
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑත දී සංචාරය කර ඇති පුද්ගලයන් සිය රටවලට ඇතුළුවීම සිංගප්පූරුව හා ඉතාලි රජය විසින් තහනම් කරනු ලැබ ඇත මෙම තහනම පනවා ඇත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්ථානය යන රටවල සංචාරය කර ඇති පිරිස් සඳහා බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.. සිංගප්පූරුව කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බළකාය විසින් ඊයේ (02) සිට බල පැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇත.
ඉකුත් දින 14 ඇතුළත ලංකාව ඇතුළු මෙම රටවල සංචාරය කළ අයට සිංගප්පූරුවට පැමිණීම ඊයේ (02)සිට තහනම් වේ. සිංගප්පූරු බලධාරින්ගේ පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබාගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියයි. බංග්ලාදේශය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අයට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කර ඇති බව සිංගප්පූරු කෝවිඩ් 19 බහු අමාත්‍යාංශ කාය සාධක බළකාය කියයි.
මේ අතර ඉතාලිය ද ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තහනම් කර ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. ඉකුත් 29 වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක කර ඇතැයි එම තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
තිළිණි ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval