
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝ 52ක් සමග පොලිස් නිලධාරියා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ.
එලෙස සේවය අත්හිට වූ පොලිස් නිලධාරියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරුවන් සමග හෙරොයින් ජාවාරමට යොදා ගත් බවට සැක කෙරෙන වාහන දෙකක් ද පොලිස් භාරයට ගත් බවයි.
මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇත්තේ, අහංගම, ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශ ආශ්‍රිතවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් මත සති කිහිපයක් තිස්සේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම වැටලීම කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
වැඩිදුර පැහැදිලි කිරීම පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval