dambulla-vegetable-price-hike

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (20) රාත්‍රී 10.00ට ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු
ප්‍රමාණය මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට
වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.



දිවයින පුරා එළවළු වගා කල ගොවින් නිෂ්පාදන දඹුල්ලට රැගෙන විත් තිබු අතර රාත්‍රී කාලයේම
ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට අවසර ලබාදී තිබුණා. ලැබෙන එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක්
පැවතීමත් සමග ඉහල මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (21) පෙරවරු වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබුණි.

බෝංචි 280ත් -300ත්, ගෝවා 150ත් 160ත්, අමුමිරිස් 150ත් 200ත්, ලීක්ස් 140ත් - 160ත්, දඹල
150ත් -160ත්, කරවිල 280ත් -300ත් , කැරට් 140ත් - 150ත්, වට්ටක්කා 35ත් - 45ත්, මාළුමිරිස්
280ත් - 300ත්, පිපිඤ්ඤා 80ත් - 90ත්, වම්බටු 140ත් -150ත්, මෑ කරල් 150ත් - 160ත්, ලීක්ස්
140ත් - 160ත්, පතෝල 80ත් - 100ත්, වැටකොළු 120ත් - 140ත්, එළබටු 200ත් -
220ත්, නෝකෝල් 90ත් - 110ත්, මුරුංගා 300ත්, කැකිරි 100ත් - 105ත් අතර මිලකට .....

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් කියා සිටියේ මෙයාකාරයෙන් එළවළු මිල වැඩි වී ඇත්තේ එළවලු
සදහා ඉහල ඉල්ලුමක් පවතින නිසා බවය. මීට වඩා වැඩි මිලකට සිල්ලරට එළවළු කිලෝවක් පාරිභෝගිකයන්ට
ලබා ගැනීමට සිදුව තිබෙයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් කියා සිටියේ එළවළු රැගෙන
ගොස් සිල්ලරට අලවි කිරීම ඉතා අපහසු බවයි. එනිසා ඉතා සීමිත ප්‍රමාණයක් රැගෙන යන බවද ඔවුන්
පවසා ඇත.



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් එළවළු මිල
ඉහළ යෑම සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ සාමාන්‍ය පරිදි පසුගිය කාලය පුරා එලවලු මිල ඉහළ
යෑමේ තත්ත්වය උදාවී තිබෙන බවය. පිට පළාත්වලින් පැමිනෙන වෙළෙන්දෝ හැකි ඉක්මනින් එළවළු මිල දී
ගෙන පිටත්ව යෑම මිල ඉහළ යෑම සඳහා තවත් හේතුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)