
සංචරණ සිමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ shangri la තරු පහේ හෝටලයේ සාදයකට සහභාගී වීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ. එම දර්ශනවල පිරිස හෝටලයට එන අයුරු හා පසුව පොලිසිය පැමිණ වැටලීම කළ අයුරු දර්ශනය වේ.
එම උපන්දින සාදය සංවිධානය කර තිබුනේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහයි.
මෙම සාදය හෝටල් කාමරයක සූදානම් කරද්දී හෝටලයම පාළු ස්වරූපයක් ඉසිලූ අතර හෝටල් බලධාරීන් එතැන සිදුවන්නේ කුමක්ද යන්න පහසුවෙන් අවබෝධ කළ හැකි පරිසරයක් තුළ එයට අවසර දී ඇති අයුරු සීසීටීවී දර්ශන වලින් වැඩිදුර අනාවරණය වේ.
එම වීඩියෝව පහතින්,
Comments
Post a Comment
Your comment will be visible after approval