නේ....ඉතිං මේ විදිහට තමයි හම්බෙන ඕන දෙයක් මම වගකීමෙන් කරනවා....සර් බලන්න ඇති කොහොමද කියලා මොකක්ද කියලා මම දන්නෙ නෑ ඇත්තටම... ජනාධිපති ලේකම් ගාවට ගිහින් කිව්වා ලලිත් වීරතුංග සර්ටත් ගිහින් කිව්වා සර් මෙහෙම දෙයක් තියෙනවා සර්ලට මොනවාහරි ප්‍රශ්නයක් ඇති වෙයිද දන්නෙ නෑ මේක නිසා මේක ගත්තට පස්සේ කනින් කොනින් කියනවනේ ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුවේ හිටිය කෙනාට මේක දුන්නා එයා වියත් මගත් නෑ මොනවත් නෑ ඕව මටත් ඇහෙනවානේ...''
●වියත් මගට එහෙම ඔබතුමාගේ සම්බන්ධයක් තිබුනේ නෑ..?
                    ''නැහැ....මම දේශපාලනයේ මොනවාත් කරන්නේ නෑ ඒ මහත්වරු මට මතකයි දවස 25 මහාචාර්ය අතලගේ එන්න කිව්වා ඒ අය ඇහුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු තමයි ඇහුවේ ...එතකොට ජනතා විමුක්ති පෙරමුන අවිත් හිටියා Professorලා වගයක් ඇවිත් හිටියා....කතා කරලා කිව්වා Professor මේ අපේ ජාතික ලයිස්තුවට ඔබතුමා එන්න කියලා...මමකිව්වා මේ මාවනම් දාන්න එපා කියලා අපිට ගෙදර ඉන්නවත් හම්බවෙන්නේ නෑ කියලා කිව්වා....මම කිව්වා නෑ ඇත්තටම දාන්න එපා කිව්වා  මම ඕන උදව්වක් කරන්නම් කිව්වා ....ඊට පස්සෙ අඟහරුවාදා පත්තරේ නම තිබිලා...විශ්වාස කරන්න මගෙ පුතාට පන්තියේ ළමයි විහිළු කරලා ගෙදර ඇවිත් බෑග් එක විසික් කරලා තාත්තා දේශපාලනය කරනවද ඊට පස්සේ දුවයි නෝනත් එහෙමම තමයි...ඔය විදිහට තමයි ඉතිං උනේ.... ''
●අකමැත්තෙන් හරි නම දැම්මනේ ඒ නම දැමීම තුල අකමැත්ත පල කලේ නැද්ද...?
                             ''මට එමෙ ගානක් නෑ....මොකද මම එහෙම දේශපාලනයක් කරන්නේ නෑ....''
●ඊට පස්සේවත් වේදිකාවටක නැග්ගේ නැද්ද..?
                     ''එක දවසක් මට යන්න කිව්වා ඉංග්‍රිසි වැඩසහනකට එදා හිටියේ රජීව් විජේසිංහයි,එරාන් වික්‍රම රත්නයි..වැඩසහනට යන්නකිව්වේ සිරසේ...ඇත්තටම කතා කරලා ඉවර උනාට පස්සේ රජීව් විජේසිංහයි,එරාන් වික්‍රම රත්නයි ඒ දෙන්න මට කිව්වා ඔබතුමා හොඳට කතා කලානේ කියලා....සුගතදාස එකේ තියෙනවනේ ඒ අයව හඳුන්වාදෙන එකක් අන්න එතනට ගියා මම එදා... ''
●අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙනකොට ඒ සඳහා ඊටපෙර ඉල්ලුම් කල යුතුයි,නැත්තම් පරිපාලන සේවයේ සිටිය යුතුයි,නැත්තම් ඊට අදාල සුදුසුකම් තිබිය යුතුයි කියලා මුකුත් ඉල්ලුම් කිරීමක් වෙන්නේ නැද්ද...?
                               ''එහෙමනම් නෑ....ඇත්තටම දැන් මේක දුන්නට පස්සේ මම කල්පනා කලා මම මොකක්ද කරන්නේ කියලා...මට මතකයි මම දෙවනිතට්ටුවෙන් බැහැලා චමින්ද කියලා ඉන්නවා නේ ද මාධ්‍යක එක්කෙනෙක් අන්න එයා ඉන්නවා...congratulations සර් කිව්වා....මම ඇහුවා මම G.L ඇමතිතුමාට කොහොමද කතාකරන්නේ කියලා  එතකොට සර් ඉන්න මම අරන්දෙන්නම් කියලා සර් හැබැයි PHONE පිවිච්චි කරන්නේ නෑ කියලා...සර් මෙන්න සර් ගත්තකියලාදුන්නා...පස්සේ මම ඇහුවා sir i was nominated as your Secretary to the Ministry of Education.how may i meet you කියලා...You can come at 10 tomorrow කිව්වා...ඊට පස්සේ මම ආවා...ඊට පස්සේ උඩට යන්නකිව්වා...මම කිව්වේ නෑ මම කවුද කියලා...මම මගේ වාහනේ සාමාන්‍ය විදිහට එතකොට මම විශ්ව විද්‍යාලයේ නේ...මම දන්නේ නෑනෙ ජී එල් සර් කොහෙම යයිද කියලා මම ඇහුවා අර උත්සවේ කොහෙද තියෙන්නේ කියලා උඩ තට්ටුවේ උත්සවේ තිබුනෙ...මම එතනට ගිහින් මට තාම මතකයි දැන් සෙනඟ පිරිලා ඇමතිතුමා කියනවාමේකට ලේකම්වරයෙකුත් පත්වෙලා ඉන්නවා දැන් එතුමා හෙට අනිද්දා වැඩභාරගනී කියලා කිව්වා....මම මේකත් අහගෙන හිටියා...මේක දැනගත්තකීපදෙනෙක් මාව ඉස්සරහට තල්ලු කලා....ඊට පස්සේ සර් යන්නගියා...එදා ඉදලා තාම වැඩ කරගෙන යනවා....''
●ඔබ බිරිඳ ගැන කිව්වා පුතෙක් ගැන කිව්වා දුවෙක් ගැන කිව්ව නමුත් පවුලේ පවුලේ තොරතුරු අහන්න ලැබුනේ නෑ....විවාහ වෙන්නේ මොන අවුරුද්දේද ඔබ...?
                         ''1997 ජනවාරි  01 වෙනිදා...''
●බිරිඳ මොනවාද කරන්නේ..?
                          ''එයා විශේෂඥ වෛද්‍යවරියක්...''
●හමුවෙන්නේ කොහොමද..?
               ''අම්මා තමයි හොයලා දෙන්නේ...අම්මා දැන් මේ ළමයා බඳින්න කියලා හොයනවනේ මම කිව්වා අම්මා එක්ක බෑ කරන්න බලන්න යනවා එහෙම අම්මා කියන්නේ කොහොම හරි විවාහ වෙන්නම කියලා තමයි...''


●දරුවෝ මොනවද කරන්නේ..?
                         ''දෙන්නම විශ්ව විද්‍යාලයේ දෙවනි වසරේ ඉන්නේ....''
●ඇයි ඔබ 2019 නැවත සාමාන්‍යපෙළ දෙමළ ලියන්න හිතුවේ ඇයි...?
                          ''මට ආසාවක් තිබුනා දෙමළ කතා කරන්න ලියන්න කියන්න ඒක එදා ඉදලා තිබ්බ ආසාවක් මට මතකයි 2013 මම පුතාව ගණිතය බාහිර පංතියකට දුවව දාන්න යද්දි පිළියන්දල පන්සලේ ගහලා තියෙනවා දෙමළ පංතියක් කියලා...ඉතිං මම ඒකට ගියා යනකොට මාර්තු මාසයේ ෆර්ඩිනෑන්ඩු කියලා ලේකම් තුමෙක් හිටියා එතුමා කතා කරලා කිව්වා ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපති භාරගන්න කියලා...ඒකත් කරනවා campus  එකේ වැඩත් කරනවා ඒක ඉතිං අතපසු උනා...මම කල්පනා කාලා මමම මේක කරන්න විභාගයකට මූණ දෙන්න ඕන කියලා මමම මටම අභියෝගයක් දාගත්තා...1999මම සසකාවා එකට ගිහින් මම ජපන් ඉගෙන ගත්තා...තාමත් කතා කරන්න පුළුවන්...''
●පුතාට A සාමාර්ථයක් ඔබට C සාමාර්ථයක් තියෙන්නේ .....පුතා දක්ෂද ගොඩක්...?
                              ''මේකනේ වියයුත්තෙ අධ්‍යාපනයේ  ගුරාට වඩා ගෝලයා අභිබවා ගියේ නැත්තම් රටක් දියුණු වෙන්නේ නෑ සමාජයක් දියුණු වෙන්නේ නෑ....මේ කතාවේ උනත් මට කියන්න තියෙන්නෙ පුතාගෙන් තමයි මම ඉගෙන ගත්තේ ඒ කියන්නේ එයා යනවා පංතියකට මමඅප්‍රේල් මාසේ පාස්කු ඉරිදා වෙනකල්ම යනවා එදායින් පස්සේ මට පංතිය නැති උනා...''
●ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට 2020 දී ඔබ ලියාපදිංචි වෙනවා...?.
                            ''අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හැටියට මට ඉඟියක්වත් ලැබුනේ නැ මට..උපකුලපතිකමේන් පස්සේ ඉලක්කය උනේ මේක...විභාගය ලිව්වේ නැත්තේ නීති විද්‍යාල විභාගය කරන්නේ විභාග කොමසාරිස් දෙපාර්තුමේන්තුව තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව යටතේ  ඒනිසා මම කැති උනේ නෑ....   ''
●ඔබතුමා බොහෝ ඉසව් වලට ගිය චරිතයක්...නොහිතපු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙලා සීත කාමර වල ඉදන් තීරණ ගැනීම වෙනුවට බණ්ඩාරගම වෑවල ගමේ හිටපු කපිල පෙරේරා නම්  ඉගෙන ගන්න දස්කම් දැක්වූ නමුත් දුෂ්කරතා පවතිද්දි පවා අභියෝග වලට මුහුණ දුන් චරිතයත් යොදාගනිමින් තීරණ ගන්නවා.මේ තරම් දුරක් ආව ඔබ ඊළඟට කොතන නවතීද...?
                         ''මේ දේ උනත් ඉතා ඉක්මනින් කරලා මගෙ පාඩුවේ ඉන්න තියෙනවනම් මමකැමති..හැම කාර්යකම මමවිශ්වාස කරන්නෙ මට වැඩිය ගොඩාක් දක්ෂයෝ මට වැඩිය ගොඩක් අඩුපාඩුකම් එක්ක ජීවිතේ ජයගත්ත ගොඩක් පිරිස් ඉන්නවා...එකෙන් මට හිතෙනවා මමකවුද..මට වැඩිය හොඳ පන්නරයක් ලබපු අය ඉන්නවනේ ඒ අයගෙන් දේවල් ගන්න ඕන.....අම්මා කියන්නේ මෙහෙමයි මැරිච්ච මිනිහගේ ඇට ටිකට නින්දා කරන්න එපා,මූනේ දැලිගාන්න එපා ඉතිං ඒක මට හොඳට වඳිනවා ඒ නිසා මා ගැන විශ්වාසය ඇබුවේ අතිගරු ජනාධිපතිතුමා මට ලැබුන කණ්ඩායම එක්ක මේ කටයුත්ත හොඳින් කරන්න ඉතා ඉක්මනින් මේක කරලා කාටහරි භාරදීලා යන්නයි මට ඕන...''

- හරීන්ද්‍ර ජයලාල්