covid19-death-reporting

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොරෝනා මරණ වාර්තා කිරීම අවිධිමත් ආකාරයට සිදුකිරීම නිසා තීන්දු තීරණ ගැනීමේදී පැහැදිලි අදහසක් ගැනීමට අවස්ථාව නොලැබීම ගැන පසුගිය සතියේ පෙන්වා දෙන ලදි.


මේ ගැන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා කියා සිටියේ මේවා ‘අසාමාන්‍ය‘ මරණ නිසා කල්ගතවන බවයි.
නමුත් වැඩිදුර සොයා බැලීමේදී මෙම මරණ වාර්තා කිරීම නිසි කලට සිදු කිරිමට හැකියාව තිබුණත් එයට අදාළ යාන්ත්‍රණය පිළිවෙලකට සකසා නොතිබීම නිසා සන්නිවේදන ප්‍රමාදයන් ඇතිව තිබෙන බව දැනගන්නට ලැබේ.
පසුගිය දිනවල සියය ඉක්මවා මරණ ඇතැම් දිනවල තහවුරු කළත් පසුව බලද්දී ගොඩ ගසාතිබෙන පරණ දත්ත එලෙස නිකුත්වූ අතර මරණ නිසි කලට ගණනය නොකර ප්‍රසිද්ධ කිරීමේ නිලධාරියාගේ හිතුමනාපයට ලැබෙන පරිදි නිකුත් කරන ස්වරූපයක් දිස් විය.
කොරෝනා මරණ සිදුවූ අයගේ වයස හා ගම මුලදී වෙනවෙනම නිකුත්කළත් පසුව ඒවා ගොඩ ගසා වැඩි විස්තර නැතිව සාරාංශ ලෙස පමණක් ඉදිරිපත් විය.
ඊයේ ජුනි 13 කොරෝනා මරණ තවම වාර්තා කර නැති අතර දැන් වාර්තාවන්නේ මෙම මරණ වාර්තාකරණයේ වෙනසක් නිසා එය ප්‍රමාදවී ඇති බවයි.


අද (ජූනි 14) සිට කොවිඩ් මරණ වාර්තා කිරීමේදී ගතවුණු පැය 48 හෝ 24 තුළ සිදුවන සියලු ම මරණ ඒ
දිනයේ දී ම වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ අතර මාධ්‍ය වෙත දන්වා තිබේ.
"මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ, සියලු ම සමස්ත රෝගීන්.
අපි අද දින සිට මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන, ඒ දිනයේදී දිනයක් ඇතුළත සිදුවන මරණ සියල්ලයි."