homagama-covid19

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය කියයි. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 64  දෙනකු නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 

මියගිය කාන්තාවගේ පී.සී.ආර්. පරික්ෂණයේ වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් අවසන් කටයුතු සඳහා සුදානම් වීම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත්වී ඇති බවට  හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  එම කාන්තාව ඉකුත් 29 වනදා මියගොස් ඇති අතර මිය යාමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී එම කාන්තාවට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


 එම වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් ප්‍රදේශවාසීන් සමග එක්ව  මළගෙදරට සුදානම් වී ඇත. පී.සී.ආර්. වාර්තාව අනුව එම කාන්තාවට වයිරසය ආසාදනය වී ඇති බව  හෙළිවීමෙන් පසු, මළගෙදරට පැමිණි පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කරන විට ඔවුන් ද ආසාදිතයින් බවට  හඳුනාගත් බව ප්‍රදේශය බාර මහජන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සී.එල්.  බණ්ඩාර මහතා පැවසීය.  මෙම පිරිසට සම්බන්ධ නිවාස 14ක  පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති අතර මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම පිරිස එසේ ආසාදිතයින් බවට පත්වී ඇති බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේම්සුරිය මහතා පැවසීය.


 -ප්‍රියන්ත ජයලත්-