india-covid19

උතුරු ඉන්දියාවේ, හිමාචල් ප්‍රන්තය තුළ, හිමාල අඩවියට අයත්, හුදෙකලා ගම්මානයක වැසියන්, “කොවිඩ් වයිරසයට එරෙහිව ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය බලධාරිහු පවසති.  

මෙම නොදියුණු ගම්මානයේ වැසියන් විශ්වාස කරන්නේ, “කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය දේව සාපයක් බවත්, වයිරසය ආසාදනය වී සුවය ලබනවා ද නැත්නම් මරණයට පත් වෙනවා ද යන්න දෙවියන් තීරණය කරන බවත්ය. හිමාචල් සෞඛ්‍ය බලධාරීන් කිලෝ මීටර් 5 කට වැඩි දුරක් පයින් ගමන් කරමින් මෙම ගම්මානයට ගොස් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් එන්නත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ අතලොස්සක් පමණි.


ගම්මානයේ 2,200 දෙනකු සිටින බව ද පැවැසෙයි.  ගම්මානයේ පාලනය සිදුවන්නේ ආගමික පාලක මණ්ඩලයක් මගිනි. ගමේ නායකයා ඇතුළු  වැඩිහිටියෝ මෙම පාලක මණ්ඩලයට අයත් වෙති. ඔවුන්ට අනුව, “කොවිඩ් 19' ලෙස අප හඳුන්වන  බිහිසුණු වයිරස රෝගය, ජමද්ගනී නමැති සප්ත  සෘෂිවරයාගේ කෝපය නිසා හටගත් සාපයකි. ගම්මානයේ වැසියෝ ජමදනී දේවත්වයෙන් සලකන අතර, මොහු විෂ්නුගේ සයවැනි අවතාරය ලෙස සැලකෙන පරශුමාගේ පියා ය.


තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එරට විවිධ වැසියන්ගේ විවිධ ආගමික විශ්වාසයන්ය.