
මැයි මස 12 වනදා ලංකාවෙන් බැහැරට ගිය බැසිල් රාජපක්ෂ මහතා මාසයකුත් දින 12 කට පසු අද (24) නැවත ලංකාවට පැමිණියේය.
සිය පුද්ගලික කටයුත්තක් සඳහා ඇමරිකාව බලා ඩුබායි හරහා ගොස් සිටි ඔහු නොමැතිව සිටි කාලයේ ඔහුගේ නම බොහෝ මාධ්‍ය තුළ විවිධ කතා බස් වලට විෂය විය.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි බවත්, දැන් ජනතාවට සහනයක් හිමි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා තියා තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ගුවන්තොටට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් ලන්සා මහතා ඒ බව කියා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval