
කොරෝනා ආසාදිතව මියගිය 79 හැවිරිදි මුස්ලිම් කාන්තාවකගේ මළ සිරුරක් හැටන් සිට ඔට්ටමාවඩි සුසාන භූමිය වෙත භූමිදානය සඳහා රැගෙන යමින් සිටියදී ඒ සඳහා ආරක්ෂාව සැපයීමට මළසිරුර රැගත් වාහනයට
පසුපසින් ගිය වෑන් රථය හැටන්-ගිනිගත්හේන මාර්ගයේ 59 කි.මී. කනුව අසළදී ලිස්සා පෙරළී යාමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි අද (5) උදෑසන වාර්තා විය.
වාහනයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මියගොස් ඇත.
වෑන් රථයේ ගමන් කළ පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු කොස්තාපල් වරයෙකු සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු හා රියදුරුද තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් පසු වෙනත් වාහනයක් ආරක්ෂාවට යොදවා මළ සිරුර රැගෙන යාමෙන් පසු අදාළ භූමිදාන කටයුතු සිදු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval