covid-deaths-analysis

කොරෝනා ආසාදිතව ශ්‍රී ලංකාවේ මියයන සංඛ්‍යා ලේඛන ප්‍රමාදවී තහවුරු කිරීමත් දත්ත ගොනු නොකර විසිරුණ ආකාරයට ඉදිරිපත් කිරීමත් නිසා දවසකට මියයන ගණන හඳුනාගැනීමේ අපහසුතාවයක් පවතී දිනකට මියයන ගණන වෙනුවට ‘එදිනට අනුමත කරන්නට හැකිවූ ප්‍රමාණය‘ ගැන අදහසක්  පමණක් එම වාර්තා වලින් ඉදිරිපත් වේ.
මෑතක සිට ඒ ඒ දිනවල මියයන අය ගැන වැඩි විස්තර හෙළි නොකර දින අනුව බෙදා බොහෝ පැරණි සංඛ්‍යාලේඛන  ඉදිරිපත් කරන ස්වරූපයක්ද පවතී. මෙම ස්වභාවය වැඩිපුර හඳුනාගන්නට ලැබෙන්නේ ලොක්ඩවුන් ආරම්භවූ කාලයේ අතරමැද ජුනි 01 වනදා පමණ සිටය. මෙම ඉදිරිපත් කිරීමේ ක්‍රමය අනුව පැරණි සංඛ්‍යාලේඛන සති ගණන් පමාවී අලුත් කෙරේ. එක්තරා මට්ටමක මරණ ගණනක් පමණක් අනුමත කිරීමක් පවත්වා යන අයුරුද විද්‍යාමානවේ.


 දැනට  ලබාදී ඇති තොරතුරු අනුව පසුගිය මැයි 15 සිට ඊයේ ජුනි 09 දක්වා මියගිය අයගේ සංඛ්‍යාලේඛන නැවත වගුගත කරන්නට අපි උත්සාහයක නිරතවීමු. ඒ අනුව මැයි මාසේ 17 හා මැයි මාසේ 19 දෙදින තුළ මරණ 61 බැගින් මේ වනවිට තහවුරු කර තිබේ. මැයි 20 මරණ 59 කි. මැයි 31 මරණ 54 කි. ජූනි මාසේ යාවත් කාල කිරීම් ප්‍රමාද නිසා පසුගිය සතිවල මරණ නිවැරදි දැනගන්නට හැක්කේ ඉදිරි දිනවලදීය.
මෙම සියල්ල ඇසුරින් මැයි 16-31 සැලකුවොත් දිනෙක සාමාන්‍ය අගය මරණ 43 කි. සමස්ථය සැලකීමේදී දිනෙක සාමාන්‍ය අගය මරණ 38 කි.



වගුවල වම්පස දින යනු නිවේදන කළ දිනයි. වගුව මුදුනේ දින මරණ සිදුවූ දිනයි
වගුවල වම්පස දින යනු නිවේදන කළ දිනයි. වගුව මුදුනේ දින මරණ සිදුවූ දිනයි