
අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02ක පමණ කාලයක් තිස්සේ නිවෙසට ආගිය තරුණයකු ඇයගේ නංගි සමග හොර රහසේ පලායාමේ සිද්ධියක් මහනුවර වෙළම්බඩ පොලිසියෙන් වාර්තා වේ.
මව මේ ගැන වෙළම්බඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු නිවෙසින් පලාගිය තරුණිය හා තරුණයා සොයාගෙන තරුණයාගේ මව සහ පියා ද පැමිණිලිකාර කාන්තාව ද පැමිණිලි විභාගය සඳහා පොලිසියට කැඳවනු ලැබ සිටියහ.පැමිණිල්ල විභාග කරනු ලැබුවේ වෙළම්බඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත සුදසිංහ මහතා විසිනි.පැමිණිල්ල විභාග කරන අවස්ථාවට අක්කා පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කියති. අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02කෙපමණ කාලයක් තිස්සේ නිවසට ආ ගිය අවස්ථාවේ ඇයගේ නංගි සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. තමා විවාහවීමට පොරොන්දු වී සිටි තරුණියගේ නංගි සමග හොර රහසේ පලාගොස් විවාහ වූ බව තරුණයා පැමිණිලි විභාගයේදී පවසා ඇත. මෙමඒ බව ඔප්පු කිරිමට තරුණයා විවාහ සහතිකයද ඉදිරිපත්කර තමන් ඇයත් සමග හොඳින් පවුල් කන බව ද පොලිසියට පවසා තිබිණි. මෙම පැමිණිලිකාර මව හඬමින් පොලිස් ස්ථානයෙන් පිටව යද්දී අලුත බැඳපු මනාල යුවළ සතුටින් ඉපිලෙමින් පොලිසියෙන් පිටව ගිය බව ද පොලිසිය කීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval