seruwila-thera-passed-away

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය වැළඳීමෙන් අපවත්වී ඇතැයි වාර්තාවේ.





අක්මාවේ ආබාධයක් නිසා ශල්‍ය කර්මයකට මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගිය උන්වහන්සේ එම රෝහලේ දී ප්‍රතිකාර ලබා පසුව ශල්‍යකර්මයට සූදානම්ව සිටන අතර තුර කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා විය.

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවසන්නේ ලොකු හාමුදුරුවන් අනපේක්සිත ලෙස ඉන්දියාවේ දරුණු වසංගතයට බිලිවූ බවය.

කොරෝනා තත්ත්වය නිසා දේහය මෙරටට වැඩම කරවීම අවිනිශ්චිත බවද ශිෂ්‍ය හිමිවරු පවසති.