gnanasara-thera-speaks

✿බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් අපේ ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ බැහැ දකින්නයි ආවේ...මට ආරංචියක් ආවා ඔබ වහන්සේ ළඟදීම පාර්ලිමේන්තුවට වැඩම කරනවා කියලා..කවදාද ස්වාමීන් වහන්ස දිනය...?


                                     ''මම හිතන්නේ ජූලි 5 වෙනකොට අපේ රතන හාමුදුරුවන්ගේ කාලය අවසන් වෙනවා....අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා අපිට ඒක ලැබෙයි කියලා...''

✿රනිල් වික්‍රමසිංහ මහත්මයා 22වෙනිදාද කොහෙද පාර්ලිමේන්තුවට එනවා කියනවා...ඔබවහන්සේත් එවැනි දවසකද දිවුරුම් දෙන්න සූදානම...?
                            ''අපේ ජනබල පක්ෂයට ලැබුන මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් යම් අර්බුදකාරීතත්වයක් ආරම්භ උනා...ඒක තිබිරිගෙයිදිම ඒ පක්ෂය මරා දාන්න හුඟක් අය උත්සහ කලා...කොහොම හරි අපි මන්ත්‍රීධූර ලබාගෙන ඒ වැඩ පිළිවෙලට මූලිකත්වය දුන්න රතන හාමුදුරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නා යම් කාලයකට.....''

✿රතන හාමුදුරුවො පාර්ලිමේන්තුවට වඩින්නේ  ජනවාරි 05...කාලය ඉවර වෙන්නේ ජූලි 05 ඒ කියන්නේ කාලය මාස06 යි...මොකක්ද මේ එකඟතාවය ඔබ වහන්සේයි රතන හාමුදුරුවොයි එකඟතාවයකට ආවාද...?
                                  ''ඇත්ත වශයෙන්ම උනේ මේකයි....අපි සෑහෙන කාලයක් මේ නැති උන පක්ෂ මන්ත්‍රීවරු ගැන කතා කලා...මන්ත්‍රී ධූර පිළිබඳව නෙවෙයිනේ ගැටළු ඇති උනේ ලේකම් ධූර පිළිබඳවනේ ඒ සංසිද්ධීන් කවුරුත් දන්නවා.....මේක උසාවියේ නඩුවක් පැවරුවා පක්ෂය පැත්තෙන්....අපි බැළුවා වඩාම හොඳ දේ මොකක්ද  අවසාන තීරණයේදි මමත් රතන හාමුදුරුවොත් පක්ෂ සභාපතිවරයාත් සමඟ සාකච්ඡා කරලා වේදිරගම විමලතිස්ස හිමියන් සමඟ යම් එකඟතාවයකට එන්න බැරි බව අවබෝධ කරගෙන ඒ වෙලාවේ සුදුසුම විදිහට රතන හාමුදුරුවෝ කිව්වාව මට එක දවසක් හරි කමක් නෑ යන්න දෙන්න කිව්වා....''


✿රතන හාමුදුරුවන් එහෙම ඉල්ලා සිටියාම ඔබ වහන්සේ මොකක්ද කිව්වේ..?
                                 ''මම කිව්වා මේක අපි ගිවිසුම් ගහන්න දෙයක් නෑ කොළ කෑලි ලියන්න දෙයක් නෑ පළවෙනිම දේ අපි බුදු හාමුදුරුවන්ගේ ගෝලයෝනෙ විශ්වාස පරමාඥාතී....ඒ අනුව ඔබ වහන්සේ මාසයක් දෙකක් වෙන්න පුළුවන් මේක අපිට භාර දෙන්න මොකද අපි ජාතියට කියපු දෙයක් තියෙනවා....සිංහලයාගේ අභිලාෂ ඉෂ්ඨ කරගන්න බැරුව මිරෙකිමෙන් ඒවට එරෙහිව අරගල කරමින් හිරේ විලංගුවේ වැටෙමින් නින්දා අපහස විදිමින් අපි දෙයක් කරලා තියෙනව මේක ඇතුලේ....''

✿රතන හාමුදුරුවෝ එකඟ උනාද ඔබවහන්සේගේ යෝජනාවට..?
                                         ''අනිවාර්යෙන්....උන්වහන්සෙ හරි ලස්සන කතාවක් කිව්වා...බලන්න මගේ වචන නෙවෙයි මම ක්‍රියාවෙන් ඔප්පු කරනවා කියලා තමයි උන් වහන්සේ නැගිටලා ගියේ...''

✿මාස තුනකට එකඟ උනානම් ජූලි 05 කියන්නේ මාස 6ක්....ඇයි මාස 6ක් යනකල් හිටියේ...?
                                       ''අපි කිව්වනේ හාමුදුරුවන්ට තව මාස 6ක් ඉන්න අරින්න ප්‍රශ්ණයක් නෑ ඒක...නමුත් දැන් අපිට අවශ්‍යතාවක් තියෙනවා පක්ෂයට මොකද අපි පක්ෂයක් විදිහට මේ රට හමුවේ බලාපොරොත්තුවක් තැබුවා අපි දිස්ත්‍රික්කයක් දිස්ත්‍රියක් ගානේ ගිහින් පුංචි ප්‍රමාණයක් හරි මිනිස්සුන්ට දුන්න බලාපොරොත්තු තිබ්බා...අපි දිගින් දිගටම කතා කෙරුවේ කෙලවරක් නැති ප්‍රශ්ණනේ මේ රටේ....හැම අතින්ම ගැටළුනේ...ඒ අර්බුද අතර බරපතල අර්බුදයක් තියෙනවා මේ රටේ සංස්කෘතික අර්බුදය...මේ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය නිසා සිංහලයාට මුහුණ දීමට සිදුවන අභ්‍යසම්පන්න තත්වයෙන් ඔවුන් මුදවාගෙන මොනයම් හෝ වැඩ පිළිවෙලක් නෛතිකව පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා කරලා මේ මන්ත්‍රීවරු කවුරුවත් පක්ෂ වලින් ගියාට මේ සිංහලයාගේ ඇත්ත ප්‍රශ්නේ කතා කරන්නේ නෑ...ඒ නිසා මේ සංස්කෘතික ප්‍රශ්ණ අපිට අනන්‍ය දෙයක්....''

✿ඒක රතන හාමුදුරුවන්ටත් අදාලද මේ ගියපු මාස 6 තුල..?
                             ''1998-2000 වගේ කාලෙක ඉදලා මේ රටෙ අපි කතා කලා අන්‍යාගමික ප්‍රශ්ණයක් තියෙනවා කියලා...එදාමේ ප්‍රශ්ණය ගැන කතා කරනකොට ක්‍රිස්තියානි මුලධර්ම වැඩ පිළිවෙල නව යටත්විජිතකරණ වැඩ පිළිවෙලක් ඇත්තටම...එදා මේ ප්‍රශ්ණ ගැන කතා කරනකොට සංවිධාන තිබ්බේ 103 යි....අද ඒ සංවිධාන ප්‍රමාණය 500 දක්වා වැඩි වෙලා තියෙනවා...එතකොට රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට යන්නෙ 20‍05 මොකටද යන්නේ මොකටද මේ රටේ මිනිස්සු මන්ත්‍රීවරු 9දෙනෙක් හැටියට හාමුදුරුවන්ට ඡන්දෙ දුන්නා නෙවෙයි ඡන්දෙ පුජා කරලා අපි මොනතමරයි දරදිය ඇද්ද ඒවාට....

ඒ කාලෙ බොදු සමුළු හදලා දහස් ගණන් පාරට ගෙන්නලා....ඒ දවස් වලත් පොලිසි වල ලඟිමින් මේ ප්‍රශ්ණෙන් බෞද්ධයාව බේරගැනීම සඳහා අපි අරගල කෙරුවා....මහපාරේ අරගල කරලා කරලා ඵලක් නැති තැන අවසානයේ අපි තීරණය කෙරුවා පාර්ලිමේන්තු යන්න ඕන මේක විසඳගන්න පනතක් හදන්න ඕන බෞද්ධයන් වෙනුවෙන් කියලා....අන්‍යාගමික පනත නමින්....දැන් උන්වහන්සෙ අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා මේ ප්‍රශ්ණෙට සාධාරණයක් ඉෂ්ඨ කරන් බැරි උනා...ඒ අනුව තමයි  ක්‍රිස්තියානි මූලධර්මවාදි ප්‍රශ්ණේ වෙන්න පුළුවන් සදාචාර විරෝධී සහ නීතිවිරෝධී අන්‍යාගමිකරණය අනිත් පැත්තෙන් අපේ සහෝදර සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මුස්ලිම් මිනිස්සු අතික්‍රමණය කරමින් ඔවුන් අප සහ දමිළ සමාජය කියන සමස්ථ සමාජය ආතතියට පත් කරමින් ගොඩනැගෙන මේ ඉස්ලාමීය අන්තවාදය ගැන අපි කතා කරනවා... ''

✿අවුරුදු 15 ක් පාර්ලිමේන්තුවේ හිටපු රතන හාමුදුරුවෝ ඒ කටයුතු කිසිවක් කලේ නැත්තම් මොකටද මාස 6ක් හරි දුන්නේ..?
                         ''මෙහෙමයි උන්වහන්සෙ  කරපු කාරයභාරයක් තියෙනවා මේ රටේ...විශේෂයෙන් LTTE යුධමය වශයෙන් පරාජය කිරීමේදී LTTE පරාජය කල හැකියි,LTTE පරාජය කල යුතුයි කියලා ඒ මතවාදය මේ රට ඇතුලේ ගොඩනගන්න එදා උන්වහන්සේ විශාල නායකත්වයක් දුන්නා....එතකොට උන්වහන්සේ 2005 ඉදන් 2010 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ  ආණ්ඩුව යටතේ උන්වහන්සේලා වැඩ කෙරුවා...ඒ කාලේ මොනවා හරි මතට තිත ඒ වගෙ මොනවාහරි දේ එක්ක හිටියා...නමුත් මේ බෞද්ධයාගේ ප්‍රශ්ණය කතා කරන්න බැරි උනා...ජනප්‍රිය දේවල් එක්ක හිටගත්තා....මෛත්‍රී රනිල් මැතිතුමාගේ ආණ්ඩුව කාලේ 2015-2019 කාලේ පොහොර පිළිබඳ කතා කලා,

ආසනික් පිළිබඳ කතා කලා මේ වගේ කලින් කලට කලින් කලට ඒ වගේ ඒ දේවල් එක්ක ගැටුණා...උන්වහන්සේ එක්කලා මේ දේශපාලන වැඩ පිළිවෙලවල් මොකද පුද්ගලයෝ අපිට වැදගත් අපේ අරමුණ ඒක සාකච්ඡා කිරීමේදී අපි දිගින් දිගටම කිව්වා මේ වතාවෙදි අපි මේ ජනවරමක් ඉල්ලන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි බෞද්ධයාගේ සිංහලයාගේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් අණ පනත් ටිකක් හදන්න ඕන ඒ අණ පනත් හදන තැන නියෝජනයක් අපිට අවශ්‍යයි ඒකටයි අපි මේ ඉදිරපත්වෙන්නේ කියලා....  ''

✿මේ එකඟතාවය ඔබ ඇතිකරගන්නකොට හිටියේ කවුද..?
                        ''මමයි,රතන හාමුදුරුවොයි,සමන්පෙරේරායි....''



✿එතකොට කොහෙවත් ලියවිල්ලක් නැද්ද..?
                       ''ලියවිලි උවමනාවක් උනේ නෑනේ....''

✿ඇයි හාමුදුරුවනේ ලියවිලි වල ලියපු agreement කඩන තැනක කටවචනේ විශ්වාස කරන්න තරම් ඔබ වහන්සේ මේච්චර මේ දේශපාලය දන්න ස්වාමීන් වහන්සේ අද ඊයේ ඉදන් දන්න කෙනෙක්ද..?
                               ''එතන තමයි ගිහියයි පැවිද්දගෙයි වෙනස...සිවුර කියන්නේ තක්කඩින්ට හැංගෙන්න හොඳ තැනක් වෙලානේ දැන්...මේකේ හොරු ඉන්නවා මංකොල්ලකාරයෝ ඉන්නවා ජඩයො ඉන්නවා මුදලාලිලා ඉන්නවා මේක ඇතුලේ සිවුර දාගෙන කාලකණ්ණි දේශපාලකයො ඉන්නවා ....''

✿මේ මන්ත්‍රීධූරය පුරවගන්න තිබ්බ රණ්ඩුව අපි දැක්කනේ...එහෙම එකේ ඥානසාර හාමුදුරුවෝ රතන හාමුදුරුවො විශ්වාස කලේ කොහොමද..?
                     ''අපි කොහොමද එක දන් පිළක දන් වළඳන්නේ විශ්වාසක් නැතුව....අපි ගිහියොත් එක්ක දේශපානය කලා නෙවෙයිනේ...ඒ මගෙ පපුව...''


✿ඔබ වහන්සේගේ නම ප්‍රතික්ෂේප වෙනවා කුරුණෑගල...ඔබ වහන්සේ ඇත්ත කියන්න rejected උනාද rejected කලාද..?
                           ''ඒක මම තාමත් දන්නෙ නෑ...ඒක technical කාරණාවක් කියලා හිත හදාගන්නවා...''
✿මේක ඥානසාර හාමුදුරුවො  rejected කරන අරමුණින් කරපු කුමන්ත්‍රණයක් නෙවෙයිද...?
                              ''එහෙම මිනිස්සු කියන්න පටනගත්තා...''
✿ඔබ වහන්සේ පිළිගන්නේ නැද්ද ඒක...?.
                    ''ඒක අර කියන්නේ 50%....එහෙම තමයි කියන්න වෙන්නේ...මොකද ඒවා PAST...PAST IS PAST...ඔබ හිතන්න කොළඹ,කළුතර , මොණරාගල සහ කුරුණෑගල කියන දිස්ත්‍රික්ක හතරේම අපේ නාමයෝජනා අවලංගු උනා...හැබැයි ඒ නාමයෝජනා වලට නම් දීපු උදවියවත් නාමයෝජනා ප්‍රතික්ෂේප උනාට පස්සෙ ඡන්ද එකතු කරන්න මහන්සි උනේ නෑ මේ වැඩ පිළිවෙලට...නමුත් මම මේක අතහැරියේ නෑ...මම හිතුවා නෑ අපි ගැන විශ්වාස කරලා දහ දොළොස් දෙනෙක්වත් මේකේ ඇවිත් ඉන්නවා...සරලව කිව්වොත් පට්ට අවංකව වැඩ කරපු උන්...මේ රටේ අපි මොනවා කතා කලත් 1%කට වඩා නෑනේ මේ සිංහල ජාතිකවාදික කියන ක්‍රීම් එක ගත්ත උන්....එතකොට ඒ අය අමාරුවේ දාන්න බෑ මන්ත්‍රීධූරය ලැබනත් එකයි නැතත් එකයි අපේ පක්ෂේ උදවිය කතා කරලා සාකච්ඡාවක් ගොඩනැගුවා  ඥානසාර හිමි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕන කියලා.... ''

✿ඇත්තද රතන හාමුදුරුවෝ මම කියන්නේ දැන් නෙවෙයි ඡන්ද period එකේ දුවන්න සල්ලි ආරක්ෂාවයි රතන හාමුදුරුවො දුන්න කියන්නේ ඇත්තද..ගම්පහ පැත්තේ මන්ත්‍රීවරියකගේ SALE එකකට අයිති වාහනයක් දුන්න කියලා....?
                          ''මම හිතන්නේ රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉදලත් VAT එකක ගිහින් තියෙනවද කියලා මමදන්නෙ නෑ...හැබැයි මම දැන් සෑහෙන කාලයක් තිස්සෙ VAT හරි geep හරි මොනවාහරි පාවිච්චි කරන්නේ සහ ඡන්ද කාලෙත් මම පාවිච්චි කාලේ අපේ දායක මහත්මයෙක් ඉන්නවා කුරුණෑගල මගෙ තාත්තා වගෙ ඒ මනුස්සයා තමයි මට වාහනේ දීලා තිබ්බේ දුර ගමනක් යනවනම් ඒක ඉල්ල ගන්නවා...ඊළඟට සමන්පෙරේරාගේ වාහනේ තමයි අපි දිව්වේ සුනේත්‍රා මැතිණිය ගම්පහ විශාල මුදලක් මේකට වියහියදම් කලා විශේෂයෙන්ම මාධ්‍ය වල ප්‍රචාරක කටයුතු සඳහා ඒකෙන් තමයි අපි ඡන්දය ඉල්ලනවා කියලා දැනගත්තේ අවම තරමින් FACE BOOK එකේ මට PHOTO එකක් දාගන්න තබා මෙ මතවාදය ගෙනියන්න අවස්ථාවක් තිබ්බේ නෑ....''

✿මේ මන්ත්‍රීධූරය මාස 6කට දෙන්නත් ඔබ වහන්සේට ඊට පස්සේ දෙන්නත් කියන කාරණාවෙදි ඔබ වහන්සේට ලක්ෂ 300ක් දුන්නා කියන්නෙ ඇත්තද...vehicle permit එක දෙන්නම් ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න කිව්ව කතාව ඇත්තද...ආරක්ෂාව ලෑස්ති කරලා දෙන්නම් ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න කියන කතාව ඇත්තද...?
                                ''අපි මේ පොඩි හුළං වලට නැමෙන්නේ නෑ....අනෙක් කාරණාව භික්ෂූන් වහන්සේලා හැටියට අපි යථාවාදී තථාකාරී වෙන්න ඕන...ඔගොල්ලෝ අපිට වඳින්නේ බයකට නෙවෙයිනේ සිවුරටත් නෙවෙයිනේ වඳින්නෙ මොකක් හරි අපිට වඩා ගුණයක් ඇති කියලා හිතාගෙනනේ....මේ මන්ත්‍රීධූරය දුන්නට පස්සෙ මේ මනුස්සයා වචනයක් කතා කරලා නෑ අපි එක්කලා....අවම තරමින් ස්තූති කියාපන් අවම තරමින් තේ කහට උගුරක් බිව්වේ නෑ...ඊට පස්සේ අපි කිව්වා ඔබ වහන්සේ වචනෙට වගකියන්න ඔබ වහන්සේ මේක සුදුසු වෙලාවෙදි අපිට දෙන්න....පක්ෂෙන් මම හිත්නේ ලියුමක් දීලා තියෙනවා රතන හාමුදුරුවන්ට පක්ෂය කියන ඕනම වෙලාවක ඉල්ලා අස් වෙනවා කියලා...සතියක් දෙකක් තුනක් යනකොට ලැව් ගින්නක් වගේ යනවා ඥානසාර හාමුදුරුවො පැත්තට උනා මෙන්න රාවයක් යනවා ඥානසාර හාමුදුරුවන්ට ලක්ෂ 300ක් දීලා....පස්සේ මම දන්න දන්න අයට කතා කලාම ඒ අයත් මේක විශ්වාස කරනවා...

අවුරුදු 84 ඒ දායක මහත්මයාගේ වයස ඇමරිකාවේ මේ දවස් වල අසනීප වෙලා ඉන්නේ මට කියලා වාහනයක් තිබුනෙ නෑ...මිනිස්සු දීපු වාහන තමයි මම පැද්දේ... ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා මගේ අම්මාගේ උපන්දිනය අවුරුදු 83...අම්මගේ උපන්දින දිනේ දුන්නා මෙතන සියක්නමකට ඒ දානේ දීලා දවස් තුනක් යනකොට මේ මහත්මයා මට කතා කරලාකියනවා ඔබ වහන්සේ වැටෙන්න එපා ඔබ වහන්සේ උතුරු නැගෙනහිරට ගිහින් වැඩ ටිකක් තියෙනවා කරන්න...මම ඔබ වහන්සේට වාහනයක් අරන් දෙනවා මට බැංකු ACCOUNT එක එවන්න ඉතිං මම යැව්වාම එයා මට එවලා තිබ්බා මම ඔයාට සල්ලි ටිකක් එවන්නම් අළුත් කාර් එකක් ගන්න මමහිතුවේ ලක්ෂ 25ක් 30ක් එවයි කියලා සම්පත් බැංකුවට ඩොලර් ලක්ෂයක් දාලා තිබ්බා....මේ වගේ සත්පුරුෂයෝ මේ රටේ ඉන්නවා මම හිතන්නේ මම දුක් විදපු කාලේට අපි හරි අරමුණක් වැඩ කලොත් සොබාදහම අපිට සලකනවා කියලා...මට මේ දේශපාලකයන්ගෙන් හරි මිනිස්සු දහදුක් විදලා ගෙවන බදු මුදලින් වාහන මට වැඩක් නෑ....

ඇත්තටම මගේ PLANE එක තිබ්බේ උතුරු නැගෙනහිර යන්න...සිරිල් මැතිව් මැතිතුමාගෙන් පස්සෙ උතුරු හා නැගෙනහිර දෙපලාතේ එතුමා විසින් සංරක්ෂණය කරපු පුරාවිද්‍යා  ස්මාරක 273ක් තියෙනවා විශාල ප්‍රමානයක් මේ වෙද්දි විනාශ වෙලා තියෙනවා...E BOOK එකක් කරන්නයි මගෙ අදහස තිබ්බේ....1971 ලියනකොට මේක තිබ්බෙ කොහොමද දැන් තියෙන්නේ කොහොමද කියන ලොකු වැඩසහනක හිටියේ මොකද හැටනම ලක්ෂයක් මේ රටේ ඡන්දේ දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒකෙදි අපි යම් කාර්යබාරයක් කෙරුවා මොකද අපි  මතයක් ගෙනිච්චානේ අපිට මෙහෙම නායකයෙක් ඕන කියලා ඒ මනුස්සයට බැන බැන ඉදලා වැඩක් නෑනෙ ඒ මනුස්සයා පුටුවේ ඉන්න වෙලාවේ අපි කිව්ව දේවල් මහපොළොව යථාර්ථයක් කරගන්න ඕන...වාහනයක් උවමනා උනා ඉතිං vat එකක් ගත්තා ඩොලර් ඔක්කොම එවලා තිබ්බෙ සම්පත් බැංකුවට අපිට තිබ්බනේ මේ සල්ලි අරන් එළියෙන් මාරු කරන්න එහෙම කලේ නෑ බැංකුවෙන්ම මාරු කරලා ඒකත් රටට ඉතුරු කරලා ලක්ෂ 10ක් දුන්නා මගෙ අර කලින් වහනය දුන්න දායක මහත්තයට ලක්ෂ 380කට වාහනයක් ගත්තා..

මේක දිගින් දිගට යනකොට මම ඔහේ යන්න ඇරියා...උත්තර දීලා වැඩක් නෑනේ...අවසානේදි බැරිම තැන මමම තහවුරු කරගත්ත උදාරණයක් විදිහට අපිත් එක්ක ඡන්ද ව්‍යාපාරයේ හිටියා කොඩිතුවක්කු කියලා මහත්මයෙක් එතුමා කතා කරනවා ආනන්ද සාගර හාමුදුරුවන්ට පාහියංගල එයාත් ඡන්දේ ඉල්ලුවානේ....උන්වහන්සෙට කතා කලාම වැඩක් නෑ කොඩිතුවක්කු මහත්තයා ඥානසාර හාමුදුරුවොත් සල්ලි අරගෙනනේ ලක්ෂ ගානක් මට මේ ඇතුලින්මයි අවේ කිව්වම මට හිතුනා මේක මීට වඩා යන්න දෙන්න බෑ කියලා වහාම ගිහින් CID එකේ පැමිණිල්ක් කලා...CID එකට අපි හඬපටයක් දුන්න විමලතිස්ස හාමුදුරුවෝ කියන...මේ අය කියන්න එපැයි සල්ලි දුන්නද,ලක්ෂ 300ක් කොහෙන්ද ආවේ කියලා...''


✿රතනහාමුදුරුවන්ගෙන් කිසි සේත් ලක්ෂ 300ක් ගත්තෙ නෑ...?
                        ''ලක්ෂ 300ක් තියා එක රුපියල් පහක් ඉල්ලලා නෑ....''
✿මොනවාහරි ඉල්ලුවද මට vehicle permitඑක දෙන්න කියලා හරි..?
                          ''කවදාවත් මම එහෙම ලාබ සිල්ලරට වැඩ කරපු කෙනෙක් නෙවෙයි මේ ජීවිතේ තියෙන ජාතිය වෙනුවෙන් වැඩ කරපු මට මේ vehicle permit එකක් මොන කඡ්ඡක්ද....මේ මිනිස්සු අරවගේ වාහන පූජා කරද්දි... ''


✿හරි...හාමුදුරුවෝ ඉල්ලුවේ  නෑ...රතන හාමුදුරුවෝ මොනවද දෙන්නම් කිව්වේ...?
                          ''අපි ඒවා පිළිබඳ මොනවත් කතා කලේ නෑ...එක හේතුවක් තමයි මම දෘඩතර අධිෂ්ඨානයක පිහිටලා හිටියා මම පාර්ලිමේන්තුවට යාමෙන් මේ අවස්ථාව ලබා ගැනීමෙන් මට එකම එක වරප්‍රසාදයයි ඕන...එකම වරප්‍රසාදය තමයි මම මේ අවුරුදු 20 ක් තිස්සෙ කතා කරන මේ සංස්කෘතික ආක්‍රමණය අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙනවනේ වරප්‍රසාද කියලා කතා කරන්න අන්න ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කතා කිරීමේ අවශ්‍යතාව පමණයි මට තියෙන්නේ ඒකට හේතුව තමයි ඔබ දන්නවා මේ කතා කරන මොහොතෙත් මට නඩු 17ක් තියෙනවා.... ''
✿රතන හාමුදුරුවෝ අද වෙනකල් මෙතනින්න ගියාට පස්සේ කතා කරලාම නැද්ද...?
                               ''කතා කලේ නෑ....හම්බවෙලත් නෑ...එක දවසක් හම්බුනා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයේන අධිෂ්ඨාන පූජාවක් තිබ්බා නිදහස් චතුරඝ්‍රයේ එතන අපි ඉන්න පේළියේ ඇවිත් වාඩි උනා එච්චරයි.....''


✿එහෙනම් ඇයි රතන හාමුදුරුවන්ගෙන් පැත්තෙන් කියවෙන්නෙ මම එහෙම එකඟතාවයකට ඇවිත් නෑ මම ඉන්නවා full term එකම...?
                   ''මෙහෙමයි....පක්ෂයේන තමයි මේ තීරණේ ගත්තේ....උන්වහන්සේට ලියුමක් යවලා තියෙනවා හාමුදුරුවනේ මාස 6 කාලේ හරි කරුණාකරලා ඔබ වහන්සේ මේකට ලැස්තුවෙන්න කියලා මමත් ලිපියක් යැව්වා....''
✿ඔබ වහන්සේ ඇරියේ පක්ෂේ වෙනුවෙන්ද නැත්තම්...?
                      ''මම පෞද්ගලිකව කව්වා...බොහොම කෙටියෙන් ලියුමක් යැව්වා කරුණාකරලා අපිට ඒක ලබා දෙන්න...''
✿උන්වහන්සේ කියනවනේ මම එහෙම එකඟතාවයකට ආවේ නෑ මම ඉන්නවා කියලා....?
                         ''තම තමන් කවුරු කවුරුත් වපුරන විදිහට අස්වැන්න නෙලා ගනී...''
✿මේක ඔබ වහන්සේ සටනක් කරන්නෙ නැතුව දුන්නොත් යනවා එහෙමද....?
                                          ''අපිට ගිහියො වගේ කුලල් කාගන්න බෑනේ...අපි මේ ජාතියට දීපු නායකත්වයක් තියෙනවා ඒ වගේම මේ රටේ සිංහලයන්ට බෞද්ධයන්ට දීපු නායකත්වයක් තියෙනවා මිනිස්සුන්ගෙන් අපි ඡන්දය ඉල්ලුවේ වෙන වෙන දේවල් කතා කරන්න නෙවෙයි...2005 ඉදලා මේ දක්වා තියෙන්නේ රාජපක්ෂලාගෙ ආණ්ඩුවක්නේ හැබැයි කිසිම වෙලාවකවත් අපි මේ කතා කරන සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්ණයක් විසඳගන්න සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක පනතක් එක පණතක් අපිට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් උනාද අපිට....කවුරුත් හඬ නගන්නේ නෑනේ...පහුගිය ටිකේ ගත්තොත් නැවක් ගිනි ගන්නවා නැවක් ගැන කතා කරනකොට දවසේ වීරයෝ ඕන තරම් ඉන්නවා පොහොර ප්‍රශ්ණ එනකොට ඒ ගැන කතා කරනවා දවසේ වීරයෝ...

අපිට දවසේ වීරයො වෙලා වැඩක් නෑ...අපේ භූමිකාව වෙන්නේ අපි රටට දීපු බලාපොරොත්තුවක් තියෙනවා ඒක මෙ මහපොළවේ යථාර්ථයක් කරන්න එකක් නෙවෙයිනේ අන්‍යාගමිකය,මුස්ලිම් ක්‍රමණය,හදබිම් ආක්‍රමණය මේවා අපි කතා කරපු දේවල්...උපත් පාලනය පිළිබඳ අපි කතා කරන්න තීරණේ කලා මේ කතා කරන මොහොතෙත් පාස්කු කොමිසම් වලින් මොනවා කතා කලත් මේ සියල්ල තියාගෙන ඉන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව යටපත් කරගෙන මේ කතා කරන මොහොතෙන් ගුවන් විදුලියේ වහබ් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා...එතන ඉන්නවා ප්‍රධානියෙක් අගමැතිතුමා පත් කලා කියලා තමයි කියන්නේ තනිකරම වහබ්වාදීන්ගේ අල්ලසට යට වෙලා ඉන්නේ...

මම දැන් රටඇරියාම යනවා හම්බවෙන්න මොකක්ද මේතමුසේ කරන්නේ කියලා අහන්න මුන්ට ඕන ඕන විදිහට නටන්න මිනිස්සු ඡන්දෙ දුන්නේ නෑ...අපියි දරදිය ඇද්දේ කොහෙවත් ඉන්න තක්කඩි ඇවිත් ආයතන වලට පත්වෙලා ආපහු මේකේ ගිනි පුපුරු පත්වෙන තැනකට හැදෙනවනම් මොකටද අපි කරපු කැප කිරිම...මේක අපි කතා කරන්න ඕන නැද්ද...''

✿එළියේ තියෙන කතාව වෙන චිත්‍රයක්නේ....ඇයි ඥානසාර හාමුදුරුවෝ ඉස්සර වගේ නැත්තේ....?
                           ''අන්තර්ජාල මාධ්‍ය හැරෙන්න මාධය සාකච්ඡා කීයක් තිබ්බාද මම...එක විනාඩියක් තත්පරයක් වෙන් කරන්නේ නැත්තම් පත්තරේක news එකක්  දාන්නේ නැත්තම් ඔබ දන්නවද 2015 ඉදලා මේ වෙනකල් මට face book එකට යන්න බෑ....මගෙ photo එකක් දැම්මොත් සේරම තහනම් වෙනාව....මේ ආණ්ඩුවට කිව්වා මේක නිවැරදි කරන්න කියලා මාව ත්‍රස්තවාදියෙක් විදිහට හංවඩු ගහලා තියෙන්නේ....මම දැන් මේ ටිකක් වවේකයේන හිටියා අපි කලේ මොනවද වෙන්නේ මොනවද අපි කොහොමද ඊට පස්සේ අපි මේ සමාජයට නායකත්වය දෙන්නේ නැවත...අපි කියන දේවල් මිනිස්සු විශ්වාස කරයිද...''
✿ඔබ වහන්සෙ ඉන්නේ ඉතාම අවධානම් කලාපයක....බොදුබල සේනා තහනම් කරන්න කියන නිර්දේශය ඉදිරිපත් වෙලා ඉවරයි...ඔබ වහන්සේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මේක පටන්ගත්ත ප්‍රධානම චූදිතයෙක් වශයේන චෝදනා එල්ලවෙලා ඉවරයි...ඔබ වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කියන ආරක්ෂාවේ එල්ලෙන්න නේද හදන්නේ....?
                              ''ඇත්තවශයෙන්ම හිරේ අපි කොහේ හිටියත් අපි මේ මරණානුස්සතිය වඩන වෙලාවක්නේ...අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්නේ නෑනේ...අපිට වැඩ කරන්න වෙලාවක් තියෙනවා ඒ කරන වැඩේට අවස්ථාවක් යෙදෙනවා...පාස්කු සම්බන්ධයෙන් කතා කරන වට පිටාවක් හැදිච්ච වෙලාවේ එක කතා කලේ නැත්තම් තව ප්‍රශ්ණ ගොන්නක් ඇවිත් මේක යට යනවා...ඒකයි මේ එකම අරමුණක එල්ලිලා ඉන්නේ....මන්ත්‍රීධූරයි උවමනා කරන්නේ වෙන කිසිවක් නෙවෙයි මුන්ට තේරෙන්නේ නෑ කාලකණ්ණි පවුකාරයන්ට ඇයි මේක ඕන වෙන්නේ මම මේ ප්‍රශ්නේ එළියෙ කතා කරලා දන්නවද මාධ්‍ය සාකච්ඡාවක එකම එක වචනයක් මම කිව්වා කියලා කුරුනයට අපහස කලා කියලා නඩු,මේ රටේ නිකායකලා,මහානායකවරු කෙරුම්කාරයො ඔක්කොම ඉන්නවා...බුරුකන්දෙ හාමුදුරුවො ආදාහනේ කරගන්න බැරුව ඉන්නකොට රටක් කම්පාවෙද්දි සිංහලයගේ බෞද්ධයාගේ ගෞරවය බේරගන්න මම ගිහින් ආදාහනය කරලා ආවා...අද මට ශේෂ්ඨාධිකරණයෙන් නඩු...

එකක්වත් පෞද්ගික ප්‍රශ්න වලට නඩු නෑ මට... මන්ත්‍රීධූරය උවමනා කරන්නේ මේ ඉස්ලාම් අන්තවාදය තමන් හරිහැටි විග්‍රහ කරගෙන නෑ...ඔබ හිතන්න මමහිරෙන් එළියට ආවා අවම තරමින් පාස්කු ප්‍රහාරය  මට කියන්න එකප්‍රසිද්ධ  ආයතනයකින් මට කැදවලා මොකක්ද හාමුදුරුවනේ මේ ඉස්ලාම් අන්තවාද,මොකක්ද සලබිසම් කියනේ මොකක්ද වහබ්වාදය කියන්නෙ කියලා මොනවාහරි කතා කරනකොට කියනවා අර ප්‍රශ්ණේ යට ගහන්න මේ ප්‍රශ්ණේ යට ගහන්න අරයගේ කොන්ත්‍රාත් එකක් මෙයාගේ කොන්ත්‍රාත් එකක් අවුරුදු විස්සක්ම මේක තමයි....

අපි ඉදලා මැරිලා යයි හැබැයි අපෙන් පස්සෙ එන දරු පැටවුන්ට සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් මේ දරුවන්ගේ ඔළුගෙඩි මත හෙන පුපුරන්න දෙන්න බෑ....''
✿යම් හෙයකින් රතන හාමුදුරුවෝ මන්ත්‍රී ධූරය දුන්නෙ නැත්තම් මම එහෙම එකඟවෙලා නෑ කියලා කිව්වොත් මොකද කරන්නේ....?
                         ''මේ කියන කාල සීමාවේදි ඕක දුන්නෙ නැත්තම් අවුරුද්දකින් දෙන්නම දෙකකින් දෙන්නම් කියනවනම් මගේ බල්ලවත් පාර්ලිමේන්තු යන්නේ නෑ මට ඕනෙත් නෑ....එහෙම තෘෂ්ණාවක් නෑ මගේ තියෙන්නෙ බලාපොරොත්තුවක් කඳුළු එනවා ඇස් වලාට මේ තොරතුරු තියාගෙන මේ කවුරු කවුරුත් කලේ දේශපාලනය අපි කලේ දේශපාලනය නෙවෙයිනේ...අපිට එහෙම උවමනාවක් තිබ්බානම් මීට කලින් එහෙනම් අපි මේව කරගෙන..කාගෙ හරි පක්ෂෙකට ගිහින් අපිටත් කට තියෙනවා ඕන පැත්තකට අඹරලා අරින්න පුළුවන්...එහෙම තැනක හිටියේ නෑ....

මේ කවුරු කවුරුත් ජාතිය පෙන්නලා වෙන වෙන game ගහලා ඒ ඇතුලේ ජාතිය අසරණ වෙන තැන් වලිදි කසේරුකාව හැදුවා ඒක තමයි මම පුරපු පාරමිතාව...''
✿ලියුමක් ඇරියා ජූලි 05 වෙනකල් බලනවා දුන්නොත් ගන්නවා නැත්තම් නිකං ඉන්නවද..?
                         ''ඔව්....ඒත් ඉතිං මේ ඇත්ත කතාව රටට කියන්න වෙනවා...''


✿හරි මම අහන්නේ දුන්නෙ නැත්තම් මොකද කරන්නේ...?
                                  ''දුන්නෙ නැත්තම් ගහගන්න බෑනේ....අපි හාමුදුරුවොනේ...ඒකනේ මමකිව්වේ යථාවාදී වෙන්න තථාකාරී වෙන්න ඒකනේ බුදු හාමුදුරුවන්ගෙ ආදර්ශය....අපි ගිහියෝ නෙවෙයිනෙ අපි හාමුදුරුවරු....අපි වචනයක් කිව්වානම් ඒ වචනෙට වගකියන්න ඕන...මොකක්ද අපි බොරු කියලා මේ සමාජයට සපයන ආධ්‍යාත්මික නායකත්වය එහෙම තක්කඩි ඉන්නවනම් ඒවා එක්කෝ සිඳලා බිඳලා දාන්න ඕන මොකද කාටවත් හැදෙන්න දෙන්නේ නෑනේ අවුරුදු 15ක් මෙයා පාර්ලිමේන්තු හිටියානේ...කරුණාකරලා යන්න කියන්න....''
✿කාටද මේ සරම් ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යවා ගන්න උවමනාව තියෙන්නේ...?
                           ''මොකෙක්වත් නෑ...මගේ පිටිපස්සේ මොකෙක් හරි ඉන්නවනම් මේක අරන් දෙන්න එපැයි මට..''
✿ආණ්ඩුව ඉන්නවා නේද පිටිපස්සෙන්....?
                   ''ආණ්ඩුවෙ උන් ඉන්නවා ඥානසාර හාමුදුරුවො එන එක වලක්වන්න....''
✿රතන හාමුදුරුවන්ගේ පිටිපස්සෙ කවුද එහෙමනම් ඉන්නේ....?
                              ''ඒවා හෙට අනිද්දට එළිවෙයි....කතාවක් තියෙනවනේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා...අපි කර්මය විශ්වාස කරනවනේ අපි වපුරපු විදිහට තමයි අස්වැන්න ලබන්නේ....ඔක්කොම හිතුවා අනේ ඥානසාර හාමුදුරුවෝ මන්ත්‍රීධූරයට ගහගනී අනේ අපි ගහගන්නේ නෑ....මොකද ඒක අවස්ථාවක් ඒක කවුරුහරි උදුරගන්නවනම් ඒකවැරදි...එච්චර අපි කැපකිරීම් කරලා මගේ නමට මන්ත්‍රීධූරය ලැබිලා එහෙමත් කැපකිරීම් කරලා මට මේක ඕන පොඩි දවසකට කියලා ඉල්ලා ඒකත් දීලා තව මොකක්ද කරන්න කියන්නේ...මම මේ විදිහට කතා නොකලොත්....අපිත් එක්ක කෝටිපතියෝ හිටියෙ නෑ මේ වැඩපිළිවෙල හදද්දි මැදපෙරදිග ගෙවල් වල දුක් විදින අම්මලා ඩොලර් 50 එවලා තියෙනව අපිට අපිට ඕනනම් උපරිම 10ක් 15 ක් ඉන්න ඇති උදව් කරන්න...

දවසට බණ 15ක් විතර කියලා තමයි ඒ  ලැබෙන දෙයක් ලබාගෙන ඒ දේවල් වියදම් කරලා තමයි මේ ජාතික වැඩ පිළිවල ගොඩනැගුවේ...අද වෙනකල් මමකියන ඕනම දඬුවමකට මම යටත් වෙනවා පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නනන් මොන ආණ්ඩුවකින් හරි එක රුපියලක් අරගෙන තියෙනවනම්...''
✿පහුගිය කාලේ ගියා මුස්ලිම් අන්තවාදින් ඔන්න ඇවිත් vat එක park කලා කියලා ඔන්න ඥානසාර හාමුදුරුවන්ගෙ කට වැහුවා සල්ලි දීලා දැන් ඥානසාර හාමුදුරුවන්ගෙ කටවැහුවා...දෙන්න පුළුවන්ද සහතිකේ මම සල්ලි අරගෙන නෑ මාව එහෙම සල්ලි වලට ගන්න බෑ කියන සහතිකේ දෙන්න පුළුවන්ද...?
                          ''මොකක්ද දඬුවම මොකක්ද කියන ඕනම දේකට මම මුහුණ දෙන්න ලෑස්තී...දැන් ඉන්නේ සමහර මැති ඇමතිවරු චන්ඩි පාට් දාගෙන file එකක් උඩ ගත්ත ගමන් පූස් පැටව් වගේ අපිට එහෙම ප්‍රශ්ණ නෑ...ඇදෙන්න file නෑ....එහෙම ඇදෙන්න file තියෙනවනම් මම පන්සලෙ චෛත්‍යක් හදාගන්නවනේ වඳින්න අඩුම තරමේ මම හෙට මලොත් මගේ මිනිය තියන්න ධර්ම ශාලාවක් නෑ මගෙ පන්සලේ අපි එහෙම කැපකීරීම් කරලා බොහොම පිවිතුරුව හිටපු නිසා තමයි අපිට වට්ටන්න බැරි උනේ...වැඩිපුර කතා කලාම කියනව කතා කලා වැඩි කියලා නිහඬවෙලා ඉන්නකොට

කියනව මොනවාහරි කුට්ටියක් දීලා කියනවා ඉතිං දෙයියනේ අපිත් මනුෂ්‍යයෝ අපි රහතන් වහන්සේලා නෙවෙයි අපිට විවේකයක් අවශ්‍යයි...දැන් රටේ නායකයෙක් පත් කලා වියත් මගක් තියෙනවා දැන් බහුතර ආණ්ඩුවක් මගේ අම්මේ බැලුවා ඉතිං දැන් අමෘතය පහල වෙයි හරි ලස්සන දේවල්නේ අපි කතා කෙරුවේ.....''

✿දැන් අමෘතය පහල වෙලාද....?
                       ''අපි ඒක තමයි ඒක දිහා බලන් ඉන්නවා දැන් බලන් ඉන්නබෑ වෙන දේවල්....අපෙන් අහනවා ඇයි හාමුදුරුවෝ පෝට් සිටි ගැන කතා කරන්නේ නැත්තේ පෝට් සිටි සල්ලි හම්බවෙලාද....අපි රටේ ජාතික සම්පත් විකුණනවාට විරුද්ධයි... මේ වාහන ගෙන්නනවා කියන එක සනාථ වෙලා තියෙනවනේ මන්ත්‍රීවරුන්ට...දැන් එතකොට කියනවා මේ වාහන ගත්තේ නැත්තම් ගෙන්නගත්තේ නැත්තම් බැංකුව blacklist වෙනවා...ගේන්න කලින් ඕක කල්පනා කරන්න තිබුනේ නැද්ද බබාලද මේ මොනාද මේ කුණුහබ්බ කතා....මේ අර galle face එක යට කරලා මේ පෝට් සිටිය හොඳද නරකද කියලා වෙනම කතා කරමු...මේ ගල් දාලා වැලි ගොඩවල් දාලා මේ ඔක්කොම බිම් මට්ටමට ගෙනාවට පස්සේද මේකට පනතක් ඕන...ගොඩ කරන්න කලින් සැලසුම් තිබ්බේ නැද්ද...

කවුද මේ රවට්ටන්නෙ අපි ඕක මැදට පැනලා මාධ්‍ය සාකච්ඡා තිබ්බා කියලා ඕක නවත්තනවද...අපි හිතමු මන්ත්‍රී ආසනේ අපිට තියෙන්නේ ඡන්ද 67000 යි...හැටඅට ලක්ෂයක්ම  පොහොට්ටුවටනේ ඡන්දෙ දුන්නේ එතකොට ඒ ඔක්කොම දේශද්‍රෝහීද...අනිත් එක රතන හාමුදුරුවන් මේ දවස් වල කතා කරන්නේ පොහොරනේ ඉතිං ජනාධිපතිතුමා එක්ක කතා කරලා උන්වහන්සේට පුළුවන්නේ පොහොර පිළිබඳ වැඩ පිළිවෙළකට නායකත්වය දීගෙන ඒක කලාම ඉවරනේ....''

✿ඔබ වහන්සේටත් බණක් භාවනාවක් කරගෙන ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝකියන්නේ ගොඩක් අය ඒක යට ගියා ඇත්තටම...රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් බෝධි පූජා කරන ඔබ වහන්සේ ගෝඨාභය මහත්මයා ඡන්ද හැටනම ලක්ෂයක් ගනිද්දි ඔබ වහන්සේ ගත්තේ හැට හත් දහසයිනේ රටෙන්ම ඔකට තව රංඩුවෙලා ගඳගස්සගන්නේ නැතුව  බණක් භාවනාවක් කරගෙන හිටියනම් හොඳ නැද්ද ඇත්තටම..?
                        ''අපිට  බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන් බෞද්ධයන් වෙනුවෙන්  අපිට ඒක කරන්න බෑ...මොකද අපේ අතීත මුතුන් මිත්තෝ එහෙම අවස්ථාවක් දීලා නෑ...අපෙ මුතුන් මිත්තන් අතට පත් වෙච්ච නිවන අතඇරියා ඊළඟ පරම්පරාවට නිවන් දකින්න...අපි මේ ඉන්නේ මිත්‍යාදෂ්ඨික බලවේග වලින් මහා සංස්කෘතික ඝාතක කල්ලිත් එක්ක හෙම්බත් වෙච්ච තැනක...එතනදි මම විතරක් විමුක්තිය හොයාගෙන යන එක ආත්මාර්ථකාමී...බුදුවරු එහෙම දේශණා කරලා නෑ...මහණ තොප මේ සාසනයේ අවසාන ශ්‍රාවකයා නොවන්න කියලයි ඉගැන්නුවේ....''

✿ගංගොඩවිල සෝම හාමුදුරුවො අපවත් උනාට පස්සේ ඒ හාමුදුරුවන් මතින් කී දෙනෙක් පාර්ලිමේන්තුවට ආවද...ඥානසාර හාමුදුරුවො ගියා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ වෙන වෙනස් මොකක්ද..?
                             ''මට ලොකු දෙයක් කරන්න බැරිවෙයි....හැබැයි මට එක ප්‍රශ්ණයක් තියෙන හැබැයි අපිගෙනගිය මතවාදය නිසා මේ සමාජය දෙකට උනා කියනවනේ සමාජ බෙදුම්වාදයක් ඇති උනා සමාජීය වශයෙන් ඇති වන බෙදුම්වාදය ඒක නීතිය ඇතුලේ ආර්ථිකය ඇතුලේ අධ්‍යාපනය ඇතුලේ සංස්කෘතිය ඇතුලේ හැමතැන්ම මේසමාජයක් අපෙන් වෙන්වීයන බව දැකලා වේදනාවෙන් කෑ ගහලා කිව්වා මාධ්‍ය හමු තිබ්බා දස දහස්  ගණනින් මිනිස්සු ගෙන්නුව හැබැයි ඔබ විශ්වාස කරනවද අදත් මට බැරි වෙලා තියෙනවනම් ජනාධිපත් තුමාගේ කාරක සභා තියෙනවා අවම තරමින් ඒ වගෙ තැනකවත් අපිට නියෝජනයක් නැත්තම් අපි එළයේ මාධ්‍ය සාකච්ඡා තියල වැඩක් තියෙනවද...

ගමේ උපාසක මහතලට කිව්වට වැඩක් තියෙනවද අපිට මැතිවරණ ව්‍යාපාර කරන්න අපිට සල්ලි තිබ්බෙනෑ...මම රුපියල් ලක්ෂයක්වත් වියදම් කලෙ නෑ...මේ මිනිස්සු වියදම් කෙරුවේ මට එහෙම වියදම් කරන්න සල්ලි නෑ...මේ ඡන්දෙ දුන්න එකෙක්වත් අපිට කියලා රස්සාවක් ගන්න බලාගෙන හිටියෙ නෑ..අපේ මේ ස්වාමීන් වහන්සේ මොකක් හරි ගිහන් කරයි කියල තමයි දුන්නේ...අපිට උවමනාව තියෙන්නෙ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චිකරලා කතා කරන්න තියෙන අවස්ථාව පාවිච්චි කරලා...මටනම් මේකේ අවුරුදු දෙක තුන ලගින්න ඕන නෑ...මට පැය තුනක් තිබ්බත් ඇති...මගේ අදහසක් නෑනේ 2022 ත් පාර්ලිමේන්තු යන්න.....''

✿ආයිත් මාස 6කටද යන්නේ...?
                               ''නෑ නෑ මම කියන්නේ මන්ත්‍රී ධූර දෙන්න අපිට....අපි හිතනවා අපේ භූමිකාව ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා....මේක බලලා අපේ උන් කියයි සාසනේ මරාගන්නව කියලා සාසනේද ආසනේ ද කියල කතා කරන්නකලින් බලපියව් මොනවද මේ හාමුදුරුවො අවුරුදු ගානක් කිව්වේ කියලා ඒ කිව්ව දේවල් උබලා වෙනුවෙන් උබලගේ දරුපැටව් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නයි මහන්සිය ගන්නේ එහෙම නැතුව මේ සාසන ආසන කතා ගලපගන්න එපා ගලපගෙන පව් පුරෝගන්නත් එපා කියල තමයි කියන්න තියෙන්නේ.....''

සාකච්ඡාව - චමුදිත සමරවික්‍රම