මොරටුව නගරයේදී ඊයේ (27) සිදු කරන ලද එන්නත් ලබාදීමේ ක‍්‍රියාවලියේදී නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියටද අපහාස කරමින් ඉතාමත් අප්‍රසන්න ආකාරයෙන් කටයුතු කළේය.
අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කිරීමෙන් පසු


මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අද (28) උදෑසන ගල්කිස්ස පොලිසියට පැමිණ භාරවූ බව වාර්තාවේ.
මොරටුව ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ බලහත්කාරයෙන් කටයුතු කරමින් තමන්ගේ පිරිසකට එන්නත ලබාදීම වෙනුවෙන් වෛද්‍ය නිලධාරිනියකගේ රාජකාරියට බාධාකිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ රාජකාරියට බාධා කරමින් පිළිකුල් සහගත ලෙස හැසිරුණු මොරටුව නගරාධිපති වහා අත්අඩංගුවට ගත යුතු බවත් ආණ්ඩුවේ එන්නත් දේශපාලනීකරණය පිළිකුල් සහගත ලෙස හෙලාදකින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මීට ඉහත නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනයගේ රාජකාරියට බාධා කිරීම හා ඇයට තර්ජනය කිරීමටත් අපහාසයට ලක් කිරීමටත් එරෙහිව මොහු උසාවියට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.