
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය හේතුවෙන් පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත ධීවරයින් පීඩාවට පත් වීම සම්බන්ධයෙන් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනුව ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු යන මහත්වරු පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙක් නම් කරනු ලැබ තිබේ.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මගින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval