
ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු ක්‍රමයට ඇද ගැනීමේ අරමුණින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වලට සේවා සඳහා ගෙවීම් වැනි දේ කරද්දී ඩොලර් මුදල් භාර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
මෙම ගැසට් පත්‍රය විදේශ විනිමය පනත යටතේ මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දකි. එයට අනුව සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් එවැනි ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර ලබාදී ඇත.
එසේ පිළිගත් මුදල් ගෙවන දින සිට දින හතකට නොඅඩු ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක තැන්පත් කිරීම අවශ්‍ය බවද එහි දැක්වේ.
එක්සත් ජනපද ඩොලරය ශ්‍රී ලංකාවේ වෙළඳ මුදල් හැටියට මේ තාක් භාවිතා නොවුණි. ඩොලර් සන්තකයේ තිබේ නම්, ඔබට සාප්පුවකට ගොස් ඩොලර් වලින් ගෙවිය නොහැක.
කෙසේ වෙතත්, මේ දක්වා හෝටල්වලට විදේශිකයින්ගෙන් (විදේශ ගමන් බලපත්‍ර හිමියෙකුගෙන්) විදේශ මුදල් භාර ගන්නට අවස්ථාව ලබාදී ඇති නමුත් ශ්‍රී ලාංකිකයෙකු නම් අවස්ථාව හිමිවී නොතිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval