doctor-hemantha-herath-media

මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් වී එන්නත විදීමේදී එන්නත් ලාභීන්ගෙන් දෙවැන්න එපා යයි ප්‍රකාශයකට සීල් එකක අත්සන් ලබාගැනීම පිළිබඳව ගැටලුවක් මතුවිය. එම සිදුවීම හැමතැනම වාර්තාවී තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදී  ආන්දෝලාත්මක ප්‍රශ්නය 
ගැන විමසීමක් කළ මාධ්‍ය වේදියාට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් දුන්නේ තවම එවැන්නක් ගැන තමා දන්නේ නැතැයි  “ලිස්සා යාමේ“ පිළිතුරකි. එසේම එවැනි නියෝගයක් කර නැතැයිද කීය.
මේ ගැන ඇමති කෙහෙළිය මුලදී කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුවත්භාවයකින් එවැන්නක් සිද්ධ වන බවයි.

වෛද්‍ය හේමන්ත හේරත් එය දන්නෙ නැතැයි කියා ඇති බව ඇමතිට කියූ විට ඇමති කියුවේ එය ඔහුදන්නා බවත් ඔහුගෙන්ම අසාගන්නා ලෙසයි.
මාධ්‍ය සාකච්ඡාව අතරතුර මහනුවර ස්පුට්නික් වී එන්නත් ලබාදීමේ අත්සන් ගැනීම් කාරණාව ගැන නැවත නැවත විමසීමට එක් මාධ්‍යෙව්දියෙකු පෙළැඹුන අතර මාධ්‍ය හමුව අවසන් කළ වෛද්‍යවරයා නැවත මාධ්‍යවේදීන් වෙත පැමිණ, “කෝ අර වීරයා”යනුවෙන් ප්‍රශ්නය විමසූ මාධ්‍යවේදියා වෙත යොමුවෙමින් “තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෙක් වෙන්න එපා…“යයි දන්වා ඇත.
පසුගිය කාලයේ මැරුම් කෑවේ “තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ …” යනුවෙන්ද ප්‍රකාශයක් කර ඇති අතර එම කතාව ඒ සමග සිටි මාධ්‍ය වේදියෙකු වීඩියෝගත කර ඇත.

මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පසුගිය කාලයේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ යැයි කියමින් මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන වීඩියෝවෙන් ජනමාධ්‍යවේදීන් මරාදැමීම සාධාරණය කරන සූත්‍රයක් නිර්මාණය කරන බවත් එම වෛද්‍යවරයා ජනමාධ්‍ය සමාජයෙන් සමාව ගැනීමට යොමු කිරීම සෞඛ්‍ය ඇමතිවරියගේ වගකීමක් බවත් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත යොමු කළ ලිපියක සඳහන් වේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලිගේ අත්සනින් යුතුව ජූනි 06 දිනැති එම ලිපියකින් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කර ඇත.

වෛද්‍ය හේරත් මාධ්‍ය වේදීන් වෙත පැමිණ සිදුකළ සංවාදයේ වීඩියෝව පහතින්
(වීඩියෝව - Lankanewsweb)