china-sinovac

'කොවිඩ් 19' වයිරසයට එරෙහිව, චිනය නිපදවා ඇති සිනොවැක් බයෝටෙක් ප්‍රතිශක්තිකරණ එන්නත එරට කුඩා දරුවන්ට ලබා දීමට චීන රජය සූදානම් වෙයි.  චීන රජය මෙසේ සූදානම් වෙන්නේ,  ‘සිනොවැක් එන්නත, හදිසි භාවිතයට සුදුසු බවත්, එය කුඩා දරුවන්ට ලබා දීම ආරක්ෂිත බවත්, චීන සෞඛ්‍ය බලධාරින් සහතික කර ඇති බැවිනි. සිනොවැක්  එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු සහ දෙවැනි සායනික අත්හදාබැලීම්වල දී අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන් සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණයක් ලබාදෙන බවට අනාවරණය වී තිබේ.




ඒ අනුව අවුරුදු 3 ත් 17 ත් අතර වයස කාණ්ඩවල පසුවන දරුවන්ට ඉදිරියේ දී සිනොවැක් බයෝටෙක් එන්නත ලබා දෙන බව චීන රජය නිකුත් කළ නිර්වේදනයක  දැවෙයි.  චීනයේ අවුරුදු 18 ට වැඩි අයට දැනටමත් සිනොවැක් එන්නත ලබාදෙන අතර මේ වනවිට එම එන්නත් මාත්‍රා මිලියන 723 ක් ලබා දී ඇති බව ද සඳහන්ය. “සිනොවැක්” එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක  සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.  චීනය නිපදවා ඇති දෙවැනි සාර්ථක එන්නත ලෙස මෙම “සිනොවැක්” එන්නත සැලකෙයි. චීනය නිපදවූ පළමු සාර්ථක ‘කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ‘සයිනෝෆාම්'ය.