කසිප්පුයි බැටරි ඇසිඩුයි මාරු වි ගරාජ් බාස් මරුට

Ad Code

කසිප්පුයි බැටරි ඇසිඩුයි මාරු වි ගරාජ් බාස් මරුට


ලොරි රථයක බැටරිය අක්‍රියවිම නිසා බැටරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩ් පෙවි  මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 


මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු වන ගරාජ්බාස්වරයෙකි. හදිසිමරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වන ලදි.

ලොරි රථයේ බැටිරි ඇසිඩි මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇත. මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත. බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත. නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් ඇත. වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.

(ජේ.කේ.එල්. චාමින්ද)




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu