
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ගිනිගැනීම හා මුහුදුබත්වීමේ සිදුවීමෙන් පසු කැස්බෑවන් 6 දෙනෙකු සහ එක් ඩොල්ෆින් සත්ත්වයෙකු සමග මුහුදුජීයීන් විශාල ප්‍රමාණයක් මියයාමේ අවාසනාවන්ත තත්වයක් වාර්තාවේ.
ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්ට මුන්ගේ සිරුරු වෙරළ ගොඩගසමින් පවතින බව වාර්තා වෙයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශකාරී අම්ල සහ විෂ රසායනිකයන් ගණනාවක් ප්‍රවාහනය කරමින් තිබීමත් එම විස සාගර ජලයට මුසුවීමෙන් පසු සතුන්ට ආහාරයට ගැනීමෙන් හා පෙවීයාමෙන් මෙම ඉරණම අත්ව තිබේ.
මියගිය ඇතැම් සතුන්ගේ මුඛය, කරමල් සහ උදරය ආශ්‍රිතව ප්ලාස්ටික් හා රසායන කැට තැන්පත් වී ඇති බව වාර්තා වී තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval