hemantha-herath-speaks

කොවිඩ් ආසාදිත මරණ තහවුරු කිරීමට මාස කිහිපයක් ගතවීමට හේතුව ඒවා අසාමාන්‍ය මරණවීම බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධ කාර්යාංශයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.



ප්‍රශ්නය :- දැන් මාස දෙකකට තුනකට කලින් විච්ච රිසාල්ට් තමයි මේ එන්නේ ඇයි එහෙම වෙන්නේ මැරිලා සමහරවෙලාවට අදාහනය කරලා තියනවා ඒ සේරම කටයුතු වුණාට පස්සේ මේවගේ රිසාල්ට් එකක් එන්නේ ඇයි මෙච්චර පරක්කු ඇයි මේ

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් :- මරණයකට කළ යුතු ආකරය පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් පැහැදිලි මාර්ගෝපදේශ සටහන් කරලා තියනවා. ඒ වාගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීමෙන් පසුව තමයි අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ ඒකට ගතවෙන කාලය තමයි ඔය ඔබතුමාලා දකින්නේ

ප්‍රශ්නය :- ඒ කියන්නේ සාමන්‍ය මරණයක PCR ටෙස්ට් එකක් කරලා PCR පොසිටිව් ද නැද්ද කියලා සේරම බලන්න මාස තුනක විතර කාලයක් යනවද ?

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් :- එහෙම වෙලා නෑනේ සාමාන්‍ය මරණ නෙවෙයිනේ මේ සාමාන්‍ය මරණ නම් බැලූ බැල්මටම

ප්‍රශ්නය :- එච්චර කල් යනව ද ඔහොම රිසාල්ට් එකක් එන්න

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් :- කල් යන්නේ සාමාන්‍ය මරණ නෙවෙයි අසාමාන්‍ය මරණ