පහත පළවන්නේ එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ අදහස්දැක්වීමකි.
 
මේ මැති ඇමතිවරු වාහන ගැන කියන කතා බලන්නකො.. දැන් අපි දැක්කා නාලක ගොඩහේවා මහත්තයා කියනවා එයා කියනවා ඉඳගෙන කටේ තොලේ නොගෑවී කියනවා ජනතාවට කියනවා   ඇමතිවරු ගැන ක්‍රෝධයෙන් බලන්න එපා අපිට වාහන තුනක් තිබ්බට අපේ වාහන දෙකක් විතර කැඩිලාලු.. බලන්න කොච්චර මන්ත්‍රීවරු ඉන්නවා බස් එකේ මන්ත්‍රීවරු ඉන්නවා..

නාලක ගොඩහේවා වගේ අයට උත්තර දීල තිබුණා අපි දැක්කා තරුණ තරුණියෝ.. බස්වලින් එනවා. ලංකාවේ පාර්ලිමේන්තුවට බස් එකේ එන්නේ එක්කෙනයි කියලා තමයි කොල්ලො කෙල්ලො කියන්නෙ. ඒ අර බන්ධනාගාර  බස් එකෙන් එන චොකා මල්ලි මන්ත්‍රීවරයා විතරයි බස් එකෙන් එන්නේ. වෙන කවුද බස් එකෙන් එන්නේ කියලා කියනවා කෝ බලන්න. බන්ධනාගාර බස් එකෙන් එන්නේ අර චොකා මල්ලි මන්ත්‍රීවරයා විතරයි. ඒ නිසා වෙන එකෙක්වත් වෙන කවුරුවත් බස් වල එනවා පේන්නේ නෑ .




අනික් අපි අහන්නේ දැන් බස් වල එන එක නිකං ඒක ලැජ්ජාවට කාරණයක්ද. මොකද බස් වල ආවයි කියලා  ඔගොල්ලොන්ගේ තට්ටම් වල කරගැට එනවද? මේ රටේ නෙමෙයි මේ හිඟන්නො වගේ ඒක එකාගේ පස්සෙන් හිඟා කන්න යන රටේ මේ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු නෙමෙයිද. මේ සල්ලි තියෙන රටවල් වල සංවර්ධිත රටවල් වල යුරෝපා රටවල් වල මන්ත්‍රීවරු ,මැති ඇමතිවරු එනවා කෝච්චියේ. පත්තර බල බල  කෝච්චිය එනවා. බස් වල එනවා .ජර්මනිය වගේ රටවල් වල එංගලන්තේ වගේ රටවල් වල ප්‍රංශ වගේ රටවල උන්ට හීනමානයක් නෑ .මේකයි වෙලා තියෙන්නේ .මේයලාට හීනමානයක් තියෙනවා .

මේයලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නෙ, එහෙම නැත්නම් මේක ජනතා නියෝජිත වෙලා තියෙන්නේ මේකට දේශපාලන කරන්න ඇවිල්ලා තියෙන්නෙ, මේගොල්ලෝ හීනමානය නැති කරගන්න. උන්ට හීනමානයක් තියෙනවා. යකෝ ඡන්දෙ ගන්න ඔය බස් වල යන මිනිස්සු ළඟට ගිහිල්ලා තමයි හතර අතේ වැටි වැටි දණ ගගා වැඳ වැඳ බොරු කිය කිය නයි පෙන්න පෙන්න මිත්‍යාව වපුරව වපුරව මිනිසුන්ව රවට්ටලා චන්දි ගත්තේ.

දැන් චන්දි ගත්තට පස්සේ කියනවා අපිට බස් වල යන්න බෑනෙ. අපිට බස් වල යන්න වෙලා තියෙනවනෙ කියලා. ඉතින් බස්සලා යමල්ලාකෝ. දැන් වෙලා තියෙන්නෙ මුන්ට බස් වල යන්න බෑ .දැන් බස් වල ගියොත් එහෙම මුන්ව දැක්කොත් එහෙම මිනිස්සු අල්ලගෙන ගහනවා. බස් වල යන්න බැරි ඒකයි. මේගොල්ලන්ට වාහන ඕන කරන්නේ මිනිසුන්ට නොපෙනෙන විදියට යන්න වාහන ඕන කරන්නෙ එක දෙයක් තමයි මේ ගොල්ලොන්ට මිනිස්සු ඉස්සරහට යන්න බැහැ .මිනිස්සු එක්ක ඉන්න බැහැ.මුනව උස්සන් ගිහිල්ලා ගඟේ මුහුදේ දානවා. මතක තියාගන්න මිනිස්සු බලාගෙන ඉන්නෙ ඒකට උස්සගෙන ගිහිල්ලා ගඟේ මුහුදේ දාන්න.




ඒ නිසා මෙන්න මේ වගේ අපි කියන්නේ අපිට ක්‍රෝධයක් නෑ මහත්තයෝ .මොන පිස්සුද .අනේ අපිට නම් කිසිම ක්‍රෝධයක් නෑ ,වෛරයක් නෑ තමුන්නාන්සේලා ගැන. තමුන්නාන්සේලා ඔන හැබැයි ගන්න වාහනයක් ගන්න ඔය රථ ගාය නැති කරගන්න ඕනෑ වියදමක් කරන්න  තමුන්නැහේලගේ සාක්කුවෙන්. තමුන්නැහේලගේ  සාක්කුවෙන් ඕන දෙයක් වියදම් කර ගන්න. තමුන්නැහේලගේ  සල්ලි ගෙනල්ලා ඕන වාහනයක් ගෙන්න ගන්න. v 8 නෙමෙයි ,ජෙට් එහෙක ගියත් කමක් නෑ. හැබැයි තමුන්නාන්සේලාගේ සල්ලි වලින්. මේ රටේ ජනතාවගේ සල්ලි ගන්න හදන්න එපා. මේ රටේ ජනතාවගේ සල්ලි මේ රටේ ජනතාවගේ බදු මුදල් මේ බිලියන පහක් නෙමෙයි, අපි කියන්නේ රුපියල් පහක් වුණත් වියදම් කරන්න ඕන මේ වෙලේ මේ රටේ ජනතාව මුණ දීලා තියෙන මේ වසංගත තත්ත්වයෙන් මිදෙන්න. එකට උවමනා කරන එන්නත් ටික ගන්න. ඒකට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ගන්න .

ඒවාගේම වසංගතයෙන් නිසා මිනිස්සුන්ගේ ජන ජීවිතයේ කඩා වැටිලා තියෙන මිනිසුන්ට අවශ්‍ය කරන ඒ ආධාර ලබා දෙන්න. සුභසාධනය ලබා දෙන්නටයි අවශ්‍ය කරන්නේ මිනිසුන්ට මුදල් .ජනතාවගේ මුදල් වියදම් කරන්න ඕන එකට .ඕගොල්ලන්ගේ මුදල් ඕගොල්ලන්ගේ ගෙවල් විකුණලා හරි කමක් නෑ එහෙම නැත්නම් මැදමුලන කෑල්ලෙන් කෑල්ල විකුණලා හරි කමක් නෑ ඕගොල්ලො සල්ලි හරි හොයාගෙන ඕගොල්ලන්ගේ සල්ලි හොයාගෙන ඕගොල්ලො සල්ලි වියදම් කරලා වාහන එකට දහයක් ගනිල්ලා. එකට කිසිම ප්‍රශ්නයක් නෑ .ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේදී මේ ආණ්ඩුව ඉතාම ලැජ්ජා සහගත විදියට ලැජ්ජා සහගත විදියට මේ රටේ ජනතාව නොමඟ යවමින් එක පැත්තකින් නොමඟ යවලා බලයට පත් කරගත්තා ආණ්ඩුවක්,

ඒ වගේම ඒ නොමඟ යවමින් ආණ්ඩුව ගෙනියන්න තමයි මේ උත්සාහ කරන්නේ ආණ්ඩුව ඉදිරියට යාමට උත්සාහ කරනවා .ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේ දී මේ ආණ්ඩුව තවදුරටත් ආණ්ඩුවට බලය තුළ සිටිමට කිසිදු සුජාතභාවයක් නෑ .ඒ නිසා මේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි කියන කාරණය අපි දිගින් දිගටම  මතු කරනවා.