japan-ship-1-mln-covid-19-vaccines-vietnam

ජපානය විසින් වියට්නාමය වෙත COVID-19 මර්දන එන්නත් මාත්‍රා මිලියනයක්  ලබාදෙන බව ජපානයේ විදේශ අමාත්‍ය වොෂිමිට්සු මොටෙහි පවසයි. මෙහිදී ජපානය සතුව තිබූ AstraZeneca එන්නත් මාත්‍ර තොගයක් මෙලෙස ලබාදීමටෙ නියමිතව ඇත. එම එන්නන් අද (18දා) දිනයේදී වියටිනාමය වෙත ළඟාවනු ඇතැයි සදහන් වෙයි.  මෙම එනත් මිලියනය. හිමිවීමත් සමග වියට්නාමයට එරට ඒ කරණ වැඩසටහන වේගවත් කළ හැකි බව පවසා සිටියි.

මිලියන 98ක් වන ජනගහනයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 10,241දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් මරණ සිදුව ඇතේ 58ක් පමණකි. වියට්නාමයට අමතරව තායිවානය වෙත තවත් අමනරඑන මාත්‍රා ලබාදීම සම්බන්ධයෙන්ද ජපානය අවධානය යොමුකර තිබෙන බව පවසා තිබේ. එසේම ලබන ජූලි මාසය වනවිට ඉන්දුනීසියාව, මැලේසියාව,පිලිපීනය සහ තායිලන්තය. වෙතත් මෙම එන්නත් ලබාදීමක් සිදුකරන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත.මෙම මාසය මුලදී තායිවානයට ජපානයෙන් Astrazeneca එන්නත් මාත්‍රා මිලියන 1.24ක් හිමිවිය. ඒ අනුව තවත් අමතර එක්නත් ලබාදීමට ජපානය ගෙන ඇති තීරණයට ස්තූතිවන්ත වන බව තායිවාන බලධාරීන් ඊයේ සදහන් කර තිබුණි.මේ අතර ජපානය දැනටමත් coVAX වැඩසටහන සඳහාද එන්නත් මාත්‍රා බිලියනයක් ප්‍රදානය කිරීමට පොරොන්දු වී සිටියි. එය වියට්නාමයට සහ තායිවානයට ලබාදෙන එන්නත්, මාත්‍රාවලට අමතරව බවත්, ජපාන විදේශය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.